රටේ නිතිය හා අධිකරණය පිලිබදව කිසිදු විශ්වාසයක් නැති මොහොතක ඒ විශ්වාසය, පිච්චීමට ඉඩ නොදෙන බව සමාජයට කීමට තරම් නිර්භීත වු වැලිසර මහේස්ත්‍රාත්වරයාට රටේ ජනතාව ගේ ගෞරවය අපි පිරිනමන් නෙමු.
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ 04/12/2020 දින මහර සිදුවීමේ වෙඩි වැදි ඇති රැදවියන් ගේ ඥාතින් විසින් ගොනුකර තිබු ඉල්ලීමක් වෙනුවෙන් පරික්ෂණය පැවැත්විය. එහිදි මහර රැදවියන් වෙනුවෙන් නිතිඥ අචලා සෙනවිරතන,සේනක පෙරේරා,නාමල් රාජපක්ෂ යන නිතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ …. . වසංගතයන් පැමිණියත් නොපැමිණියත් නිතිය සැමදාම පැවතිය යුතු බවයි…….. ඒත් කොරෝනා රටින් තුරන් කරනවා වෙනුවට දැන් පාලකයන් සිදු කරමින් සිටින්නේ කෝරෝනාවට මුවාවී නිතිය රටින් තුරන් කිරීම බව ඇය අධිකරණයට පැවසීය. “මහර වෙඩි තබා ඇත්තේ නිරායුධ රැදවියන්ට බවත් මෙම පුද්ගලයන් ගේ මෘතශරීර 11 ක් මේවනවිට රෝහලේ ඇති නිසා මේ පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේනම් ඒය ඉදිරියේ නරක පුර්වා දර්ශයක් වනබවත් ඒ ආකාරයට රටේ නිරායුධ මිනිසුන්ට වෙඩි තබා ඔවුන්ට කොරෝනා ඇති බව කියා පුළුස්සා දැමීමට රජයේ බලධාරින් ක්‍රියා කරන බවට කරුණු සැල කලේය. ඊට එරෙහිව කරුණු ඉදිරිපත් වු රාගම පොලිස් ස්ථානාධිපති හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සිටි නිලධාරියා කියා සිටියේ දැනට මෙම පුද්ගලයන්ට කොරෝනා වැලදී ඇති බවත් ඒ නිසා මෙම මෘතශරීර පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකරන ලෙසය . ඒත් වැලිසර මහේස්ත්‍රාත් වරයා කියා සිටියේ. ” කොරෝනා රෝගයක් උවත් මෙහි වෙඩි වැදී ඇති බවට රැදවියන් ගේ පාර්ෂවයෙන් දැනුම් දෙන නිසාම ඊට මරණ පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි. අධිකරණ වෛද්‍යවරයා ඊට එකඟ විය ඉන්පසුව මෘත ශරීර භුමදානය කරනවාද ,ආදාහනය කරනවාද යන්න පිලිබදව ගැටලුව විසදා ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂක කැදවා තිබුණි. එහිදි එක් මෘත ශරීරයක් අදුනා ගෙන තිබු අතර එම මෘත ශරීරය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට හැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරි දැනුම් දෙන ලදි. ඒත් වැලිසර මහේස්ත්‍රාත් මෙම සිද්ධිය පිලිබදව කරුණු දැක්වීමට රජයේ නිතිපතිට දැනුම් දී තිබු නමුත් ඊට නිතිපති දෙපාර්තමේන්තුවේ කිසිවෙකු පැමිණ සිටියේ නැත. නිතිපති දප්පුලු සුපුරුදු පරිදි දීර්ඝ දිනයක් ඉල්ලා තිබුණි. අඩුම තරමින් කුඩා ළමයෙකු ගේ දැනුමක් හෝ තිබුණා නම් දප්පුලු දීර්ඝ දිනයක් ඉල්ලන් නේ නැත. කෙසේ වුවත් කෝරෝනා ඇත්තේ ශ්‍රි ලංකාවට පමණක් නොව ලෝකයේ රටවල් කොරෝනා නිසා තමා ගේ රටේ ජනතාවට සහන සලසනවා මිස වෙඩිතබා මරා දමන්නේ නැත. නිතිය අවනිතිය කරන්නේද නැත. විශේෂයෙන් මහර මිය ගිය පුද්ගලයන්ට යුක්තිය ඉටුවිය යුතුය. එසේ නොවුන හොත් රාජපක්ෂලා ගේ වන්දිබට්ටයන් පමණක් ඉතිරි කොට අනික් මිනිසුන් මරාදමා කොරෝනා යැයි පුළුස්සා දමනු ඇත. මරණ පරික්ෂණයක් මෙතෙක් නැතත් අභිනව බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්තේ කියන පරිදි වෙඩි තබා නැති නම් වෙඩි තැබු සලකුණු මරණකරුවන් ගේ මෘත ශරීර වල ඇත්තේ කෙසේද ? සත්‍ය ලෙසම බන්ධනාගාරයේ ගැටුම සිදු වුවත් ඊට විවිධ අර්ථ කතන දීමට ඇමති මැට්ටන් ගොස් දැන් “සර් ” එකත් ඇණ ගත්තායැයි මිනිසුන් කියන්නේ මරි මෝඩ ඇමතියන් කියන කතා අසාය.මෙහි වැඩිදුර විමර්ෂණය හෙට 08/12/2020 දින පැවැත්වීමට නියතව ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස