සාමය හා සංහිඳිියාවට අදාලව එෆ්බී හි සිංහල බසින් පෝස්ටු හා කමන්ටු දමන ගිණුම් හිමියන් බ්ලොක් කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් එෆ්බී කාර්ය මණ්ඩලයේ සේවය කරන සිංහල ජාතිකයන් විසින් සිදු කරනු ලබයි.සිංහල භාෂාවෙන් ගිනුම් පවත්වාගෙන යන උග්‍ර ජාතිවාදීන්ගේ ගිනුම් බාධාවකින් තොරව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාමට මෙකී එෆ්බී සිංහල කාර්ය මණ්ඩලය උදව් උපකාර කරන බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ
එෆ්බී සිංහල කාර්ය මණ්ඩලය විසින් ඉතා සියුම්ව හා කුමන්ත්‍රණකාරීව සිදු කරන මෙම ක්‍රියාව නිසා මානව වර්ගයා අතර සාමය හා සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින ලියන හා කියන එෆ්බී ගිනුම් හිමියන් විශාල සංඛ්‍යාවකගේ ගිණුම් තහනමකට ලක් කර තිබේ.මෙය ඇමරිකානු ව්‍යවස්ථාපිත නෛතික ක්‍රියාදාමයට පටහැනි බරපතල වරදකි.එෆ්බී කාර්ය මණ්ලයට අයත් සිංහල ජාතිකයන් විසින් සිදු කරන මේ වරද වහා නිවැරිදි කරන ලෙස ඉල්ලම්.එෆ්බී කාර්ය මණ්ඩලයට සම්බන්ධව සිටින මෙකී ජාතිවාදී සිංහල අයවළුන් පිළිබදව වහා විමර්ෂනයක් කරන ලෙසද ඉල්ලා සිටිමි
මෙකී සිදුවීම සත්‍යයක් බව තහවුරු කිරීමට ලොකුලියන කීර්තිිි නම් එෆ්බී ගිණුම හිමි මවිසින් උග්‍ර ජාතිවාදී එෆ්බී ගිණුම් හිමියකුට එරෙහිව සාමය හා සංහිඳියාවේ වැදගත් කම ඉස්මතු කරමින් දැමූ කමන්ටුවට මාගේ එෆ්බී ගිණුම පැය විසිහතරකට තහනම් කොට තිබේ .එහෙත්ම ඉහත කී උග්‍ර ජාතිවාදී ගිණුම් හිමියාට සිය ගිනුම කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ සලසා දී තිබේ. මවිසින් ලියන ලද කමන්ටුව මෙහි ඇමිණුමක් වශයෙන් වේ.
එෆ්බී කාර්ය මණ්ඩලයට අයත් උග්‍ර සිංහල ජාතිවාදින් විසින් කුමන්ත්‍රණ කාරීව ගෙන යන මෙම පිලිකුල් සහගත නහීන ක්‍රියාව වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස එෆ්බී කළමණාකරන විධායක ගෙන් ඉල්ලමි
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස