2016 රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත MCC නැතහොත් සහශ්‍ර ව්‍යාපෘතිය ඇමරිකාව හදුන්වා දුන්නේ ඇමරිකන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයටයි. මෙය දශක ගනනාවක් පුරා තිබූ USAID ව්‍යාපෘතියේ දිගුවකි .සම්පූර්ණයෙන්ම නැවත නොගෙවිය යුතු ප්‍රධානයකි.
නමුත් ඇමරිකාව මෙය MCC හරහා ලබාදෙන්නේ කලමනාකරණය කරගැනීමට ඇති පහසුව නිසාය. මෙම අරමුදල මංකොල්ල කෑම බොරුය. ඇමරිකාව හැම සතයම සොයා බලයි.
ලංකාවේ දේශපාලනඥයන්ට මෙවැනි හොරා කෑමට බැරි ප්‍රධානයන් ඇලජික්. උන්ට ඕන කුටිය පිටින් මංකොල්ල කන්නට පුලුවන් ව්‍යපෘති පමණි. රටේ ජනතාවට හෙන ගැහුවත් උන්ට වගක් නැත. MCC හි ව්‍යාපෘති 2 කි එකක් ප්‍රවාහනය දියුණු කිරීමට අවශ්‍ය මාර්ග පද්ධතිය සංවර්ධනය සහ අද ඔබ යන ලොරි චැසි බස් වෙනුවට නියම බස් ගෙන්වා ඔබගේ ප්‍රවාහය පහසු කරවීමයි.
ඉඩම් ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වූයේ අද ඔබගේ ඉඩමට ලබාදෙන්නා වූ හිමිකම් සහතික ක්‍රමය විදිමත් කොට ඔබට ඉඩමක නීත්‍යානුකූල අයිතිය රජය හරහා ලබාදීමයි.
දේශපාලන ඩීල් කාරයන්, දූෂිත දේශපාලනඥයන්, හොර ටියුෂන් ගුරාලා සහ අදන කඩේ පිටින් රාජපක්ෂලාට කඩේ යන චීවරධාරීන් නිසා අද අපිට මේ MCC අහිමි වී ඇත. ඔබ හැඩුවේ නැතත් මේ අහිමි වීමට ඔබගේ දරුවන්ට හඩන්න වන බවනම් ස්ථිරවම කිවහැකිය.
මවාපෑ බිල්ලා මෙහි නැත. MCC ගිවිසුම අධ්‍යයනය කල මෙම ලියුම්කරු MCC සංශිප්තය මෙසේ පෙන්වයි. මෙය රජය මගින් ප්‍රකාශ කලද සත්‍ය මෙයයි.
The MCC Sri Lanka Compact is the largest grant funding ever received by Sri Lanka. GOSL and MCC together identified weak transport infrastructure and weak land administration practices as two binding constraints to මුළු ප්‍රදාන මුදල : ඇමරිකානු ඩොලර් මිලියන 480 (වසර 5) ප්‍රදානය අනුමත කිරීම : 2019 ඉඩම් 25 ව්‍යාපෘතිය : ප්‍රවාහන සහ ඉඩම් ප්‍රවාහන ව්‍යාපෘතිය– ඇමරිකානු ඩොලර් මිලියන 350 නවීන රථවාහන කළමනාකරණ පද්ධතිය ඇමරිකානු ඩොලර් මිලියන 160 • කි.මී.205ක මාර්ග ජාලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම • ධාවයන වන රථවාහන පිළිබඳ එම අවස්ථායේදීම දත්ත රැස්කිරීම හා • අන්තර් සම්බන්ධිත රථවාහන ආලෝක සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම • මාර්ග ජාලය තුළ බස් ප්‍රමුඛතා මැංතීරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම • කොළඹ හා තදාසන්නප්‍රදේශයේ මංසන්දි 132ක් වැඩි දියුණු කිරීමසහ නවීකරණය කිරීම • පදික මාරු ස්ථාන පුළුල් කිරීම සහ පදික මාරු ස්ථාන වැඩි දියුණු කිරීම බස් ප්‍රවාහන නවීකරණය කිරීම ඇමරිකානු ඩොලර් මිලියන 50 සහශ්‍ර අභියෝගතා ව්‍යාපෘතිය (MCC) යනු ? The Millennium Challenge Corporation (MCC) is an independent U.S. foreign assistance agency aimed at fighting global poverty. MCC forms partnerships with developing countries who are committed to good governance, economic freedom and investing in their citizens. Grant disbursement is based on competitive selection – MCC’s Board examines a country’s performance on 20 independent and transparent policy indicators and selects countries based on policy performance. • ස්වයංක්‍රිය ගාස්තු ගෙවීමේ වීමේ පද්ධතිය (smart cards) • • • GPS තාක්ෂණය මඟින් බස්රථ අධීක්ෂණය • වැඩිහිටියන්, කාන්තාවන්, ආබාධිත සහ අනිකුත් අනතුරුවලට භාජනය විය හැකි කණ්ඩායම් සඳහා ආරක්ෂාව වැඩි දියුණු කිරීම • ලංගම සහ පෞද්ගලික බස්රථ හිමිකරුවන්ට අති නවීන බස් රථ මිල දී ගැනීමට ග්‍රාමීය ප්‍රවාහනය වැඩි දියුණු කිරීම ක්‍රියාකාරකම් ඇමරිකානු ඩොලර් මිලියන 140 ▪ සබරගමුව, ඌව, උතුරු ම ද සහ මධ්‍යම පළාත් ආවරණය කරන මාර්ග ජාලයේ කිලෝමීටර් 131 ක මාර්ග කොටස් සංවර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම ඉඩම් කැබලි පිළිබඳ මූලික සිතියමක් (Parcel fabric map) නිර්මාණය කිරීම (එනම් ඉඩම් කැබලි පිළිබඳ මූලික වනාන්තර සිතියමක්) සහ රජයේ ඉඩම් ලේඛණය (e-State Lands Information Management System-eSLIMS) තුළට ඇතුළත් කිරීම. ඇමරිකානු ඩොලර් මිලියන 23,400,000 ඇමරිකානු ඩොලර් මිලියන.6,500,000 ඉඩම් ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 67 දිස්ත්‍රික්ක 8 ක ක්‍රියාත්මක වේ ) MCC සංයුක්ත ප්‍රධානය යනු මෙතෙක් ශ්‍රි ලංකාවට ලැබී ඇති විශාලතම ප්‍රදාන අරමුදලය. ශ්‍රි ලංකාරජය සහ MCC ආයතනය එක්ව ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා බලපාන ප්‍රධාන බාධාවන් දෙකක් හදුනාගෙන ඇත. එනම් දුර්වල ප්‍රවාහන යටිතල පහසුකම් සහ දුර්වල ඉඩම් පරිපාලන භාවිතයන් යේ. MCC ආයතනය යනු ඇමරිකා එක්සත් ජනපදය විසින් දිළිදුකම පිටුදැකීම සඳහා විදේශ ආධාර ලබාදෙන ස්වාධීන රාජ්‍ය ආයතනයකි. යහපාලනය, ආර්ථික නිදහස සහ රජයේ පුරවැසියන්සඳහා ආයයෝජනය කිරීම , සංවර්ධන වෙමින් පවතින රටවල් සමඟ MCC හවුල් කාරිත්වය ඇතිකර ගනි. තරඟකාරී තේරීම් ක්‍රියාවලියක් යටයත් – MCC අධයක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන හා විනිවිදභාවයකින් යුතු ප්‍රතිපත්ති දර්ශක 20 ක් මත රටක ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන අතර ප්‍රතිපත්ති කාර්යසාධනය මත පදනම්ව රට තෝරා ගනී. තිරසාර ආර්ථික වර්ධනයක් සහ දරිද්‍රතාවය අවම කිරීම සඳහා තෝරාගත් රටවල් ඔවුන්යේ ප්‍රමුඛතා හඳුනා ගැනීම MCC ආයතනයට අවශය වේ. MCC අරමුදල් ප්‍රදානය කළ විට, එය ක්‍රියාත්මක කිරීයම් සියලු අංශ කළමනාකරණය සහ අධීක්ෂණය කිරීම සඳහා දේශිය වගවීයම් ආයතනයක් පිහිටුවයි. • ස්වයංක්‍රිය ගාස්තු ගෙවීමේ වීමේ පද්ධතිය (සුහුරු කාඩ්පත්) • පොදු ධාවන කාලසටහන් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම • GPS තාක්ෂණය මඟින් බස්රථ අධීක්ෂණය • කාන්තාවන්, ආබාධිත පුද්ගලයින්, වැඩිහිටියන් සහ නොයෙකුත් අනතුරුවලට භාජනය විය හැකි කණ්ඩායම් සඳහා ආරක්ෂාව සහ බස් ප්‍රවේශය වැඩි දියුණු කිරීම •ලංගම සහ පෞද්ගලික බස්රථ හිමිකරුවන්ට අති නවීන බස් රථ මිල දී ගැනීමට අවශය මූලය ප්‍රතිපාදන සඳහා සහාය වීම පරිගණකගත තක්සේරු පද්ධතියක් හඳුන්වාදීම තුළින් රාජය හා පෞද්ගලික ඉඩම්වල තක්සේරු කටයුතු කාර්යක්ෂම කිරීම. රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ පවතින ඉඩම් හිමිකම් වාර්තා ජිජිටල් කරණය කිරීම, රජයේ ඉඩම් ලේඛණය (eSLIMS) සමඟ සම්බන්ධ කිරීම මගින් තොරතුරු ලබාගැනීම කාර්යක්ෂම කිරීම. ඇ.ඩ ා. 11,400,000 රජයේ ඉඩම් පරිපාලන කටයුතු කටයුතු දියුණු කිරීයම් පියවරයන්ට එනම්, ඉඩම් ප්‍රතිපත්ති පරිසරය සහ නනතික රාමුව වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ කටයුතුවලට සහාය ද ක්වීම. ඇමරිකා ඩොලර් මිලියන 6,700,000 ඔප්පු ක්‍රමයේ සිට හිමිකම් ලියාපදිංචි කිරීයම් ක්‍රමයට දේපල හැරවීමේ ක්‍රියාවලියේදී, රජයේ “බිම්සවිය” ව ඩසටහන පුළුල් කිරීමට සහය ලබාදීම තුළින් සියලුම ඉඩම් හිමියන්ගේ දේපල අයිතිය තහවුරු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම. ඇමරිකානු ඩොලර් මිලියන 19,300,000
ඒ අනුව ඔබට පෙනීයායුත්තේ මෙහි වැඩිම ආයෝජනය ප්‍රවාහන ව්‍යාපෘතිය සදහා වන බවයි. පහල අමුනා ඇති සිතියම අධ්‍යනය කලවිට ඔබට වටරවුම් මාර්ගය සහ එහි වටිනාකම වැටහෙනු ඇත
සිතියම -MAP
දැන් සියල්ල සිදුවී හමාරය.
මහින්දට හොරා කන්න බැරි නිසා ජනතාවට කොතරම් සෙතක් වුවද MCC එපාය. ඒ වාගේම මහින්ද සමග පාදයාත්‍රා ගිය මංගල වැනි විශ්වාස කිරීම සහ තමන්ගේ පුද්ගලික කෝන්තර දේශපාලන වශයෙන් විසදාගැන්මට යාම නිසා රනිල් වික්‍රමසිංහ අද අලියා මැරුනු ඇත්ගොව්වාගේ තත්ත්වයට පත්වී ඇත.
ශ්‍රී ලංකාවේ ඔබ අද කන්නේ ඔබ වැපිරූ පජාත වනචර දේශපාලනයේ අස්වැන්නයි. අපි මේවා ලියන්නේ ඔබව සබුද්ධික කිරීමට මිස මහින්දට රනිල්ට හෝ අනුරට කඩේ යාමට නොවේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස