උණුසුම් පුවත්

ලංකාවේ අන්තවාදි සංවිධාන වල “ගෝඩ්ෆාදර් මේජර් ජනරාල් සලේ “සමඟ පාස්කු ප්‍රහාරයේ ” සාරා “ගේ ගමන් මඟ…….!! (විඩියෝ සහිතයි )

Spread the love

මිනිමරා බලයට පැමිණෙන පාලකයින්ගේ එකම අරමුණ තම බලයත් සමඟම පසු ගිය කාලයේ සිදු කළ සියල්ලම මහපොළොවට යට කිරීමය,   ඊට එරෙහිවීම ජීවත්  වෙන සෑම පුරවැසියෙකුගේම යුතුකමකි .

 රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක  මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳව ඉතිහාසයේ බොහෝදුරට යන චරිතයකි.  අපේ විමර්ශනයේදී ගවේෂණාත්මකව සොයාගත් තොරතුරු අනුව 2005 වසරේදි කරළියට පැමිණෙන සුරේෂ් සලේ   බුද්ධි අංශයට එකතුව ජාත්‍යන්තර බුද්ධි සම්බන්ධීකරණ නිලධාරියෙක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කටයුතුවල නිරතව සිටියේය.  පසුව ඉන්දියාවේ සියලුම බුද්ධි අංශ සමඟ කටයුතු කරන සුරේෂ් සලේ රෝ සංවිධානය සමග ඉතා සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගනී.

ආරක්ෂක අමාත්‍යාංශය වැටුප් ගෙවමින්…….

ශ්‍රී ලංකාවේ යුද්ධයට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගේ තොරතුරු ලබා ගැනීම සඳහා කර්නල් මුතාලිෆ්  විසින් සාදා ගන්නා ලද බුද්ධි තොරතුරු රැස්කිරීමේ ජාලයට මුස්ලිම් දෙමළ තරුණයන් දෙසීයක 200 පමණ පිරිසක් මඩකලපු ප්‍රදේශයෙන් බඳවා ගෙන ඔවුන්ට ආරක්ෂක අමාත්‍යාංශය වැටුප් ගෙවමින් තිබුණි.

මුතාලිෆ් ගේ කිට්ටු අධීක්ෂණය යටතේ එම තරුණයන් විසින් එල්.ටී.ටී.ඊ විස්තර යුධහමුදාවට ලබාදීමට ඔහු කටයුතු කලේය. පසුකාලීනව මුතාලිෆ් ගේ මරණින් පසුව එම ඔත්තුකරුවන් සියල්ලම සුරේෂ් සලේ ගේ යටතට පවරා ගැනුනි. අතරවාරයේදී ගෝඨාභය රාජපක්ෂගේ ඉතාම හිතෛෂී පුද්ගලයෙකු බවට පත්ව ඇත. එහිදී  සලේ ගේ සියලු කටයුතු සහ රාජකාරිය සීමා වන්නේ රාජපක්ෂ පරම්පරාවට පමණි. නමින් සුරේෂ් සලේ මුස්ලිම් ජාතිකයෙකු වුවත් ඔහු මැලේ ජාතිකයෙකි.

ඔහු අදහන්නේ රාජපක්ෂලා පමණි. වෙනත් ආගමක් ඔහුට නැත.  ඒ අනුව දිගින් දිගටම රාජ්‍ය බුද්ධි අංශ කටයුතු කරමින් සලේ විසින් රාජපක්ෂලාගේ බලය ගිලිහී යන විටත් යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි විටත් නැවත රාජපක්ෂලාව බලයට ගෙන ඒමට සුවිශාල විනාශයක් කල අයෙකි.

අන්තගාමි ත්‍රස්ත සංවිධානවල ගෝඩ්ෆාදර්…….

එහි දී ලංකාව තුළ එතෙක් බිහි වූ සියලුම අන්තගාමී සංවිධාන සියල්ලම බිහිකළේ සුරේෂ් සලේය . ඒ නිසාම ලංකාවේ බිහිවු සියළුම ගණයේ අන්තවාදී කල්ලි සහ සංවිධාන වල ශ්‍රි ලංකාවේ අදවන විට ඇති අන්තගාමි ත්‍රස්ත සංවිධානවල ගෝඩ්ෆාදර් ඔහුය.අප නොබියව ප්‍රකාශ කරන්නේ ඔහුගේ ඇති සම්බන්ධතාවය ඉතා හොඳින් අප වෙත ලැබී ඇති නිසාය. යාපනයට යන සුරේෂ්  සලේ  යාපනයේ යුද්දෙන් පසු ඇතිවන සාමකාමි ජනජීවිතය දෙදර වීමට  අවශ්‍ය පසුබිම සකස් කරමින් යුද හමුදා කඳවුරු කීපයකම අවස්ථා ගණනාවක දී පුද්ගලයින් රැස් කරමින් මොහු  සංවිධානයක් බිහි කොට යාපනය නැගිට්ට වීම ඉතාමත් සූක්ෂමව සිදුකරමින් දකුණේ ජනතාවට චකිතය ඇති කරවමින්  රාජපක්ෂලාගේ බල කදවුර ශක්තිමත් කරවීමට තරම්  තීක්ෂණ බුද්ධිය පාවිච්චි කළේය.

“ආවා”……..

ඒ අනුව “ආවා” නමින් සංවිධානයක් සකස් කොට ඒ තුළින් පුද්ගලයින් අමානුෂික භීෂණයට සහ පහරදීමට ඝාතනයට ලක් කිරීම තුළින් දිගින් දිගටම  රට අස්ථාවර බවට වාර්තා සැපයීය.

හමුදා ට සහ පොලිසියට පහර දුන් සාමාන්‍ය ජන ජීවිතය අඩාල කළ බොහෝ අවස්ථා වල දී ඒ පිළිබඳ සියලු වාර්තා සපයමින් ජනමාධ්‍ය උසි ගන්වමින් මාධ්‍ය තුල මවා පෑ සියල්ල තුළින් ගොඩනැගුවේ ගෝඨාභය රාජපක්ෂ චරිතය ලංකාවේ රාජ්‍ය නායකයා විය යුතු බවයි.2015 වසරේ යහපාලන ආණ්ඩුව තිබියදීත් සලේ රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කලේය. තව්හිත් ජමාත් සංවිධානය් මුස්ලිම් වරුන්ට එරෙහිව මෙන්ම බෞද්ධ ජනයාට එරෙහිවද විවිධ විනාශයන් සිදු කලේ සලේ ගේ ආශිර්වාදය ඇතිවය.

ගෝඨාභය රාජපක්ෂගේ අනුමැති……..

තව්හිත් ජමාත් සංවිධානයට මුදල් ලබාදීම  ඉතාම සූක්ෂමව  ආරක්ෂක අමාත්‍යංශයේ ඇති බුද්ධි තොරතුරු කරුවන් වෙනුවෙන් ලබා දිය හැකි අසීමිත මුදල් කන්දරාවෙන් අත දිග හැර මුදල් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතියෙන් සුරේෂ් සලේ විසිනි.  තව්හිත් ජමාත් සංවිධානය සහ ඊට බැඳුණු සියලුම සංවිධාන වලට ද අනෙක් පසින් බොදු බල සේනා, සිංහල රාවය, සංවිධානය වැනි අන්තගාමී සහ ජාතිවාදී සියලු සංවිධානවලට අත දිග හැර මුදල් ලබා දෙමින් ඒ හා ඒ සියල්ලම එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරමින් සමාජය බෙදවීම ඔහු ගේ යටි අරමුණ විය. 

මුස්ලිම් පල්ලි ,වලට ප්‍රහාරයක්……

ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන, ක්‍රිස්තියානි පල්ලි, හ මුස්ලිම් පල්ලි ,වලට ප්‍රහාරයක් එල්ල කිරීමටත් මාවනැල්ල බුදු පිළිමය වැනි සිද්ධස්ථාන වලට පහර දීමටත් සහරාන්ගේ කණ්ඩායම තුළින් සියල්ල ඉටුකර වීමට මඟ පෑදුවේ සුරේෂ් සලේ විසිනි. ඒ තුළින් ඔහු ජාතිවාදය මතු කිරීමටත් එහි අවසානය ගෝඨාභය නමැති වීරවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා විය යුතු බවට ජනතාව තුළ ඉතාම පැහැදිලි මතයක් නිර්මාණය කිරීමේ පුරෝගාමියා වූයේ මේජර් ජෙනරල් සුරේෂ් සලේය.

 2015 වසරේ යහපාලන රජය බලයට පත් වුවත් මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති සම්බන්ධතාවය තුළින් සලේට කිසිදු ගැටළුවක් නොමැතිවම පවතින රාජ්‍ය බුද්ධි අංශය තුළ කටයුතු කිරීමට හැකියාව ලැබිණි. ඊට උදව් වූයේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්  නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ සහයෝගය ද නොඅඩුව ලැබුණි.

නාලක සිල්වා අත්අඩංගුවට…….

මේ අතරවාරයේදී සහරාන්  තව්හිත් ජමාත් සංවිධානයේ කටයුතු කරමින් සිටියදී ත්‍රස්තවාදී මර්ධන ඒකක යේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට සහරාන් ලා ගේ  ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව  සියලුම තොරතුරු ලබා ගැනීමට හැකි විය.  පොලිසිය එම විමර්ෂණයේදී වහාම මැදිහත්ව නතර කිරීමට මෛත්‍රි ගෙන් නියෝග ලැබී තිබුණි. මෛත්‍රිපාල සිරිසේන දැනුවත් කරමින් ලස්සන තවත් නාටකයක් නිර්මාණය කළේය ඒ නාටකය සඳහා නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා වශයෙන් සහයෝගය ලබා දීමත් සමගම නාමල් කුමාර  තුළින් නාලක සිල්වා අත්අඩංගුවට පත් විය.

සුරේෂ් සලේ ගේ උවමනාවට නිලන්ත ජයවර්ධන……

නාලක සිල්වා අත්අඩංගුවට පත් වන්නට සහරාන් හෂීම් සමග සියලුම දෙනා  අත්අඩංගුවට පත්වීමට නියමිතව තිබුණි ඒ වන විට සිසිර මෙන්ඩිස් වැනි නිලධාරීන්ට කොළේ වසා  සූක්ෂමව මෛත්‍රිපාලට සියලු තොරතුරු කණට දැම්මේ සුරේෂ් සලේ ගේ උවමනාවට නිලන්ත ජයවර්ධනය.  ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මෛත්‍රී පාර්ශ්වය විසින් නාලක සිල්වා අත් අඩංගුවට ගැනීමට නියෝග කරමින්  නාලක සිල්වා අත් අඩංගුවට පත්විය. ඉතාමත් සූක්ෂම ලෙස  ඒ සියල්ල සිදුකළේ ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ පූර්ණ සහයෝගය ඇතිවය.

 . 2016 වසරේ දී මෛත්‍රිපාල සිරිසේන නැවත වතාවක් මහින්ද රාජපක්ෂ ඔක්තෝබර් මස අගමැතිවරයා වශයෙන් පත් කිරීමත් සමගම ඒ වනවිට ශ්‍රී ලංකාවෙන් පිටතට ගොස් සිටි සලේ එදින රාත්‍රි කාලයේ දී ම ගුවන්තොටුපලින් ලංකාවට පැමිණියාය.  නැවතත් ක්‍රියාත්මක සහරාන්ලා එක්වරම ගෝඨාභය වෙනුවෙන් සියලු වැඩ කටයුතු සිදු කිරීමට එකඟව ඉදිරි පියවරවල් තැබුවාය ඒත් සමගම වහාම   මැලේසියාවට ගිය සලේ ඉන්පසුව මැලේසියාවේ දී අවස්ථා කීපයකදීම  ඉන්දියාවේ  තමිල්නාඩුව තුළ සති ගණනක් ගත කරන කාලයෙන් පසුව නැවතත් මැලේසියාව ටත් යමින් බොහෝ සම්බන්ධකම් පැවැත්වීමට ඉන්දියාවේ රහස් තොරතුරු සංවිධාන දෙකක් සමග  සලේ විසින් එම සම්බන්ධතාවය ගොඩ නගා ගත් බවට තොරතුරු ඇත .

  තව්හිත් ජමාත් සංවිධානයේ  අබ්දුල් රාසික් ප්‍රධාන පිරිස ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සුවිශේෂී වූ වැඩ කොටසක් ඉටු කරමින් තිබුණි. මෙහිදී මුස්ලිම් පල්ලිවලට හා කතෝලික දේවස්ථාන වලට බෞද්ධ විහාරස්ථාන වලට පහර දෙමින් තිබුණි. බොහෝ ප්‍රදේශවල ජාතිවාදය ඇවිස්සීමේ නිරතව කටයුතු කර ඇති බව අප වෙත වාර්තාවේ.

අබ්දුල් රාසික් පුලස්තිනී පැහැරගෙන….

2019 වසරේතවුෆික් ජමාත් සංවිධානයේ සහයෝගයෙන් සහරාන් හෂීම් සහ හස්තුන් නැමති  යන පුද්ගලයින් ඉතාමත්ම හොදින් තමාගේ ත්‍රස්තවාදී කටයුතු  කරන අතරවාරයේදී  හස්තුන්පෙම්වතිය වශයෙන් සිටි  පුලස්තිනී මහේන්ද්‍රන් පාසල් ශිෂ්‍යාව පැහැරගෙන යන්නේ තව්පික් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික්ය.  පුලස්තිනී පැහැරගෙන ගොස් සඟවා තබාගන්නේ තමාගේ කොළඹ පිහිටි කාර්යාලය තුළ ය.

  ඒ  පිළිබඳව ඩකලපුව පොලිසියට සහ කොළඹ පොලිසිය කීපයකටම පැමිණිලි කළ නමුත් ඒ කිසි වකට ක්‍රියාත්මක නොවන්නේ තවුෆික් ජමාත් සංවිධානයට රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබෙන  සහයෝගයත් දේශපාලනික වශයෙන් ඔවුන්ට ලැබෙන සහායත් ,නිසාය. ඒ සියල්ලට  මූලික වී ඇත්තේ  සලේය,  තවුෆික් ජමාත් සංවිධානයට බඳවා ගෙන ඇයට  “සාරා “නැමැති නමක් ලබාදීමටද තවුෆික් ජමාත් සංවිධානය  කටයුතු කර ඇත.තව්පික් ජමාත් නායක අබ්දුල් රාසික් එම පැහැරගෙන යාම හා බලහත්කාරයෙන් රදවා තබාගැනිම් පිලිබදව අත් අඩංගුව ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් නොකරන්නේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ගේ හා ජනාධිපති ගෝඨාභය ගේ සමීප සම්බන්දය නිසාය. පුලස්තීනි නොහොත් “සාරාව ” සහරාන්ලා ගේ තොරතුරු ලබාගැනීමට යොදවා තව්හිත් ජමාත් නායක අබ්දුල් රාසික් භාරයේ පුද්ගලිකවමා තබා ඇත්තේ සලේය.

“සාරා නොහොත් පුලස්තිනී “සිටින්නේ සහරාන් ගේ නිවසේ….

2019 අප්‍රේල් 21 ප්‍රහාරයේ දී හස්තුන් නැමති පුද්ගලයා විසින් කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරමින් ඔහු ජීවිතක්ෂයට පත්වන අතර ඒ වන විට සාරා නොහොත් පුලස්තිනී සිටින්නේ සහරාන් ගේ නිවසේය. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ඇය එම නිවසේ දී මියගිය බවට ප්‍රචාරයක් යැව්වෙ රාජ්‍ය බුද්ධි අංශයේ එවකට සිටි සුරේෂ් සලේය.  ඒත් සිදුවූයේ පුලස්තිනී නොහොත් සාරා සිටි නිවස යුද හමුදාව සහ පොලිසිය එක්ව වට කර සිටියදී එක්වරම ජනේලයෙන් පැන යාමට කටයුතු කළ සාරාව පොලිස් අත්අඩංගුවට පත්විය.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් සලේ  “සාරා” නිදහස් කොට…..

මෙහිදී පොලිස් පරීක්ෂකවරයෙක් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු  රැගෙන යාම දී එක්වරම ‍ය බුද්ධි අංශයෙන් ලැබුණු දුරකථන පණිවිඩයකින් වහාම ඇය අත්අඩංගුවෙන් නිදහස් කොට ඇත. ඒ දුරකථන ඇමතුම දුන් පුද්ගලයා කව්දැයි අද වෙනතුරු   කිසිවකු ප්‍රශ්න නොකරන්නේ ඒ පිලිබදව රටේ ඉහලම තැන් ඉතාම හොදින් දන්න නිසාය. 

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් සිටින මේ ජනරල් සලේය. එසේ නොවුනා නම් ඇයගෙන් සියලු විස්තර නොඅඩුව ලබා ගැනීමේ හැකියාව තිබුණි. අවස්ථා ගණනාවක දී පුලස්තිනී හෙවත් සාරා ගේ මව ගෙන් ප්‍රකාශ ගැනීමට උත්සාහ ගෙන ඇත්තේ ඇය එම බෝම්බ ප්‍රහාරයේ දී මියගිය බවට ය.

ඒත් ඒ සියල්ලම බොරු කරමින් පසු ගියදා පැවති පාස්කු ප්‍රහාරය ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ දී ඇය සියල්ල හෙළි කරමින් කියා ඇත්තේ තම දියණියගේ  DNA පරීක්ෂාවේදී  DNA නොගැලපුණු බවත්  ඇය එයින් පැන ගොස් ඇති බවයි.   අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මේ වන විට සලේ ගේ අනු දැනුම මත ඇයව ඉන්දියාවට පිටත් කල බවකි. 

ඇය මරා දැමුවා ද…..?…….

ඒත් බොහෝ දුරට  රාජපක්ෂලා පිළිබඳව පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඕනෑම අවස්ථාවකදී ඇති සාක්ෂි සියල්ලම විනාශ කිරීම රාජපක්ෂලාගේ පෙර හැසිරීමය. මෙයින් පෙනී යන්නේ රාජපක්ෂලා සාක්ෂියක් ඉතුරු නොවන්නට  වැඩ කරන පිරිසක් බව ය. ඒ අනුව සලේ විසින් ඇයව ඉන්දියාවට පිටත් කර හැරියා ද …..?නොඑසේ නම්  ඇය මරා දැමුවා ද…..? යන්න  අභිරහසකි. 

මේජර් ජෙනරල් සුරේෂ් සලේ ගේ මේ පැටිකිරිය තුළින් සිදුව ඇති විනාශය පිළිබඳව සහ මීට ඔහුගේ ඇති දායකත්වය පිළිබඳව ඉතා හොඳින් සියල්ල දම්වැලක පුරුක් සේ එකට බැඳී පවතින බව පෙනී යන කරුණකි.

මෙහිදී මේ වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිලිබදව වඩාත් උනන්දුවෙන අති ගරු මැල්කම් රංජිත් හිමිපානන් කලයුත්තේ අදුරේ අත ගානවිට අහුවෙන  “සාටකයේ කොනට ” වඩා දැන් ඇති සත්‍ය කරුණු වෙනුවෙන් හඩ නගා  “යුක්තිය ඉල්ලීමයි “. 

විශේෂ ස්තුතිය හිරු ප්‍රවෘත්ති වෙත

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like