ගෝඨාභය හා කමල් ගුණරත්නට අයියා යැයි කියා ආමන්ත්‍රනය කරණ රට කෑ කියත් මගේ යාවජීව සාමාජිකයෙක් වු වෛද්‍ය හේමන්ත රණවක මහර නැති වු ජීවිත හා විනාශ වු රජයේ දේපල වෙනුවෙන් වහාම අත් අඩංගුවට ගෙන විමර්ෂණය කලයුතුය. සිද්ධිය යට ගැසීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සමඟ ඉහල නිලධාරින් කොතෙකුත් උත්සහා ගත්තත් අප සතුව සාක්ෂි ඇත. සිද්ධිය මෙසේය………
බන්ධනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍යහේමන්ත රණවක…….
බන්ධනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍යහේමන්ත රණවක මුලස්ථානයේ රාජකාරි නිරත වෛද්‍යවරුන් භාරව හා රෝහල් භාරව සිටින ප්‍රධානතම පුද්ගලයා ඔහුය. සමස්ථ බන්ධනාගාරවලම රෝහල් පරිපාලනය රෝගින් පිලිබදව නිසි තීරණ ගැනීම ඔහු සතුය. කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වීමත් සමඟම වැලිකඩ බන්ධනාගාරය හා තවත් බන්ධනාගාරවල මෙය පැතිරීම සිදු වුවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් දෙණිය හා පාලන චන්දන ඒකනායක ,උඩුවර වැනි නිලධාරින් දැඩි කැපවීමකින් එය යම් මට්ටමකට ව්‍යාප්ත වීම පාලනය කරමින් පැවතියේය. ඒත් නිතරම කට මැත දොඩවන වෛද්‍ය හේමන්ත රණවක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ව පයිසෙකටවත් ගන්න නොගන්නේ “මට කමල් අයියගේ වැඩක් කරන්නත් තියෙනවා …” යනුවෙන් නිතර, නිතර පාරම්භාන පුද්ගලයෙකි. කොරෝනා තත්වය තුල කිසිදු සිරකරුවෙක් තවත් බන්ධනාගාරයකින් වෙනත් ස්ථානයකට පිටත් කල යුතුනම් ඒ පුද්ගලයන් වහාම PCR කලයුතු බවට කොමසාරිස් ජනරාල් චක්‍ර ලේඛණයක් නිකුත්කලේය . ඒ පිලිබදව දැඩි සීමාවන් පැනවී තිබුණි. ඒත් වැලිකඩ තත්වය අහිත කර මට්ටමට පැමිණි විට සිරකරුවන් වෙනත් බන්ධනාගාර වලට යැවීම කලයුතුය. ඊට කිසිදු තර්කයක් නැත. ඒත් එසේ යැවිය යුත්තේ PCR කිරීමෙන් පසුවය.
PCR පරික්ෂණයක් නොකර මහර බන්ධනාගාරය වෙතට එවා…….
ඒ බවට ලිඛිත චක්‍රලේඛණයක් ඇත.(එහි පිටපතක් අප සතුව ඇත). වෛද්‍යවරයෙකුවීත් මේ පිලිබදව කිසිදු අවධානයක් යොමු නොකල වෛද්‍ය හේමන්ත රණවක 2020 /11/10 දින හා 11 වන දින වැලිකඩ සිට රැදවියන් 114 දෙනෙකු කිසිදු PCR පරික්ෂණයක් නොකර මහර බන්ධනාගාරය වෙතට එවා ඇත. නියෝජ්‍ය අධ්‍යක්ෂක විසින් වැලිකඩ කොරෝනා වගාවක සිට මහර බන්ධනාගාරයට PCR පරීක්ෂණයකින් තොරව රැදවියන් යැව්වේ බන්ධගාර කොමසාරිස් ජනරාල් ගේ චක්‍රලේඛණ පවා අමු අමුවේම උල්ලංගණය කරමිනි. මේ අමන ක්‍රියාව සමස්ථ විනාශයේම මුලාරම්භය විය,මහරට පිටත් කොට යවන ලද රැදවියන් PCR පරික්ෂණයට යොමු කොට ඇත්තේ 2020 /11/13 වන දිනය. පසුව පරික්ෂණ වාර්තා පැමිණෙන තුරු වෛද්‍ය හේමන්ත රණවක විසින් එව් රැදවියන් හා ඒ වනවිට මහර සිටි රැදවියන් සියල්ලම සිට ඇත්තේ එකටය. එම රැදවියන් ගේ PCR පරික්ෂණ වාර්තාවන් ලැබී ඇත්තේ 2020/11/28 වන දිනය. එම වාර්තාවන්ට අනුව වැලිකඩින් පැමිණි රැදවියන් ගෙන් විශාල පිරිසකට කොරෝනා Positive වී ඇති බවට වාර්තා ලැබී ඇත. ඒත් සමඟම මහර සියලු රැදවියන් කලබල වී ඇත. බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයා ගෙන් ඉල්ලා ඇත්තේ කොරෝනා ආසාධිතයන් ගෙන් තමන්ව වෙන්ව තබන ලෙසටය.
කමල් අයියා ගේ අමන මල්ලි වෛද්‍ය හේමන්ත රණවක….
මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ එතෙක් ඉතාම හොදින් සිරකරුවන්ව ආරක්ෂා කරමින් කොරෝනා බෝවීමට ඉඩ නොදි තම බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා සමඟ ඉතාම හොද වැඩ පිලිවලක් ගෙන ගොස් තිබී ඇත. ඒ නිසාම මහර වෛද්‍යවරයා ස්ථාවර නියෝග පවා සකස් කොට බන්ධනාගාර අධිකාරි වීරසිංහ සමඟ තමා ගේ රැදවියන්ව ආරක්ෂා කිරීමට වැඩ පිලිවලක් ගෙනගිය බව අප වෙත අදහස් දැක් වු නියාමක වරයෙකු කියා සිටින ලදි. ඒත් ඒ සියල්ලම ගඟට කැපු ඉනි සේ විනාශ වී ගියේ කමල් අයියා ගේ අමන මල්ලි වෛද්‍ය හේමන්ත රණවක නියෝජ්‍ය අධ්‍යක්ෂක කියත් මගේ වාහේ ගේ නොසැලකිලිමත් කම නිසාය. ඉන් සිදු වු ජීවිත විනාශය සුළු පටු නොවේ රැදවියා ගේ පැටිකිරිය අපිට අදාලම නැත. අපිට ඔහු මනුෂ්‍යයෙකි. සමාජයේ කවරෙකු වුවත් ඔහු මිනිසෙකි. ඒ නිසාම මෙම නැති වු ජීවිත වලට වගකිවයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත රණවක වහාම අත් අඩංගුවට ගත යුතුය. වෛද්‍ය හේමන්ත රණවක නියෝජ්‍ය අධ්‍යක්ෂක නැමති කියත් මගේ අමනයා නැති වු ජීවිත වලට සම්පුරණවම වගකිවයුතුය. ඊට එරෙහිව පෞද්ගලික නඩු පැවරීමට අපි රැදවියන් ගේ ඥාතින්ට දැනුම් දෙන්නෙමු. 2020/11/28 දින හවස සිරකරුවන් ඉල්ලා සිටියේ මෙසේ අසාධනය වු පුද්ගලයන් වෙන් කර තබන ලෙසයි . ඊට බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහද නිසි ප්‍රතිචාර දක්වා ඇති නමුත් ප්‍රායෝගිකව කිසි සේත් එසේ සිදු කිරීමට නොහැකි තත්වයක් ඇතිව තිබේ සිරකරුවන් 1200 ක් දැමිය හැකි මහර බන්ධනාගාරය තුල සිරකරුවන් 3200ක් සිටීම ගිනිපෙට්ටියක ගිනිකුරු අසුරා තිබීමට සමානය.
“බොසා” නැමති පාතාල නායකයා………
ඉන් රටට කියා පාන්නේ රටේ නිතිය හා සාමය වල්වැදී ඇතිබවත් ,දුරාචාරය ,හා ආධිකරණයේ සමානාත්මතාවය විනාශවී ඇති බවයි. මෙහිදි 2020/11/28 දින සවස රැදවියන් දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබේ. නමුත් බන්ධනාගාර ප්‍රධාන අධිකාරි හා වෛද්‍යවරයා එක්ව එම තත්වය යම් මට්ටමක්ට සමනය කල නමුත් ඒ වන විට බන්ධනාගාර ගතව සිටි “බොසා” නැමති පාතාල නායකයා සිරකරුවන් කුපිතකරමින් සමස්ථ බන්ධනාගාරයම එක්වරම එලියට ගැනීමට උත්සාහා ගෙන ඒ වන විට සැකපිට අත් අඩංගුවට ගෙන රදවා සිටි පුද්ගලයන් ඒකරාශි කොට ගල්මුල්වලින් පහරදී එකවරම නිලධාරිටද ,ඊට සහයෝගය නොදෙන සිරකරුවන්ටද ,පහර දෙමින් තත්වය උත්සන්න කර ඇත්තේ පාතාලේ නායක බොසාය.
අධිකාරි ජගත් වීරසිංහ වෙඩි තැබීමට නියෝග දී……
ඒ අවස්ථාවේ සිරකරුවන් සතුව කිසිදු අවි ආයුධයක් තිබී නැත. එම තත්වය මැඩලීමට අධිකාරිවරයා විසින් ශබ්ද වාහිනී යන්ත්‍රවලින් සන්සුන් වීමට දැනුම් දී ඇත. ඊට අවනත නොවී රජයේ දේපල වලට අලාභානි සිදු කිරීම නිසා කදුළු ගැස් ගසා ඇත. ඒත් සවස් වනවිට බන්ධනාගාරයේ රජයේ දේපල වලට හානිසිදු කිරීම දිගටම කර ඇත. ඒත් සමඟම බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ වෙඩි තැබීමට නියෝග දී ඇත.
ව්‍යාග්‍රයා පෙත්ත අදුරා ගැනීමට බැරි වු වීරවංශ……..
කැරැල්ලක් සන් සුන් කිරීමට නිසි ක්‍රමවේදයන් අනුගමනය කලත් ඊට අවනත නොවෙනවා නම් වෙඩි තැබීමේ නියෝග අධිකාරිවරයාට නිකුත් කල හැකිය. රජයේ දේපල හා නිලධාරින් ගේ ජිවිත ආරක්ෂාවට වෙඩිතබා ඇත. එය ඔහු ද පිලිගනි. ඒ නිතියානුකුල ක්‍රම වේදයකි. ඒත් රටේ ජනතාවට ප්‍රශ්ණය ඇත්තේ මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගියේ රිවස් පෙතිබීලා යැයි කීවේ ගෙදර දී තම බිරිද තරුණයකුට ව්‍යාග්‍රයා පෙත්තක් දී මිය යාමේදී ඒ පෙත්ත අදුරා ගැනීමටවත් බැරි වු වීරවංශ නැමති බේගලාය. ඒත් සමඟම බන්ධනාගාර ඇමතියෙක් පත් විය ඔහු හිටපු මිනිමරුවෙකි. අධිකරණයේවිනිසුරුවරියන් ,විනිසුරුවරන් විකිනුණු මහින්ද යුගයේ විනිසුරන් දීපු තීන්දුවෙන් බේරුනු ලොහාන්ට ගෝඨාභය තොරලාම දුන්නේ නියම අමාත්‍යංශයයි. ඒ සමඟම ලොහාන් ගේ කරට වැටුණ මහර සිදුවීමේ ලොහාන් පොරක් වීමට ගොස් ගෝඨා සේම ඇණ ගත්තා පමණක් නොව ගා ගත්තාය. ඒ “කිසිදු රැදෙවියකුට අපි වෙඩි තැබුවේ නෑ…” කියාය. ඒත් සමඟම වැලිසර අධිකරණයේ දි මරණකරුවන් ගේ අයිතින් වෙනුවෙන් නිතිඥ නාමල් රාජපක්ෂ , අචලා සෙනවිරත්න , සේනක පෙරේරලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට අධිකරණ වෛද්‍යවරයාට නියෝගයක් ඉල්ලා සිටියාය. එය ලැබීමත් පශ්චාත් මරණ පරීක්ෂණවල දී සිරකරුවන්ට වෙඩිතබා ඇති බවත් මරණයට හේතුව වෙඩිතැබීමෙන් සිදු වු තුවාල බවට නිගමනය වී ඇත. එයින්ද ලොහාන් ගේ කලිසම ගැලවුනි.
අළුත්ම නාටකය සමයං -කොමිසං මහර ටත්…..
දැන් අළුත්ම නාටකය සමයං -කොමිසං මහරටත් පත් කලාය. ඊට සභාපති සමඟම නිතිඥ සංගමයේ හිටපු සභාපති යු .ආර්.ද සිල්වා පත්කලාය අසාමාන්‍ය ස්වාධීන චරිතයකි. ඒ ස්වාධීනත්වය කොතෙක්දැයි කිවහොත් මොහුට මහින්දලා ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු විට ඉබේම ඉද ගෙන ඉන්න පුටුවෙන් නැගිට්ටෙන තරමටම වහලෙකි.එවන් වහලෙකු ගේ ස්වාධීනත්වය ඊයේ රාත්‍රි හිරු නාලිකාවෙන්ම ඉතාම හොදින් රටට පෙන්නුවාය. වරෙක මොහු නිතිඥ සංගමයේ සභාපති ලෙසට සාමාජික ගාස්තු සොරකම් කලාය. ඒවාට අවසානයේ නිතිඥ යන්ගෙන් සිදු වු සියල්ලටම සමාව ඉල්ලා ලිපි එව්වාය .ඒවා අපි සතුව ඇත. එසේම මිනිමරු චොකා මල්ලී වෙනුවෙන් මහින්දලා ගේ කීමට පෙනි සිටියේ මෙවනි හොරෙකි. දැන් වියත් මගේ වෛද්‍ය හේමන්ත රණවක බේරීමට ගොස් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගේ සිට පහලටම නා ගත්තාය. කොහොම වුවත් දැන් රටේ ආර්ථිකයට ඉතා ළඟදීම යුරෝපා සංගමයෙන් තීරු බදු සහණය ඉවත්වෙනවා ඇති. ඒ ගෝඨා ගේ මෙවනි ක්‍රියාවන් නිසාය.
දැන් මහරට ඇති එකම විසදුම අදුරේ අත නොගා බන්ධනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කලයුතුය.එවිට ඇත්ත එලියට එනවා ඇත. එවිට රටේ ජනතාව සත්‍ය දැන ගනු ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස