වෙනත්

රාජ්‍ය බුද්ධි අංශ විනිසුරන් ගේ රාජකාරි හා පෞද්ගලික දුරකථන වලට සවන් දෙයි…….

Spread the love

බලපිටිය මහාධිකරණ විනිසුරු තුමියගේ පෞද්ගලික දුරකතන අංකය ජාතික රහස් ඔත්තු සේවය (එස්අයිඑස් ඒකකය)මගින් ගත් උත්සාහයක් ව්‍යර්ත වීමේ සිදුවීමක් බලපිටියෙන් වාර්තාවේ.

බලපිටිය මහාධිකරණයේ දැනට සේවයේ නිරත විනිසුරුතුමියගේ පෞද්ගලික දුරකතන අංකය තමන්ට ලබා දෙන ලෙස ජාතික රහස් ⁣ඔත්තු සේවයට අනුයුක්ත පොලිස් නිළධාරියකු විසින් මහාධිකරණ නිල නිවසේ ආරක්ෂක කටයුතු බාර පොලිස් කොස්තාපල්වරයකු ගෙන් ඉල්ලා ඇති අතර එය ඉතා රහසිගතව සිදුකරන ලෙසත් වැඩිදුරටත් පවසා තිබේ 
       ⁣එහෙත් මහාධිකරණ විනිසුරු නිලනිවසේ  නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරත එම පොලිස් කොස්තාපල්වරයා ජාතික බුද්ධි සේවාවේ නිළධරියා තමන්ට සිදුකළ අදාල බලපෑම පිළිබඳව මහාධිකරණ විනිසුරුතුමිය දැනුවත් කර ඇත.
මේ සිදුවිම පිළිබඳව දැනුවත් වූ බලපිටිය මහාධිකරණ විනිසුරුතුමිය ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා ගෙන්වා ජාතික රහස් ඔත්තු සේවාව මගින් අධිකරණ සේවාවේ නිරත තම පෞද්ගලික අනන්‍යතාවය ඉක්මවා කටයුතු කොට ඇති බව පවසා ඒ  පිළිබඳව බරපතල ආකාරයෙන් දොස් පැවරූ බවට වාර්තාවේ 
කෙසේවෙතත් මේ සිද්ධිය මගින් අප හට තහවුරු වන්නේ රජය අධිකරණ විනිසුරුවරුන්ගේ දුරකතන වලට පවා සවන්දීමට සැලසුම් කර ඇති බවකි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like