ශ්‍රී ලoකා ටෙලිකොම් යනු ඕනෑම ආකාරයකට මුදල් ගසා කත හැකි රටේ ප්‍රමුඛ පෙළේ ආයතනයකි.
වරක් තිලoග සුමතිපාල එහි සභාපති වී නව බිල්පත් ක්‍රමයක් හඳුන්වා දී එයින් කෝටි ගණනක් උපයා ගත්ත්තේය.
ඉන්පසු මයිත්‍රිපාල සිරිසේන තම සහෝදරයා එහි සභාපති ධුරයට පත් කොට ඇති තරම් හම්බ කරන්නට අවස්ථාව උදා කර දුන්නේය.
දැන් එහි සභාපති වරයා වන්නේ තවත් කම්බ හොරෙකු වන රොහාන් ප්‍රනාන්දුය.
ඔහුගේ බිරිඳ වන්නේ අමුණුගම හිටපු අමාත්‍යවරයාගේ දියණියක වන වරුණි අමුණුගමයි.
ඇය දිලිත්ගේ ට්‍රයි ඇඩ් ප්‍රචාරණ සමාගමේ පාට්නර්ය.
දිලිත්ගේම දෙරණ ගොඩ දමන්නට වෙළෙඳ දැන්වීම් ගේන්නේ ට්‍රයි ඇඩ් හරහාය.
ගෝඨාබය බලයට ගෙන ඒම සඳහා ට්‍රයි ඇඩ් හා දෙරණ ජාලය විශාල පක්කාලි සේවයක් කරන ලදී.
රොහාන් ප්‍රනාන්දු තම බිරිය හා දිලිත් සැනසීම සඳහා ටෙලිකොම් මුදල් කෝටි ගණනක් ට්‍රයි හරහා දෙරණ ජාලයට විවිධ ව්‍යාපෘති හා දැන්වීම් සඳහා ලබා දී ඇති අයුරු ලංකා දවසට වාර්තා වේ.
ටෙලිකොම් සභාපති වීමට කලින් රොහාන් ප්‍රනාන්දු තේ අපනයනය කරන්නන්ගේ සoගමයේ සභාපති හා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂක වරයකු ලෙස සේවය කළේය.
ඒ අවදියේ ඔහුගේ මූල්‍ය අක්‍රමිකතා හා දූෂණ ගැන තේ මණ්ඩලයේ සභාපතිවරයාම හෙළිදරව් කළ නමුත් යහපාලන ආණ්ඩුවේ හිතවතකු ලෙස කටයුතු කළ රොහාන් එම චෝදනා වලින් නිදහස් විය.
ඉන්පසුව ඔහු යූ ටර්න් එකක් ගනිමින් තම බිරියත් සමඟ ගෝඨාට කඩේ යන්නට පටන් ගැනීම නිසා ටෙලිකොම් සභාපති ධූරයට පත් කරනු ලැබීය.
පසුගිය මාස නවය තුළ ටෙලිකොම් ශුද්ධ ලාභය රුපියල් බිලියන 7 ක් බව කියවුණද දෙසැම්බර් මාසයේ ටෙලිකොම් සේවකයන්ට බෝනස් ගෙවීම සඳහා බව කියමින් හැටන් නැෂනල්, සම්පත් හා කොමර්ෂල් බැoකු වලින් රුපියල් මිලියන 1,500 ක් ණයට ගැනීමට රොහාන් කටයුතු කළේය.
එයින් මිලියන 1000 ක් කනිෂ්ට සේවකයන්ගේත් මිලියන 500 ක් ඉහළ නිලධාරීන්ගේත් බෝනස් ගෙවීම සඳහාය.
මේ අතර තවත් කෝටි ගණනක් වැය කර ජනවාරි පළමු වෙනි දින සිට මෙතෙක් භාවිතා කළ ටෙලිකොම් ලෝගෝව වෙනස් කිරීම තම බිරිඳගේම ට්‍රයි ඇඩ් වෙත පවරා දී ඇත්තේ සේවක වෘත්තීය සමිති වල දැඩි විරුද්ධත්වය මතය.
මේ වසර තුළ රොහාන් තම බිරියගේ ට්‍රයි ඇඩ් හරහා හා කෙළින්ම ඇයගේ ව්‍යාපාර සගයා වන දිලිත් ගේ දෙරණට මිලියන 55 ක ටෙලිකොම් අනුග්‍රාහකත්ව සපයා තිබේ.
මිලියන 100 ක වෙළෙඳ දැන්වීම් ලබා දී ඇත.
මුඛ ආවරණ වෙනුවෙන් මිලියන 25 ක්ද, දෙරණ සුපර්ස්ටාර් වෙනුවෙන් මිලියන 5 ක්ද, දෙරණ බස් පුස්තකාල ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 20 ක්ද, මේ අතර වේ.
සාමාන්‍යයෙන් දෙරණ ජාලයට මසකට ටෙලිකොම් වෙතින් ලබා දෙන දැන්වීම් සඳහා මිලියන 6 ක් වෙන් කරනු ලබයි.
බිලියන 7 ක ලාභයක් පෙන්වුවත් ටෙලිකොම් මේ වන විට බිලියන ගණනක පාඩු ලබා ඇති බවත් පෙන්වා දෙන ටෙලිකොම් සේවකයෝ මෙසේ දෙරණ ජාලයට පමණක් තම බිරිය හරහා ටෙලිකොම් සමාගමෙන් ලබාදෙන කෝටි ගණන් මුදල් හා තවත් ගැරිලි හේතුවෙන් සිරිසේනගේ සොහොයුරා කා දමා ගිය ටෙලිකොම් ආයතනය රොහාන් විසින් වළපල්ලටම අරිනු ඇතැයි පවසති..
තවත් මෙවැනිම ගෝඨා පත්කළ ජරා පප්පෙකු වන නුරාඩ් පෙරේරාද සීනි මගඩිය හේතුවෙන් නත්තලට පෙරදින සතොස සභාපති ධූරයෙන් නෙරපා හරින ලදී.
සතොස ගොඩ ගන්න නුරාඩ් එළෙව්වා නම් ටෙලිකොම් ගොඩ ගන්න රොහානුත් වහා එළවිය යුතු බව ටෙලිකොම් සේවකයෝ පවසති.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස
