උණුසුම් පුවත්

සිවිල් ආරක්ෂක බළකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් නැමැති පට්ට හොරා  හෙට (27 ) සිට සතොස සභාපති කිරීමට යයි….

Spread the love

තමන්ට හමුදාව නොමැතිව රට ගෙනියන්නට නොහැකි යැයි සිතන මානසික හීනමානය ඇති ගෝඨාභය  සිවිල් ආරක්ෂක බළකායේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් නමැති  69 වයසැති  නාකි හම්පඩ පට්ට හොරා හෙට දින සිට සතොස සභාපතිවරයා වශයෙන් පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ අපගේ තොරතුරුකරුවන් කියා සිටී.

ගෝඨාභය රාජපක්ෂ මෙරට  69  ලක්ෂයක   ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූයේ තරුණයින්ට රට සැදීමට ඉඩ දෙන නව යුගයක් කරා  සෞභාග්‍යය දැක්ම නැමැති පොතක් මුලට දාගෙන ය .එහෙත් අද රාජපක්ෂ වටේ සිටින්නේ එක් පසෙකින් ශ්‍රී ලංකාවේ ධනය මහ මුහුදෙන් හොරාකාපු නිස්සංක සේනාධිපතිය තවත් පසෙකින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඔළු ගෙඩි වලට  “කොම්බුව “දමා මී හරකුන් කළ දෙරණ අයිතිකරු දිලිත් ජයවීර, ටෙලිකොම් සමාගමේ සභාපති රොෂාන් ප්‍රනාන්දු ලා වැනි පට්ට හොරු රැලක් පිරිවරාගෙනය .මහින්ද චින්තනය ආසියාවේ ආශ්චර්යය ,සෞභාග්‍යය දැක්ම, නැමැති විවිධාකාර නම්වලින් රැගෙන ආවේ එකම දෙයකි .එනම් ඔවුන්ගේ පවුල්වලට රටේ ධනය හොරා කෑමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමටය. දෙරණ සහ හිරු නැමැති නින්දිත මාධ්‍ය තුළින් රටේ ජනතාවගේ ඔළු ගෙඩි විකෘති කරමින් බලය ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.   සිවිල් ආරක්ෂ බලකායේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි මොහු දූෂිතයෙකු බව කියා ඉවත් කළ ආනන්ද පීරිස් නැමැති සිවිල් ආරක්ෂක බලකා භට වරියන්ගේ පහස  ලබමින් ,බ්‍රිගේඩියර් ජයසේකර වැනි අයවලුන් යොදවා ගංජා වවමින් නොයෙකුත් ආකාරයේ නීති විරෝධී දේවල්සිදුකළ පුද්ගලයා හෙට දින (27 ) සිට සතොස බාර දෙන්නේ රටේ ජනතාවගේ  රටේ ජනතාවගේ සිරිමාට උලා කෑමට ය .   මේ කිසිවක් ගණන් නොගෙන එවැනි පට්ට හොරු දිගින් දිගටම පත් කරමින් රටේ ධනය සූරා කෑමට ඉඩ සැලසීමෙන් රටේ අසරණ දුප්පත් අහිංසක ජනතාව තව තවත් පීඩාවට පත් කරන නිසාම වගකිවයුතු පුවත්පතක් වශයෙන් අපට නිදා සිටිය නොහැක.

මේ පිළිබඳව දැඩි අවධානය යොමු කොට  හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් නමැති  69 වයසැති ගොබිලා  ගේ පැටිකිරිය ඕන මටත් වඩා අප පිටු ගණන් හෙළි කර ඇති හෙයින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට හැකියාව ඇත.රටේ ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරන සතොස වැනි ආයතනයකට මෙවැනි පට්ට දූෂිතයෙකු නම් සභාපති වශයෙන් නම් නොකිරීමට ජනාධිපතිවරයා වගබලාගත යුතු නොවේද…?

අප මොහු ගැන ලියූ පහත ලිපි කියවන්න

https://www.lankadawasa.com/%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b7%e0%b6%a7%e0%b6%ba/?lang=si

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like