මේ රගපෑම කරන සියලුම දෙනා නටවන්නෙ ආන්ඩුව බව තේරුම් ගත යුතුය. ආන්ඩුව නන්නත්තාර වී ඇත. ගෝඨාභය රාජපක්ෂ කිසිදු විටක මෙවැනි මරාලයක් වනු ඇතැයි නොසිතන්න ඇත. සිතුවා නම් මේකට කරගහන්නේ නැත.
දැන් ගෝඨාභය පත් කල අයට සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අපහසුවක් ඇත. රාජ්‍ය සම්පත් විකිණීම හෝ කොමිස් ගැහීම කල නොහැකි නම් ඒවා කර ගැනීමට අවශ්‍ය වටවටපිටාවක් සකස් කල යුතුය.
ඊට හොදම දේ සංවේදී මාතෘකා කිහිපයක් කරලියට ගෙන ඒමයි. ඒකේ කොන්ත්‍රාත් එක බාරදෙන්නේ රජයට හිතවත් කට්ටියමයි. දැන් පාරට බැහැලා voice cut දෙන්න පුලුවන් අය දාලා මිනීවලලන එකට එක උද්ඝෝෂණයක්. පළාත් සභා එපා කියලා තව උද්ඝෝෂණයක්. ඒ වගේම කාල්ටන් නිවසේ තිබූ බණකට නඩු.
මේ සියල්ලම මූලිකත්වය ගන්නේ රාජපක්ෂ නිකායේ භික්ෂූන්වහන්සේ වීම විශේෂත්වයකි.
ජනතාව තේරුම් ගත යුත්තේ මේ ජනතාවට හෝ රටට ආදරයෙන් කරන දෙයක් නොව රටේ ඇතිවී තිබෙන ආර්ථික මලගම සහ සමාජ සෝදාපාලුවෙන් ජනතාව ගේ අවධානය වෙනත් අතකට යොමුකිරීමට කරන රගපෑමක් බවයි.
මේ සියලුම දෙනාට අවංකව උවමනාවක් තිබුනා නම් මේ විරෝධතා ආරම්භ කල යුතු වූයේ PB ජයසුන්දර පත් කරන විට හෝ අමාත්‍ය මණ්ඩලය පත් කරන විටයි.
එම නිසා මේ නාට්‍ය රගපෑමට අවධානය යොමු නොකර ආණ්ඩුව කරන අනීතික ජාතික සම්පත් විනාශයට අවධානය යොමු කරන්න.
මෙම නාඩගම අවසානයේදී සිංහල මුස්ලිම් ගැටුමක් මලමිනී නිසාද සිංහල දෙමළ ගැටුමක් පළාත් සභා නිසා ද නිර්මාණය කිරීමට නියමිතයි.
ඒ වාගේම අලිසබ්‍රි ගේ පිහිටෙන් ඉස්ලාමීය අන්තවාදී තර්ජනය මුදාහැර ඇති බැවින් ඊලග අන්තවාදී ප්‍රහාරය සැලසුම් කරමින් ඊට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට ආන්ඩුව කටයුතු කරනවා විය හැකිය.
අවසානයේදී ජනතාවගේ මලමිනී මතින් ගොඩයන්න හදන රාජපක්ෂලා ගේ මලමිනී ජනතාව ගොඩගසනු ඇති.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස