උණුසුම් පුවත්

මෛත්‍රිපාලනයේ වලකපා ගන්න තටමන ඇමතිවරු මාධ්‍යටත් පොලු මුගුරු උස්සයි

Spread the love

පසුගිය පාලන කාලය නිමවීමේ අවසානම තුරුම්පුව මුලින්ම පටන් ගෙන ඇති මෛත්‍රිපාලනය ඉතාම ඉක්මනින් තම රජයේ මිනිවල කපාගනිමින් සිටි.

මෛත්‍රිපාලනයක් යහපත් රටක් අනේ මන්දා මෙහෙම කවුරුත් කිව්ව වගේ නිකමට මතකයි. ඒක හීනයක්ද කොහේදෝ…? ආණ්ඩු ඇතිවීම හෝ නැතිවීම ආරම්භ වන්නේ ජනතා මැදිහත් වීමෙනි.

මේවන විට මුළු ලෝකයම එකම ගම්මනයක් බව නොදන්නේ ආණ්ඩුවේ ඉන්න පිං ගොන්ටික පමණි.(කිසිවක් නොකර ජනතාවගේ මුදල් කාදමමින් සිටින තරබාරු ශ්‍රිලංකාවටම ආවේනික එක්තරා සත්ව කොට්ඨාශයකි )

පසු ගිය පාලන කාලය කොතරම් ඒකාධිපති බවක් ගත් නමුත් මෙවනි ආකාරයේ කිසිදු ගොන් තක තිරු නිති ගෙන ඒමට කටයුතු නොකිරීම ඉතාම අගය කල යුතු දෙයකි.

එත් අන්තිමටම සිදු වුයේ යහපාලනයක් අටවා ගත් මාධ්‍යටම අද වන විට ඉතාම දැරුණු තත්වයකට මුහුණ දීමට සිදුව තිබීමයි.
කොහොම උනත් ආණ්ඩුව දැන්කල යුත්තේ පලමුවම කලයුතුදේ පලමුව කර අන්තිමට කලයුතු දේ අන්තිමට කිරීමයි.

මෛත්‍රිපාලනය ඉක්මනින්ම වල දැමීමට තටමන නිලධාරීන් හා ඇමතිවරු සේරම ජනාධිපතිව ගොනාට අන්දවා ඉතාම හෙමින් සිරුවේ ඔහුව ළඟදීම කනත්තට නම දක්කාගෙන යනබවයි.


Spread the love

Leave a Comment

You may also like