උණුසුම් පුවත්

ගෝඨාභය තවත් පාස්කු ප්‍රහාරයේ වැනි ජාතිවාදී ප්‍රහාරයකට……?

Spread the love

පාස්කු ප්‍රහාරය පෙන්නා රට කරවීමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මේ වන විට හැට ලක්ෂයක තම ඡන්ද ඡන්දදායකයින් පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ම එපා වී හමාරය එදා යහපාලන ආණ්ඩුවේ පැවති දුර්වලතා වලට මුවා වී රටේ ජනතාවට අසීමිත පොරොන්දු කන්දරාවක් සහ බොරු ගොන්නක් ගැටගසා බලයට පැමිණි රාජපක්ෂලාගේ ඒකායන අරමුණ නැවත  පරම්පරාගත බලලෝභී දේශපාලනයක් බව මේ වන විට ලොකු කුඩා සෑම අයකුටම පසක් වී හමාරය. සහරාන්ලා පාස්කු ප්‍රහාරයට පෙර බුදු පිළිම වලට එල්ල කළ ප්‍රහාරයක් ඒ පිළිබඳව එදා මුලින්ම අසාත් සාලි ,කබීර් හෂීම් වැනි මුස්ලිම් දේශපාලන නායකයින් යහපාලන ආණ්ඩුවට පෙන්වා දුන් නමුත් ඒ පිළිබඳ නිසි විමර්ෂණයක් සිදු නො කිරීමේ ප්‍රතිඵලය අන්තවාදී සහරාන් ත්‍රස්තවාදියෙකු එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර තුළින් 350ක පමණ අහිංසක ජීවිත අහිමි වීමය. අද එවැන්නකට මුල පුරමින් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජෙනරල් සලේ ගේ නායකත්වයෙන් තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට අර අදින බව  අපගේ තොරතුරුකරුවන් මේ වන විට අප වෙත වාර්තා කරමින් සිටී මීට පෙර අවස්ථා ගණනාවකදී ද අප ජනතාවට අනතුරු අඟවා ඇත. ඒත් මේ පිලිබදව අපි කරුණු කීමේදි  රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්  පොලිස්පතිවරයාට වහාම ලංකා දවස පුවත්පත සහ පුවත්පතේ කර්තෘ වරයා පිළිබඳව විමර්ශනයක් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් යවා ඇති බවද අපි ඉතා හොඳින් දනිමු. ත්‍රස්තවාදීන්ගේ යුද්ධයෙන් හෝ තමාගේ බලය තහවුරු කරගැනීම රාජපක්ෂ ලාගේ කාලකන්නි නින්දිත අරමුණ බව අපි පුන පුනා කියා සිටින්නේ රටේ  සිංහල ,දෙමළ ,මුස්ලිම් සියල්ලම එකාමෙන් මෙවැනි අවස්ථා කදී එකට එක්ව බලලෝභී  දේශපාලනයේ යෙදෙන ගෝඨාභයගේ මෙම නින්දිත දේශපාලනය නවතා දැමිය යුතුය.   එසේ නොවුනහොත් අනාගතයේදී මිනිසුන්  දස දහස් ගණනින් මරා දමන ආසියාවේ හිට්ලර් කෙනෙකු  බිහිවන බව අප රටේ ජනතාවට අනතුරු අඟවන්නේමු . පසුගියදා  මාවනැල්ල බුදු පිළිමයට ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇත්තේ රටේ සිංහල ජනතාව කෝප කරවා නැවත ජාතිවාදී වියසනයක් රට තුළ ගොඩනගා ගැනීමටය. රටේ  සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එකා මෙන් මේ අවස්ථාවේ බුද්ධිමත්ව  කටයුතු කොට මෙම ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව සොයා බලා වහාම පාලකයින් පිළිබඳ අවබෝධයක් ලබාගෙන රටේ සහජීවනය ඇති කර ගත යුතුය.  මේ සියල්ලම පිටුපස  සිටින්නේ එදා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ද සහාය වූ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජෙනරල් සලේ බව අප  වෙත ඕනවටත් වඩා තොරතුරු ලැබෙමින් ඇත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like