ඕලන්ද ජිනවංශ ස්වාමීන්වහන්සේ ඝාතනය කල බව දින කිහිපයකට පෙර අනාවරණය විය. උන් වහන්සේගේ දේහය හමුවන විට ගලක් ගැටගසා දියේ ගිල්වා තිබූබව ප්‍රකාශ විය.
උන් වහන්සේ විනයධර, ධර්මධර, උගත් බුද්ධිමත් භික්ෂූන්වහන්සේ නමක් විය. මරණය ගැන සැක සැම අතටම විහිදී ගියේය. ඊට ප්‍රධාන හේතුව මිනීමැරුම් වලට ප්‍රසිද්ධ රජයක් බලයේ සිටීමත් මෑතකදී පරණ සුපුරුදු ගමනෙහි යෙදෙන ආකාරය පෙනෙන්නට තිබීමත් ය.
එසේම ගෝඨා ප්‍රමුඛ බත්බැලයන් සුපුරුදු මිනීමැරුම් ආරම්භ කර ඇත. ආරණ්‍යසේනාසනය ඇති දුපතට කෙල හලන දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් සිටී. මොන මගුල කරන්නත් ආරණ්‍යසේනාසනය අයින් කල යුතුය. අම්බලන්ගොඩ දෙසින් දූපතට පාලමක් ඉදිකිරීමට ගත් උත්සාහයක් සාර්ථක වී නැත.
දෙල්දූව ආරණ්‍යසේනාසනය වජිරඥාණ ධර්මායතනය අනුබද්ධ භාවනා මධ්‍යස්ථානයකි. වජිරඥාණ හිමියන්, මඩිහේ මහානාහිමියන්, රාහුල නාහිමියන්, නාරද හිමියන්, පියදස්සී හිමියන් වැනි ලෝක පූජිත යතිවරයාණන් වහන්සේලා ගේ නිකාය අමරපුර ධර්ම රක්ෂිත නිකායයි.
එහි වර්තමාන නායකත්වය හොබවන්නේ වජිරාරාම වාසී තිරිකුණාමලයේ ආනන්ද මහා නායක හිමියන්ය.
ජිනවංශ ස්වාමීන්වහන්සේ ගේ අපවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කල නාහිමියන් කියා සිටියේ මෙය සියදිවි නසාගැනීමක් විය හැකි බවයි.
මෙය කා වෙනුවෙන් කාව ආරක්ෂා කරන්න කරන ලද්දක් ද යන්න සිතා බැලිය යුතුය. දැනට මරණය පිලිබද පරීක්ෂණ පොලිස් නිලධාරින් සිදුකරයි.
එය සියදිවි නසාගත්තා විය හැකි බව සහ ජිනවංශ ස්වාමීන්වහන්සේගේ මනස වෙනස් විය හැකි ව තිබූ බව ආනන්ද හිමියන්ගේ මාද්‍ය නිවේදනයේ සදහන් විය. ආනන්ද හිමියන්ට පරචිත්ත විජානන ඥානය තිබෙන්නේ දැයි අපි නොදනිමු.
කෙසේ වුවද නායක හිමියන් දන්නා යම් කිසිවක් මේ මරණයේ ඇත. එසේ නැත්නම් එක වරම සියදිවි නසා ගැනීමක් එලියට පනින්නේ නැත.
අපි දන්නා පරිදි ආනන්ද හිමියන්ට, මනෝ විද්‍යාව හෝ අපරාධ වෛද්‍ය විද්‍යාව පිලිබද උපාධියක් ද නැත.
ඒ අනුව මිනීමරුවන් වසන් කිරීමට සහ අපරාධකරුවන් වසන් කිරීමට උත්සාහ කිරීමක් බැලූබැල්මට පෙනේ.
එසේම අපි සෝම හිමියන් ගේ ඝාතනයට වසර 17 සම්පූර්ණ වන හෙට 12/12 දින මතක් කර සිටින්නේ සෝමහිමි මරා අවමංගල්‍යයට කදුලු ගෑස් ගසා හරියටම වසරක් ගතවන විට 2004 සුනාමිය රටම විනාශ කලේය.
මෙම ස්වාමින් වහන්සේගේ මෘත ශරීරය පිලිබදව පැවති පශ්චාත් මරණ පරීක්ෂණායේදී කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ජානකී වර්ෂාහැන්නැදි මහත්මිය දී ඇති මරණයට හේතුව දියේ ගිලීමක් වුවත් කකුල් දෙකේ ගලක් ගැට ගසා ගඟට දැමු නිසා මෙය මිනිමැරුමක් වේ. ගෝඨාභය රාජපක්ෂලා හා ඔහු ගේ හමුදාජුන්ටාව ලවා මෙය කරවා ඇති බවට පෙර හැසිරීම් වලින් අපි ස්ථිරවම කියන්නෙමු. එසේම දැනට අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉදිවෙන චීන සමාගම් සමුහයේ තවත් කාමර 450 ක සුඛෝපභෝගි හෝටල් ව්‍යප්තෘතියක් දොඩම්දුව,පොල්ගස්දුව ප්‍රදේශයේ ඉදිකිරීමට රාජපක්ෂලා කලක පටන් කුරුමානම් ඇල්ලුවත් ඊට ඕලන්දයේ ජිනවංශ හිමි ගෙන් කිසිදු ඉඩක් නොවීය ඒත් එම භුමිය තුල සංවර්ධනයක් කොට පාලමක් දැමීමට තිකුණාමලේ ආනන්ද හිමි ගේ අකමැත්තක් තිබී නැති බවද අපවෙතට තොරතුරු ලැබී ඇත. කෙසේ වෙතත් මෙය ස්ථිරවශයෙන්ම රාජපක්ෂලා ගේ අනුහසින් ඕලන්ද ජිනවංස හිමි මරාදමා ඇති බව අපි කියන්නෙමු.
අල්පේච්ඡ ජීවිතයක් ගත කල ජිනවංශ ස්වාමීන්වහන්සේගේ ජීවිතය අහිමි කල පාදඩයන්ට සහ උන්ව බේරාගැනීමට උත්සාහ කරන සැමට විශ්වයෙන් යුක්තිය ඉටු වනු ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස