අජිත්..
කඩවත බන්ධනාගාරයේ වෙනමම විශේෂිත සිරකුටියක රඳවා සිටි හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කීර්තිමත් පොලිස් නිලධාරියෙකු වු ශානි අබේසේකරට මේ වන විට කොරෝනා positive යැයි බන්ධනාගාර නිලධාරීන් වාර්තාවක් ලබා දී ඔහු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යා යුතු බව අද උදෑසන පවසා ඇත.
මෙහි ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ ශානි අබේසේකරට corona කිසිසේත් වැළඳිය නොහැකිය . මන්ද ශානි අබේසේකර වෙනමම විශේෂිත වූ සිර කුටියක රඳවා සිටි අවස්ථාවක කොරෝනා වසංගතය ඉගිලී පැමිණ ශානි අබේසේකර ගේ ඇගේ වැදී කොරෝනා බෝවීමක් නොවන බවයි. දැන් අප වෙත ලැබුණු ඉතාමත්ම රහසිගත තොරතුරු අනුව ශානි අබේසේකරට ලබාදී ඇත්තේ ව්‍යාජ වාර්තාවකි. එම බොරු වාර්තාව ලබාදී ඇත්තේ ශානිව කන්දකාඩු රැගෙන යාමටය, කොරෝනා ඇතැයි කීවත් එය අමුලික බොරුවක් බව මහර බන්ධනාගාර අප ගේ තොරතුරු කරුවන් පවසයි.
ඊයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ මේජර් ජෙනරාල්වරුන් 09 නව දෙනෙක් කැදවා පැවැති සාකච්ඡාවේදී කුමන තීරණ තීන්දු ගත්තා දැයි කීමට අප නොදනිමු.දුමින්ද සිල්වා නැමති මිනිමරුවාද ,චොකා මල්ලී නැමති මිනිමරුවා, තංගල්ල ප්‍රාදේශිය සභාපති බ්‍රිතාන්‍ය ජාතිකයාව මරාදැමු මිනිමරුවන්ට දැඩි සෞඛ්‍ය ආරක්ෂාවක් දී රැක්බලා ගැනීමට ගෝඨාභය බන්ධනාගාර කොමසාරිස්ට දැනුම් දීම නිසාම ජේලර්වරුන්ගේ නිවසක් ලබාදි ඒ ප්‍රදේශය ආවරනය කොට කොරෝනා නොමතිව වැලිකඩ සිටම ආරක්ෂා කිරීම කල නමුත් මහර බන්ධනාගාරයේ ශානිව සොයා කොරෝනා පියාසර කොට ඇත.
අපගේ තොරතුරුකරුවන් දැනුම් දෙන්නේ ශානි අබේසේකර හැකි ඉක්මනින් නිව්මෝනියාව වැලඳී මිය යාම දැකීම ගෝඨාභය රාජපක්ෂගේ එකම සිහිනය බවයි .
ශානි අබේසේකර ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව අධිකරණ කටයුතු ඉතාමත්ම තීක්ෂණව සහ ඉවසිලිවන්ත ව සිදු කළ නිලධාරියෙකි .කිසිදු පොලිස් නිලධාරියෙකු තමා නීතියෙන් පිට ගොස් සිදු කරන ලද කුමන හෝ සාපරාධි ක්‍රියාවක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වුවහොත් එහි කිසිදු අඩුපාඩුවක් නොමැතිව සාමාන්‍ය මහජනයාට සේම නීතියේ රැහැනට හසුකර ගැනීමේ හැකියාව ශානි අබේසේකර සතුව විය.
කඩවත බන්ධනාගාරය තුළ රඳවා තැබීමට පෙර සිටම අප පැහැදිලිවම රජයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට දැනුම් දී සිටියේ ශානි අබේසේකර මරා දැමීමේ කුමන්ත්‍රණයක් රජය විසින් දියත් කරන බවයි. දැන් සූදානම් වන්නේ කොරෝනා වෛරසය (corona virus )එතුළින් තමාගේ විරුද්ධවාදීන් සියල්ලම ඝාතනය කිරීමය.අප ගේ තොරතුරුකරුවන් දැනුම් දී සිටින්නේ මීළඟ ඉලක්කය ශානි අබේසේකර බව වගකීමෙන් දැනුම් දෙමු. සුගීශර බණ්ඩාර බන්ධනාගාර කොමසාරිස්ට දැඩි බලපෑමක් එල්ලකරමින් ශානිව කණ්දකාඩු යැවීමට සුදානම් වන බවද අප වෙත දැන ගැනීමට ඇත.
ඉන්පසුව පාඨලී චම්පික රණවක, ෆොන්සේකා අනුර දිසානායක ,වැනි පුද්ගලයින් මරා දැමීම ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි ගමන් මගේ විශේෂිත වූ කටයුත්තකි.
එවැනි පුද්ගලයින් සිටීම ගෝඨාභය රාජපක්ෂගේ සහ රාජපක්ෂ පරම්පරාවේ පැවැත්ම උදෙසා විශාල බාධාවකි. මේ නිසාම ශානි අබේසේකර නමැති පොලිස් නිලධාරියා නීතියානුකූල රෝගයක් වැළඳීමෙන් මිය ගිය බව තහවුරු කිරීමට ඔහු මේ වන විට ගෙන යාමට සුදානම් කොට ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළ corona positive වී සිටි පුද්ගලයෙක් රඳවා සිටි ස්ථානයේ ඇදකටය.
එම ස්ථානය පාලනය වන්නේ ශ්‍රි ලංකා යුධ හමුදාවෙනි. එම ස්ථානයේ සිටි රෝගියා පසු ගිය දිනක කොරෝනා තත්වය positive වී රෝහල් ගතකර ඇත. එවනි දැඩි ජීවිත අවධානමක් ඇති ස්ථානයට ශානිඅබේසේකර ගෙන ගොස් දමා ඔහුට කොරෝනා ශරීර ගත කොට නිතියානුකුලව මරා දමා පුච්චා දැමීම ගෝඨාභය ගේ එකම අරමුණ බව අපි ඉතාම වගකීමෙන් ලෝකයට දැනුම් දෙමු.
ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය නැමති දුෂිත ,මිනිමරු චෝදනා ලැබු මහාධිකරණයෙන් අධි චෝදනා ලබාසිටි මේ පුද්ගලයාට විරුද්ධව සියළු අපරාධ විමර්ශණයන් සිදු කල පොලිස් නිලධාරියා ශානි අබේසේකරය. ශානි අති දක්ෂ අපරාධ විමර්ෂක යෙකි. ඔහු වැඩි බරක් තබන්නේ ඇසු දුටු සාක්ෂි මත නොව පරවේෂණය සාක්ෂි (Circumstantial Evidence ) මතය. මේ නිසාම ගෝඨාභය සිරගතවීමට ඉතාම ආසන්නව සිටියදී ඒ සියල්ලටම දැඩි බාධාවක් සිදු කලේ ජනාධිපති කාලකන්නි මෛත්‍රිපාල සිරිසේනය.
ඒ නිසාම අද ශානිව නිතියානුකූලව මරාදැමීම ගෝඨාභය ජනාධිපති ගේ එකම අභිප්‍රායයි. ශානිට කොරිනා වසංගතය බෝකරවා නිව්මෝනියාව සාදවා මැරීමෙන් සිදුවන්නේ රටේ තවත් අති විශාල නමගිය අපරාධ කරුවන් ප්‍රමානයක් නිදහස්ව සමාජ ගතවීම බව මේ ගෝඨාභය නැමති පාහරයා අවශ්‍යතාවයයි
ශානි රැගෙන ගොස් කොරෝනා සාදවා මරාදැමුව හොත් ඊට ජනාධිපති ගෝඨාභය පුද්ගලිකවම ද ආරක්ෂක ලේකම් ,පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා හමුදාපති ශවින්ද්‍ර වගකිව යුතු බව අපි ඉතා වගකීමෙන් දැනුම් දෙමු.