මේ වන විට ශ්‍රී ලංකාවේ බිම් අගලක් ගානේ හිමිකම් කියන්නට සහ උරුමකම් කියන්නට හැකියාව ලැබී ඇත්තේ චීන ජන රජයටය .ඒ මහින්ද රාජපක්ෂ 2015 වසරට පෙර චීන ජනරජ ආණ්ඩුවත් සමග අත්සන් කරන ලද කොළඹ වරාය නගර ගිවිසුමට අනුවය, වරාය නගර ගිවිසුම අත්සන් කිරීමත් සමගම චීනය විසින් ඉතාමත්ම කඩිමුඩියේ අසාමාන්‍ය මුදලක් ණයක් වශයෙන් නෙළුම් කුලුණක් නැමැති හමුදාමය සන්නිවේදන කුළුණක් ගොඩනගා ගත්තේ රාජපක්ෂලාගේ ආශිර්වාදය මතය. ආසියාවටම මේ වන විට ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක් වී ඇති බව සහ ආසියාවේ අනිකුත් රටවල් රාජපක්ෂ රජයට එදා මෙන්ම අදත් පෙන්වා දෙමින් ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට ඇති කොළඹ නගරය සහ බොහෝ බිම් චීන අධිරාජ්‍යයට යටත් වෙමින් පවතී. චීන කොලනියක් මේ වන විට ම නිර්මාණය වෙමින් පවතින අතර ඉතාම නුදුරේ දී චීන ජනරජයේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පවා පැමිණීමේ ඉඩකඩක් ඇති බව දේශපාලන විචාරකයින් ගේ මතයයි. අද දින ජනාධිපති කාර්යාලයෙන් ලැබූ ලිපියක් අනුව චීන භාෂාවෙන් කොළඹ ඒ අවට තදාසන්න සියලුම රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා සඳහා ඇති දුම්රිය ස්ථානය බස් නැවතුම්පොළවල් සියල්ලම චීන භාෂාවෙන් සටහන් කළ යුතු බවට මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කොළඹ මහනගර සභාවට ලිපියක් ලැබී ඇති බව විශ්වාසවන්ත තොරතුරක් සපයමින් අප වෙත දැනුම් දී ඇත. මෙය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි, ලෝකයේ තමාගේ රටේ භාෂාව ප්‍රථමයෙන් වුවත්ඉන්පසුව ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් මෙතෙක් පැවති ශ්‍රී ලංකාවේ නාම පුවරු සියල්ලම ප්‍රථමයෙන්ම චීන භාෂාව දෙවනියට ඉංග්‍රීසි තුන්වෙනියට සිංහල සහ දෙමළ වශයෙන් පිළිවෙළින් පැමිණීමේ ඉඩ පිළිබඳව අපි විමසා සිටිය දී දැන ගැනීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කරන ලද වරාය ගිවිසුමට අනුව එය එක් කොන්දේසියක් වී ඇති බවයි. දැන් රාජපක්ෂලාගේ ජාතිමාමකත්වය සහ දේශීයත්වය , දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත.