උණුසුම් පුවත්

ලොක්කෝ එක්වී ITN කොරෝනා පොකුරක් හදලා.

Spread the love

නත්තල වෙනුවෙන් සෑම රූපවාහිනී නාලිකාවක් පාහේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එලෙසම ස්වාධීන රූපවාහිනී නාලිකාවත්  (ITN ) නත්තල වෙනුවෙන් සාදයක් පැවැත්වූවා. ඊට සංගීත ලබා දීමට පැමිණ සිටි ඔක්ටපෑඩ් වාදක ශිල්පියා උත්සවය පුරාම සිය රාජකාරී ඉටු කළා. වැඩසටහන් නිෂ්පාදකවරුන් මෙන්ම සේවකයින් සමග එක්ව නත්තල් සතුට බෙදා ගැනීමටත් ආයතන පරිශ්‍රය තුළදීම ඔහු කටයුතු කළේ සාමාන්‍ය පිළිවෙතට අනුවයි. මෙලෙස ස්වාධීන රූපවාහිනී සේවකයින් සමග ඉතා කිට්ටුවෙන් සිටි ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊට පසුදින සිදුකළ PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඔහුට පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන්ද කොරෝනා ආසාධිතයින් බව මේ වන විට තහවුරු වී ඇතැයි වාර්තා වනවා.
එම තොරතුරු ස්වාධීන රූපවාහිනී පරිපාලනය දැනුවත් වී ඇත්තේ මෙම ඔක්ටපෑඩ් වාදක ශිල්පියා මුහුණුපොතේ (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ 26 වැනිදා යෙදූ සටහනක් සමගින් බව සදහන්. මේ අනුව සේවකයින් පිරිසක්ද ඔහුගේ ප්‍රදේශයේ PHI මහතාගෙන් එය තහවුරු කරගෙන තිබෙනවා. මේ අනුව වහාම එම උත්සවයට එක්වූ පිරිස ස්වයං නිරෝදායනය කිරීමට හා මැදිරිය විශබීජ හරනයට කටයුතු නොකර ස්වාධීන රූපවාහිනී බලධාරීන් වහාම එම මුහුණු පොතේ (Facebook) යෙදූ දැනුවත් කිරීම වහාම ඉවත් කර ගන්නා ලෙසයි එම නිලධාරියාට පවසා ඇත්තේ. එතනින් නොනැවතී මෙම අමනෝඥ ස්වාධීන රූපවාහිනී බලධාරීන් මෙය ගනන් ගත යුතු නැතැයි පවසා සේවකයින් සුපුරුදු ලෙස රාජකාරියේ යොදවමින් සිටිනවා. මෙම ආසාධිතයා සිටි වායු සමීකරණය (AC) කළ මැදිරියේ වෙනත් ආරාධිතයින් ගෙන්වා වැඩසටහන් සිදුකරනවා. ඒ කොරෝනා සෞඛ්‍ය නීති බල්ලට දමමිනුයි. එමගින් නීතිය බල්ලට දැමීම නොව අප මතු කරන්නේ සමස්ථ සේවකයින්ගේ ජීවත පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිතත් අවධානමට ඇද දමන අතර ආරාධිතයින්ගේ ජීවිතත් අනතුරේ හෙලීමයි. පවතින වත්මන් තත්වය සමගින් ස්වාධීන රූපවාහිනී (ITN) කොරෝනා පොකුරක් නුදුරේදීම මතු නොවනු ඇතැයි කීමට කිසිවෙක්ට බැහැ. මේ අතර විවිධ පැණි කොරෝනා මඩින බව පවසමින් එළිදැක්වීම මේ දිනවල සුලබ කරුණක්. දෙරෙණ ලෙස ප්‍රසිද්ධ නාලිකාව ධම්මික පැණිය හඳුන්වාදීමේ පුරෝගාමී වුණා. පැණි හදුන්වාදීමෙන්වත් එම නාලිකාව සමගින් කරට කර සිටිය යුතු බව සිතූ ස්වාධීන රූපවාහිනී ලොක්කෝ දේශීය වෙද්දු සොයා ගියා. එහි ප්‍රතිඵලය වූයේ ගංජා පැණිය ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ එලියට ඒමයි. එහි සේවකයින් ගංජා සදහා වැඩි කැමැත්තක් දැක්වීම නිසා ඉතා පහසුවෙන් මෙම පැණිය ලබාදීමට හැකි බව බලධාරීන් සිතුවාද කියන්න දන්නේ නැත. කෙසේ වෙතත් අවසානයේ පරීක්ෂණාගාර මීයන් පිරිසක් බවට ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාවේ වත්මන් සේවකයින් පත්වීම කණගාටුවට කරුණක් බව බොහෝ දෙනා පවසනවා. ඒ මෙවන් දේශීය පැණි ඔස්සේද අතුරු ආභාධයන් මතුවිය හැකිවීම නිසාවෙනුයි. වකුගඩු අකර්මණ්‍ය වීම ඒ අතර ප්‍රධාන වනවා. අප මේ දේශීය වෙදකම හෑල්ලු කරනවා නොව ඒ මුවාවෙන් බඩ වඩා ගන්නා පිරිසක් ඇති බව හා මතුවෙමින් ඇති ගැටලු මතක් කිරීමක් පමණක් බව සලකන්න. ඒ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වන තුරු නොයිදීම සඳහායි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like