අද ඇමති බන්දුල සිදුකරන්නේ මීයෝ සිටින නිසා ගෙදරටගෙදරට ගෙනාව බළලාව එලවා හොරාකන ඌරුමීයාව තියා ගැනීම බව ලංකා සතොස සේවකයන් කියයි.
ඒ පසු ගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් තුෂාන් ගුණවර්ධන විසින් සියළු සාක්ෂි සහිතව සුදුළුණු කිලෝ 56000 ක් ඉතාම වංචාකාරිව සොරකම් කල සොරුන් ඇල්ලුවත් ඊට ඇමති බන්දුල ගුණවර්ධන කිසිදු පියවරක් ගත්තේ නැත.
ඒ මෙම හොරකමේ මුලිනම තම පුත්‍රයා සිටින නිසා සියල්ලම යට ගැසු බව දැන් රටම දනී. එත් පසු ගියදා දුරකතන සංවාදයක් පිලිබදව කියා CWE එකේ සභාපති තේනුර ගුණවර්ධන වහාම ඉවත් කලේය . ඒ තේනුර ගුණවර්ධන බන්දුලට දෙකට නොනැමෙන නිසා බව අපිට ආරංචි විය. බන්දුලගේ ලංකා සතොසේ වර්තමාන සභාපති ගේ පැටිකිරිය අපි ලියා ඇත. පහතින් ඇත්තේ ආනන්ද පිරිස් නැමති හොරා පිලිබද කතාවයි.
69 ලක්ෂක් වු රටේ ජනතාව ජනාධිපති කමට තෝරා ගත්තේ මිනිමරුවෙක් , රටේ ධනය සොරාගත් පල් හොරෙකි. දැන් වටේ සිටින සියල්ලම පත් කරගන්නේත් පට්ටම දුෂිතයන්ය. ඊට දිනපතා එකතුවෙන නම් ලැයිස්තුව එසේ මෙසේ නොවන්නේය. ඒ අතර ආනන්ද පීරිස් නොකඩවාම තම මුල්තැන තබා ගැනීමට වෙර වීරිය දරණ අයෙකි.
දුෂිතයන් අතරින් අති දුෂිතයෙකු බවට කිවයුතු නොවන්නේ රිය අද්මිරාල් ආනන්ද පීරිස් කී සැනින් පට්ටම හොරෙකු බව සංඛේතාත්මකව කියවෙන නිසාවෙනි. මොහු දැන් ගෝඨාභය ගේ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජනරාල්ය. සිවිල් ආරක්ෂක බලකාය (ග්‍රාමාරක්ෂකයන් ) විසින් වසර ගනනාවක සිට මන්නාරම කොන්ඩච්චි ප්‍රදේශය තුල අක්කර 4000 ක් පමණ කාජු වගාවන් පවත්වා ගෙන යනු ලබයි. එම ප්‍රදේශ තුලම ඉදිකරන ලද කුඩා නිවාස වලම නතරව සිට මෙම කජුවගාව කරමින් ඇත. එම වගාව තුලින් උපයන ආදායම රජයේ ගිණුමට බැර විය යුතුය.
එම කජු පලදාව ලැබෙන විට මෙතෙක් සිදුව ඇත්තේ සෑම වසරකදීම කජු මෙට්ට්‍රික් ටොන් 80,000-90,000 ක් ශ්‍රි ලංකා කජු සංස්ථාවට විකිණීමය මෙය ඉතාම ලාභ උපයන ආදායමක් වී ඇත්තේ ඉතාම සරු අස්වැන්නක් කොන්ඩච්චි කජු වගාවෙන් ලැබෙන නිසාය. ඒත් සිවිල් ආරක්ෂක බලකාය භාරව පැමිණි රිය අද්මිරාල් ආනන්ද පීරිස් කිසි දවසක එම කජු සංස්ථාවට විකුණා නැත. පසු ගිය වතාවේ අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 92,000ක් වී ඇත. ඉන් කජු ලෙලි ගැසු විට ඒය 80,600 දක්වා අඩු වී ඇත. එම ප්‍රමානය කොන්ඩච්චි කදවුරේ අක්කර 4000 ක් භුමිය මැද ආරක්ෂිතව ඉදිකරන ලද විශාල ගොඩනැගිල්ලක තබා ඇත.
එම විකිණීමට සුදානම් කොට තිබු කජු රාත්‍රි පැමිණි අලි විසින් කාදමා ඇතැයි සටහන් යොදා රිය අද්මිරාල් ආනන්ද පීරිස් විසින් වෙළෙන්දෙකුට විකුණා ඇත. . ඔහු සතුව නුවර එලිය සුඛෝපභෝගි හෝටලයක් ඇති අතරම එම හෝටලයේ සියළු සේවකයන් සිවිල් ආරක්ෂක බලකායේ රජයේ වැටුප් ලබන පුද්ගලයන්ය, හෝටලයට අමතරව දෙහිවල තැබැරුමක් සහිත කාමර 60 කා හෝටලයක් ඔහු සතුව ඇත .
කක්කොට්ටා නැමති ජනාධිපති ගෝඨාභය හොරාකමින් දිලිත්ලා ,නිස්සංකලා එක්ක එකට කනකොට ගෝලයන්ට දුෂණය නොකරන්න යැයි කියන්නේ කෙසේද ඒ නිසාම දැන් ගෝඨාභය ජනාධිපති දැයි ඔහුම කල්පනා කරනවා විය හැකිය.
රිය අද්මිරාල් ආනන්ද පීරිස් වසරකට රජයේ දේපල වලින් පමණක් ඔහු උපායන ආදායම කෝටි 19-20 ත් අතර යැයි කීවොත් ඔබ පුදුම වෙනු ඇත .ඒත් ඇත්ත එයයි.
ඒ සියල්ලම රජයේ ආදායමට අහිමිවන මුදල්ය. ඊට එරෙහි නොවන තාක් ඔබලා මී හරකුන් සේ දෙන දේ කා වෙන දේ බලා සිට ඉක්මනින් පොලවට පස් වෙනු ඇතැයි කල්පනා කලයුතුය.
දැන් සතොසේ සිටින ලොකුම මීයා ආනන්ද පීරිස්ය……..
රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සතු නුවරඑළියෙ සුඛෝපභෝගී හෝටලයක්