සභාපති,
බ්‍රිතාන්‍ය,
[email protected]
0044-7448212333
පොලිස්පති තුමා
පොලිස් මුලස්ථානය,
කොළඹ
පොලිස්පතිතුමනි;
හිටපු අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර ගේ ජීවිතය බේරා ගැනීම සදහායි.
ඔබ යටතේ ඇති ශ්‍රි ලංකා පොලිසියේ එකම ආයතනය වන අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් අපරාධ පරික්ෂකයෙකු වන ශානි අබේසේකර පිලිබදව ඔබට මා අමුතුවෙන් හදුන්වා දීමත් කාලය කා දැමීමකි.
ඔබද මාද දන්න එකම කරුණ නම් ශානි අබේසේකර යනු නුතනයේ අප දුටු ෂර්ලොක් හෝම්ස් බවයි. ඒ අපරාධකරුවා සොයා යෑමට ඔහු සැමවිටම යොදා ගන්නේ පරවේෂණ සාක්ෂිය, ඒ බව විනිසුරන් ද ඔහුට එරෙහිව සිටින නිතිපති පවා හදවතිම දන්නා කරුණකි. ඒත් ඔබත් රටේ පාලකයාත් එවනි විමර්ෂණයක් කිසිවිටකත් අපේක්ෂා නොකරනවා ඇත.
මදුෂ්ව මැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රැගෙන යාමට දේශබන්දු රැගෙන පැමිණි ලිපියේ ඔබ යෙදු සටහන් දැක මා මවිත විය. ඒ ඔබ පිලිබදව මා පුද්ගලිකවම දන්න නිසාය. ඒත් කිසිවිටකත් වසර 28 කට වඩා ශානි ඔබ ගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිට එකදු මිනිසෙක් හෝ ඝාතනය නොකලේ ඔහු දඩුවම් දීම ඔහු ගේ කාර්ය නොවන නිසාය. ඒත් ශානි අපරාධකරුවන්ට දඩුවම් දුන්නේ අධිකරණය හරහාය.
පොලිස් නිල ඇදුම ඇද මංකොලකෑම් සිදුකල ඔබත් මමත් දන්නා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන වැනි අයට, දේශබන්දුලාට ශානි වැනි අවංක පොලිස් නිලධාරින් තිත්තය. අද පොලිස් දෙපාර්තමේන්තුව තුල අවංක සෘජු නිර්භීත නිලධාරින් නැතුවා නොවේ. ශානි වැනි නිලධාරින් ගේ ආදර්ශයද ඔබ දෙන්නේ ..? නැතිනම් ,වාස් ගුණවර්ධනලා , දේශ බන්දුලා ගේ ගමන් මගේ යාමට ඔබ පහල නිල ධාරින්ට ආදර්ශයක් දෙනවාදැයි ඔබ ගේ ක්‍රියා කලාපයෙන් අපිට ඉතා හොදින් වටහා ගත හැකිය.
ලෝකයේ ඉතාම විශ්ෂ්ඨ පොලිස් ඉතිහාසයක් ඇති අපේ පොලිසියට ඔබලා අත්කොට ඇති ඉරණම ඉතාම සෝචනීයයි. රටේ ජනතාවට යුක්තිය ,නිතිය සාධාරණව ඉටු කිරීමට පෙර ඔබ ඔබගේ නිලධාරින්ට නිතියේ සමානාත්ම තාවය ඉටුකර ජනතාවට පෙන්වන්න. පහල නිලධාරින් අපා දුක් විදින බව ඔබ දන්නවාදැයි අපි නොදනිමු. පහල නිලධාරින් නොසිටින්නට ඔබලා මේ පොලිස් දෙපාර්තමේන්තුවම දේශපාලකයන්ට අදේට දී ඔවුන්ට ඔබ සේවය කරනවා විය හැකිය ඒ නිසාම ශානි අබේසේකර මරාදැමීමට කිසිවෙකුටත් ඉඩ නොතබීම ඔබ ගේ යුතුකමක් නොව වගකීමකි, ඊට නිල බලයෙන් ඔබ බැදි ඇත.
කෙසේ වුවත් කණගාටුවෙන් කිව යුතු වන්නේ ශ්‍රි ලංකා පොලිසිය දේශපාලණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර් සංවිධානය ලෙසට අපි මේ පිලිබදව එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කොට අවශ්‍ය උපරිම පියවර ගැනීමට කටයුතු කරමින් ඇත.
තවද අප ගේ ඒකායන අරමුණ ශ්‍රි ලංකා පොලිසිය නිර්දේශපාලණීය කරණය කොට රටේ අනාගතයට මංපෙත් විවර කිරීමයි එයට නිතිය මහපොලවේ ක්‍රියාකරන්න දේශපාලනයෙන් ගලවා ගත යුතුය. එය අපේ අරමුණයි.
අපි ඔබ ගේ අභිනව තනතුරට සුභාශිංෂණය කරන්නෙමු.
ස්තුතියි,
මෙයට,
ශ්‍රිලංකා පොලිසිය දේශපාලණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය ,
සභාපති (IODPP )
26/11/2020.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස
