උණුසුම් පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පුද්ගලික සමාගම් තුනකට පවරන බව බැසිල් අද පැවැති රැස්වීමේදී කියයි.

Spread the love

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොටස් තුනකට විකිණීමට  අද දින බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික සංවර්ධන සහ පුනර්ජීවන කමිටුව තුල තීරණය විය ,එය බැසිල් ගේ එකමතික තීරණයකි.  පසුගිය දා ජනාධිපතිවරයා  මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට  අසාමාන්‍ය අයුරකින් රාජ්‍ය නායකයෙකු පැමිණි බවට දෙරණ නැමැති ජඩ මාධ්‍ය තුළින් සහ හිරු නැමැති කූඩු මාධ්‍ය මෙහෙයුමෙන් ඒ සියල්ල පෙන්නුම් කළේ ප්‍රථම වරට රාජ්‍ය නායකයෙකු  පැමිණ  ජනතා ප්‍රශ්ණ ප්‍රායෝගිකව මුහුණ දුන් අයුරු බවයි. ජනාධිපතිවරයා එවැනි රඟ   දැක්වීමක් කලේ  අද බැසිල්  කතා කරනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පුද්ගලික කරණය කිරීමේ ප්‍රධාන පියවර  වෙනුවෙන්ය. ඒ රාජපක්ෂලාය.  ආර්ථික සංවර්ධනයේ කොටසක් වී ඇත්තේ සියලුම රාජ්‍ය ආයතන එක් පසෙකින් පුද්ගලික ආයතන වලට සහ තවත් ආකාරයකින්  චීනයට විකිණීම රාජපක්ෂලාගේ සෞභාග්‍යයේ දැක්ම වී ඇත්තේය. ඒ නිසාම එහි  සේවකයන් 643 දෙනෙකු   වෙනත්  දෙපාර්තමේන්තු වලට යවා ඇති අතර  දුෂිත පුද්ගලයන් ලෙසට ලේබලයකුත් අලවාම යැවීම    ඉතාම සෝචනීයය.  metropolitan ආයතනයට ලබා දීමට සූදානම් කර ඇත්තේ මෙම ආයතනයේ සියලුම වාහන ලියාපදිංචි සිදු කිරීම මාර්තු මස 05  දා දිනය පසු සියලුම වාහන ලියාපදිංචි කිරීම metropolitan  පුද්ගලික සමාගම විසින් සිදු කරනු ලබන බව ස්ථිරය .එසේම මේ වන විටත් වාහනවල අංක නිකුත් කිරීම අඩු නිකුත් කිරීම  එක්සස්  පුද්ගලික සමාගම විසින් සිදුවන අතර එම දිගුවක් වශයෙනි එක්සස්  පුද්ගලික සමාගමට නීත්‍යානුකූලවම  එම වාහන අංක තහඩු නිකුත් කිරීමට අවසර ලබා දී ඇත .එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මින් පසුව සිදු වන්නේ යුද හමුදාව මාර්ගයෙන් බවට රටට කීවත් එය ද පුද්ගලික සමාගමකට පැවරීමට මේ වන විට කඩිමුඩියේ සූදානම් වෙයි .  සමාගම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බිරිඳ ගේ පියාගේ භාරයේ ඇති  තවත් පුද්ගලික ආයතනයක් ලියාපදිංචි කොට ඔහුට එම කටයුත්ත පැවැරීමට මේ වන විට රාජපක්ෂ පවුල තුළ කතාබහ වෙමින් ඇත. ඒ අනුව ඉදිරියේදී රාජපක්ෂ පවුල විසින් මෙතෙක් කලක් ශ්‍රී ලංකා ජනතාවට අයිතිව තිබූ  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව කොටස් තුනකට  03 කඩා විකුණා දමා සේවකයින් මහා පාරට දැමීමේ අඩිතාලම මේ වන විට තබා ඇති අතර එය ස්ථිර බව අද බැසිල් රාජපක්ෂ ගේ තීන්දු තීරණ වලින් පෙනුනි.  රාජපක්ෂලාගේ හෙලුව දැක දැක අහක බලාගන්නවා හැර වෙන කළ හැකි දෙයක් නොමැත.  හැටනම ලක්ෂ්‍යයක් ඔවුන්ගේ හෙලුව දැකීමට කැමැති බව කතිරය ගසා කැමැත්ත දුන්නහ.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like