බලපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් රවීන්ද්‍ර ලසන්තට හා එහි කාර්මික නිළධාරීවරයාට එරෙහිව බරපතල දූෂණ චෝදනා ගණනාවක් බලපිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු විසින් පලාත් පාලන කොමසාරිස් වෙත දන්වා යවා තිබේ.අවුරුදු පහලොවක් පමන කාලයක් සේවා ස්ථාන මාරුවීමක් නොලබා බලපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා වශයෙන් අඛන්ඩව සේවය කිරීමට අවස්ථාව ලැබීම විමතියට කරුණක් බව මෙහිදී එම මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.රජයේ සේවකයන් සම්බන්ධයෙන් වූ ආයතන සංග්‍රහයේ සඳහන් වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙම ලේකම් වරයාට ස්ථාන මාරුවීම් ලබා නොදීම දකුණු පලාත් පාලන කොමසාරිස්වරයා විසින් සිදුකර ඇති ඉතා බරපතල වරදක් බව දකුණු පලාත් පලාත් පාලන අමාත්‍යංශ තොරතුරු මගින් පැවසේ.
බලපිටිය ප්‍රාදේශීය සභාවේ දැනට සේවයේ නිරත කාර්මික නිළධාරීවරයා දූෂිතයෙක් බව සඳහන් කරමින් යහපාලනය සමයේ පැවති ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් කළ ඉල්ලීමකට බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් ස්ථාන මාරු කොට යවන ලද නමුත් ඉතා කෙටි කාලයකදී නැවත ඔහුට බලපිටිය ප්‍රාදේශීය සභාවට පත්වීමට ඉඩප්‍රස්ථාව සැලසී තිබේ.මේ වනවිට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාත් කාර්මික නිළධාරීවරයාත් එක්ව පාරවල් කොන්ත්‍රාත් කරුවන් සමග මහා පරිමාණයෙන් මුදල් ගසා කෑමක නිරත වන බව අනාවරණය වෙමින් තිබේ. පාරවල් කොන්ත්‍රාත් වලින් දූෂිතව උපයාගන්නා මුදලින් කොටසක් දකුනු පලාත් පාලන කොමසාරිස්ටත් බැර වෙන බවටද ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර සැකයක් පවතී.මෙකී දූෂිත ගණුදෙනු නිසා ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට ස්ථාන මාරුවීමක් නොලැබෙන බවද තතු දන්නෝ පවසති
කෙසේවෙතත් පොලීස් විශේෂ බුද්ධි ඒකකය මගින් පොලිස් මූලය වෙත යොමු කර ඇති රහස්‍ය තොරතුරු වාර්තාවක මෙම ප්‍රාදේශීය සභා ලේකම් වරයා දැඩි ස්ත්‍රී ලෝලියකු බවත් මොහුගේ අනියම් බලපෑම නිසා ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩල සේවිකාවන් හතරදෙනෙකු මේ වනවිට සේවයට වාර්තා නොකරන බවත් සදහන් කර තිබේ .වැඩිදුරටත් එම පොලිස් තොරතුරු රහස්‍ය වාර්තාවේ සභා ලේකම් වරයා කාර්මික නිළධාරීවරයා සමග සිදු කරන වංචා දූෂණ ගනනාවක් සඳහන් වේ. ලබන වර්ෂයේ ජනවාරි රාජ්‍ය සේවක ස්ථාන මාරුවීම් වලදී ප්‍රදේශීය සභා ලේකම් වරයා ස්ථාන මාරු කොට යැවීමට අපේක්ෂිත නමුත් දකුණු පලාත් පාලන කොමසාරිස්වරයා දකුණු පලාත් ආණ්ඩුකාරවරයා නොමග යවමින් මෙම ස්ථාන මාරුවීම අත්හිටුවීමට කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස