උණුසුම් පුවත් ගොසිප්

අනුරාධපුරේ මෑණියෝ ශවීන්ද්‍ර සිල්වා රජ වෙන බව කියලා,  ඉන් පසු රාජපක්ෂ පවුලේ ඉතා රහසිගත සියලු වැඩවලින් ශවීන්ද්‍ර සිල්වා  ඉවතට.

Spread the love

අනුරාධපුර ගුවන් හමුදා කදවුර මාර්ගයේ සිටින එක්තරා කාන්තාවක් විසින් ශ්‍රී ලංකාවේ සුපිරි පැලැන්තිය වෙත නක්ශාස්ත්‍ර කියන බව අප වෙත වාර්තා වේ. ඇය වෙත ශ්‍රී ලංකාවේ නොගිය දේශපාලනඥයෙකු හමුදාපතිවරයෙකු හෝ ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයින් නොවන තරම්ය.

එකී මෙකී හැම දෙනා වෙතම විවිධාකාරයෙන් ශාස්ත්‍ර කටයුතු සිදුකරන  ඇය පසුගිය දිනක  අපුරු  අන්දමේ ශාස්ත්‍රයක් එලියට දමා ඇත.රටතුල ඇතිවෙන දැඩි ජනතා කැලඹීමකින් පසුව රටේ පාලන බලය යුධ හමුදාපති ශවින්ද්‍ර සිල්වා භාර ගන්න බවත් ඊට පක්ෂ විපක්ෂ සියල්ල සම්පුර්ණ සහාය දෙන බවත්ය.

 මේ වනවිට   යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනතාවගේ ප්‍රසාදය හිමිපෙත්තට නැග ඇති මොහොතක දී එක්වරම රට තුළ ඇතිවන විශාල කලබැගෑනියක් තුළින් ඔහුට විශාල බලයක් හිමිවන අතරම එම බලය ජනතාව මර්ධනයට නොයදීමට ක්‍රියාකිරීම තුලින්  රටේ නායකයා වන බවයි.එහිදී  රාජපක්ෂ පරම්පරාව තුළම ඉන්පසු බලයක් රැඳවීමට ඔහු කිසිසේත් ඉඩ නොතබන බවත් ශ්‍රී ලංකාවාසී ජනතාව සිතන ආකාරයේ පාලකයෙකු බවට පත්වන බව ඇය විසින් කියා ඇති බව මේ වන විට ඉස්පිල්ලක් ,පාපිල්ලක් නෑර රාජපක්ෂලා විසින් අසා දැන ගෙන ඇති බව අපගේ තොරතුරුකරුවන් කියා සිටී.

මෙයින් සිදුව ඇත්තේ ශවීන්ද්‍ර සිල්වා රාජපක්ෂ පවුලේ සියලු අති විශේෂ වැඩ කටයුතු වලින් ඉවත්ව තැබීමයි. ඊට ආසන්නතම සිද්ධිය නම් ඊයේ පැවති මේජර් ජනරාල්වරුන් 09 දෙනකුගේ සාකච්ඡා සඳහා ද ඔහුට කිසිදු දැනුම්දීමක් සිදුකර නැති බවත්  අපගේ තොරතුරුකරුවන් පවසා සිටී.  රාජපක්ෂවරුන්ට එරෙහි වන්නන් ඕනෑම තරාතිරමක පුද්ගලයින් ජීවිතයෙන් ඉවත් කිරීම හෝ සමාජයෙන් ඉවත් කිරීම රාජපක්ෂලාගේ අභිප්‍රාය. එහිදී අනාගතයේ ඔටුන්න හිමි කුමාරයා බවට පත් ව සිටීමට සිටින නාමල් රාජපක්ෂගේ කටයුතු වලට සහ ඔහුගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මහත් බාධාවක් විය හැකි යැයි රාජපක්ෂලා ශවීන්ද්‍ර සිල්වා පිළිබඳව යම් විදිහකින් තක්සේරුවකට පැමිණිය හොත්  ශවින්ද්‍ර සිල්වාගේ ජීවිතය පවා නැති කිරීමේ අවදානමක් පවතී.

 ඊට හොඳම උදාහරණ නම් ශ්‍රී ලංකාවේ කොතෙකුත් නැතුවා නොවේ ,ෆිල් මාර්ෂල් ෆොන්සේකා ජනතා ප්‍රසාදය හිමි පෙත්තට නැගි ඇති මොහොතක ඔහු සිර කොට දේශපාලනිකව ඔහු මරා දැමීමට දැඩි වෙහෙසක් ගත් නමුත් ඔහු බේරා ගැනීමට හැකි වූයේ ඔහු වටා ජනතා පවුරක් බැඳී තිබුණු හෙයිනි. එසේම අද  ශවින්ද්‍ර සිල්වා ගේ කටයුතු පිළිබඳව ජනතාව කුමන මතයක් දැරුවත් ඔහුගේ යුද ශක්තිය සහ ඔහුගේ කැපවීම පිළිබඳව ජනතාව තුළ ඇත්තේ හදපිරි සතුට නිසාම  රාජපක්ෂලාට ඒවා ඉවසුම්   නොදේ .

මේ වන විට ශවීන්ද්‍ර සිල්වා වෙනුවෙන් සියලුම කටයුතු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් මෙහෙයවන බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. මේ නිසාම රාජපක්ෂලා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මරා ඇති පුද්ගලයින් සහ මරා දැමීමට සැලසුම් කරන පුද්ගලයින් පිළිබඳව අපට වඩා ඉතා හොඳින් දන්නවා ඇත්තේ  ශවීන්ද්‍ර සිල්වාය, ඒ නිසා ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපේ යුතුකම ඔබේ  ආරක්ෂාවත් ඔබ සපයා ගන්නා ලෙස යුද හමුදාපති ශවින්ද්‍ර සිල්වා ගෙන් ඉල්ලන්නෙමු.

එසේ නොවුනොත් රාජපක්ෂලාගේ ඊළඟ ගොදුර වන්නේ ඔබ බවද අප කණගාටුවෙන් ඔබට මතක් කරන්නේමු.


Spread the love

Leave a Comment

You may also like