උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරකයන් සතුව තිබි අත් අඩංගුවට පත් දුරකථන දත්ත මැකීයාම කාගේ උවමනාවටද…?, ඒවකට ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් වෙදිසිංහ වගකිවයුතුය.

Spread the love

පාස්කු ප්‍රහාරය සිදු වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ පුද්ගලික සහකාර වශයෙන් කටයුතු කර ඇත්තේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් වෙදිසිංහ මහතාය ,ඊට අමතරව පොලිස් මුලස්ථානයේ ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය භාරව කටයුතු කරන අධ්‍යක්ෂවරයාය. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්අඩංගුවට ගන්නා ලද, සැකකරුවන් සතුව තිබූ සහ ඔවුන් පාවිච්චි කරන ලද දුරකථන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට පත් විය. මෙම දුරකථන සම්බන්ධව කිසිදු ලේඛනයක ඇතුළත් කොට නැත. මෙම පාස්කු ප්‍රහාරයත් සමඟම මෙරටට පැමිණි ජාත්‍යන්තර පොලිසිය ඉන්ටපෝල් ආයතනය FBI,  සහ හෝ ඉන්දියාවේ” රෝ “ඔත්තු සේවා නිලධාරීන් ඔස්ට්‍රේලියානු රාජ්‍ය පොලිස් ප්‍රධානීන්  විශාල රටවල් ප්‍රමාණයක පුද්ගලයින් පැමිණ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව සහ  ඔවුන් පාවිච්චි කරන ලද දුරකථන, දත්ත හා සමීප සම්බන්ධතාවයන් ඒ ඒ රටවල් වලට සමීප වන ආකාරය පිළිබඳව දැඩි විමර්ශනයක් ඔවුන් විසින් සිදු කරන ලදී. ඒත් අපේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉන් කිසිදු සුගතියක් වී නැත. අඩුම තරමින් ඒ පිලිබදව කිසිදු සටහනක් හෝ වාර්තාවක් නොගනීමට රවි සෙනවිරත්න මෙන්ම රංජිත් වෙදිසිංහද වගකිව යුතුය. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකරුවන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණය පිළිබඳව ඉතාමත්ම අද්විතීය කාර්යභාරයක් ඉටු කරන ලද සහ ඉටු කරමින් තිබෙන කීර්තිමත් දෙපාර්තමේන්තුවකි .එහෙත් අවාසනාව   පාස්කු ප්‍රහාරය පිළිබඳව පැවැති විමර්ශනය ඉතාමත්ම ‍ ප්‍රශ්න සහගතය මෙම ප්‍රශ්න සහගතය  තත්වයට පත්ව ඇත්තේ විශේෂයෙන්ම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ පුද්ගලික සහකාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත්  වෙදිසිංහ විසින් මෙම ජාත්‍යන්තර පොලිස් නිලධාරීන් පැමිණ විමර්ෂණ පිළිබඳව සටහනක්  හෝ ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කර නොතිබීමය. එසේම මෙහි ඉතාමත්ම බරපතලම සිදුවීම වන්නේ අධිකරණයේ නඩු කටයුත්තක් ස්ථිර වශයෙන් ම ආරම්භ වීමකදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට දැඩි අපකීර්තියක් සහ අවමානයක් ගෙන දෙන ආකාරයේ සිදුවීම් පෙළක් පෙළගැසී ඇති බව අප ඉතා කණගාටුවෙන් මතක් කරන්නෙමු. මෙහි ප්‍රධානතම කාර්යය වන්නේ විදේශ පොලිස් නිලධාරීන් පැමිණ ලංකා පොලිසියට සහාය වූයේ නම් ඒ පිළිබඳව  protocol මට්ටමින් ලංකාවට වාර්තාවක් ලබාගත යුතු ය. එහෙත්  හෝ FBI  හෝ කිසිම ජාත්‍යන්තර පොලිසියකින් මේ වන තෙක් කිසිදු වාර්තාවක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවවට  හෝ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී නොමැති බව අපගේ විමර්ශන වලදී හෙළිවිය. එසේම මෙම සැකකරුවන් සතුව තිබූ දුරකථන  විශ්ලේෂණ තොරතුරු විදෙස් පොලිස් නිලධාරීන් ලබාගැනීමේදී හිතාමතාම හෝ නොදැනුවත්ව ඒ සියල්ලම මැකීගොස් ඇතිබව අප ඉතාමත්ම හොඳින් දන්නා කරුණකි. මෙම සිද්ධිදාමය තුළින් සිදුවන්නේ අවසාන විමර්ශකයන් ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නමක් තබා තිබෙන අපගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි අවමානයක් සිදු වීමය. මෙහි සම්පූර්ණ වගකීම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ පොලිස් පොලිස් අධිකාරී රංජිත්  වෙදිසිංහ භාරගත යුතුය. ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික මැදිහත්වීම මත මෙම විමර්ශන කණ්ඩායම් සමග දිගින් දිගටම ක්‍රියා කර ඇත්තේ මෙම ජේෂ්ඨ පොලිස් අධිකාරි වූ රංජිත්  වෙදිසිංහ  තමාගේ පුද්ගලික සහකාර නිලධාරියාය. එසේ නම් එම නිලධාරියාගේ කිසියම් වාර්තාවක් ලබා ගැනීම වහාම කළ යුතුව තිබුණේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට  හා එවකට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ද ඔහුගේ වගකීම් විරහිත බවකින්  කටයුතු කර තිබෙන බව මෙහිදී පෙනී යන කරුණකි. මේ නිසාම  මෙම පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ට ඉදිරි යම් දිනයක දී නඩු පැවරීමකදී   (circumstantial evidence )  ප්‍රවේෂණ සාක්ෂි ගොනු කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය කුමන අන්දමේ පර්යේෂණ සාක්ෂි ගොනු කරනවා දැයි යන්න පිළිබඳව ප්‍රශ්න සහගතය. ඊට හේතු වී ඇත්තේ ඊට ඉතාමත්ම හොඳ සාක්ෂියක් වන දුරකතන සංවාද පිළිබඳ ව කිසිදු දත්තයක් මේ වන විට සොයාගැනීමට නොහැකිය. ඒ සියල්ලම මැකීගොස් අවසානය එහෙත් දත්ත මැකී ගියේ කුමන හේතුවක් මත ද ?යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමකි. එසේ නොමැති නම් ඒ පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කළ යුත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන විමර්ශන කොමිෂන් සභාව විසිනි. මේ තුළින් සිදුවන්නේ මෙහි මහ මොළකරු තවත් දවසක වත් අන්තවාදී කණ්ඩායමක් තුළින් ශ්‍රී ලංකාව තුළ අතිමහත් ජීවිත ගණනක් බිලි ගැනීමට ඔහු  සම්බන්ධ වීමය මේ නිසාම මෙම විමර්ශන කණ්ඩායම් භාරව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් වෙදිසිංහ  සම්බන්ධව විමර්ශනයක් කළ යුතුය.මේ දත්ත මැකී ගියෙත් ගෝඨා ගේ,බැසිල් ගේ හෝ සිරිසෙන ගේ නැත්තම් නිලන්ත ජයවර්ධන ගේ උවමනාවක් නිසා දැයි අපිට ඇසිමට සිදුවේ.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like