උණුසුම් පුවත්

ළමා ජාවාරමේ මහ මොළකරු ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි කොටු කර ගනී.-ගැබිණි මව්වරුන් බිලිබා ගැනීමේ පාතාලයක් ද වෙනමම……!!

Spread the love

ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා වෙත ලැබුණු සාර්ථක තොරතුරක් පිළිබඳව ඉතාමත්ම තියුණු විමර්ශනයකින් පසුව මෙතෙක් කලක් ශ්‍රී ලංකාව පුරාම දරුවන් මිලට විකිණීමෙන් මිනිස් ජාවාරමක සුල මුල  අද දින සොයා ගැනීමට හැකිවිය.  මෙම සැකකරු නමින් මංජුල ලසන්ත උක්වත්ත නැමැති මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි ඔහු කිසිදු රැකියාවක් නොකරන ඉතාමත්ම ගුණදහම් ආකාරයෙන් ජීවත් වෙන වටපිටාවක්  ඇති බව රටට පෙන්වමින් ඉතාමත්ම නින්දිත සහ මනුෂ්‍යත්වයට නිගා දෙන ආකාරයෙන් කුඩා බිළිදන් මුදලට විකුණන ජාවාරමේ මහ මොළකරු ය.  බියගම, කටුනායක, මීගමුව  නිදහස් වෙළඳ කලාපවල රැකියාවල නිරත ප්‍රදේශ වල තරුණියන් ඉලක්ක අරගනිමින් මෙම  ළමා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත.  මෙම පුද්ගලයා විසින්ම මෙහෙයවනු ලබන ගැබිණි මව්වරුන් බිලිබා ගැනීමේ  “පාතාලයක් ” ද වෙනමම ඇති බව අපගේ  තොරතුරු කරුවන්ට හෙලිවී ඇත.  ප්‍රේම සම්බන්ධයකින් හෝ වෙනත් කුමන හෝ ආකාරයකින්  ගැබ්ගත් කාන්තාවන් වෙතට මොහුගේ පාතාල කණ්ඩායම් කාන්තාවන් ගොස් ඔවුන්ව බිලිබා ගැනීමෙන් පසු අත දිග හැර මුදල් වියදම් කර එම ගැබිනි කාන්තාවන් ඉතා රහසිගතව වෙනත් ස්ථානවල රඳවා තබා ගෙන ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් දී ඔවුන්  දරුවා මෙලොවට බිහි කරන තුරු ඔහු එම සියලු සාත්තු සප්පායම් පිළිබඳ වියදම් දරයි. ඉන් අනතුරුව දරුවා බිහි කිරීමෙන් පසු දරුවා ලබා ගන්නා මෙම මංජුල ලසන්ත උක්වත්ත එම දරුවා  ලැබීමට ආසන්න කාලය වන විට විදෙස් රටවලට හා ශ්‍රී ලංකාවේ දරුවන් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින පවුල් වෙත ලක්ෂ ගණනින් එම දරුවන් විකිණීමට  මොහු විසින් කටයුතු කර ඇත. වසර ගණනාවක් තිස්සේ මෙම දරුවන් විකිනීමේ ජාවාරමේ නිරතව සිටියත් මෙම තැනැත්තාද විවාහකයෙකි. මොහු පිරිමි දරුවන් හතර දෙනෙකුගේ පියෙකි ඔහු  ගතකරන්නේ ඉතාමත්ම සුඛෝපභෝගී ජිවිතයකි.  කුඩා බිලින්දන් විකුනා ලබා ගන්නා මුදලිනි. ගැබ්ගත් කාන්තාවට ඉතාම සොච්චම් මුදලක් දී ඇයව පිටත් කර හරින්නේ ඇයට තර්ජනාත්මකව යම් විදියකින් එවැන්නක් හෙළි කළහොත් ඔහු සතුව තිබෙන දේශපාලන සහ අනෙකුත් සමාජ සම්බන්ධතා මත  මරණ තර්ජනය කරමිනි.මේ වන විට මෙම ළමා ජාවාරම්කරු කොළඹ ළමා සහ කාන්තා කාර්යාංශයට භාරදී ඇති බව අප හට දැන ගැනීමට ඇත.  පිලිබදව වැඩිදුර විමර්ෂණය කරමින් සිටියි.

පහත මේ පිළිබඳව ඡායාරූප ඔබට දැකිය හැක

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 

 

 


Spread the love

Leave a Comment

You may also like