ශ්‍රී ලoකාව තුළ ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන නීතිය සෞඛ්‍ය බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීමේ පිළිවෙත බලු නොවටින තත්වයකට පත්ව ඇත.
එය ක්‍රියාත්මක වන්නේ එක් එක් අයට ඕනෑ ආකාරයටය.
විදේශ රටවල සිට පැමිණෙන අයට ගුවන් තොටුපළට පය ගහපු දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු බවත් ඉන් පසු තවත් දින 14 ක් නිවසට වී ස්වයo නිරෝධායනය විය යුතු බවත් මුලින් කියා තිබුණි.
ඒ අනුව මුල් යුගයේ විදේශයක සිට පැමිණෙන්නන් යුද හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වල ඔවුන්ට නොමිලේ නිරෝධායන පහසුකම් ලබා දුන්නේ වෙනත් කිසිම රටක ලබා නොදෙන අන්දමිනි.
එහෙත් දෙවෙනි කොරෝනා රැල්ලත් සමග එය බිස්නස් එකක් බවට පත් විය.
මුල් අවදියේද අත මිට ඇති අයට දිලිත්ලාගේ හෝටල වල මුදල් ගෙවා නිරෝධායනය වීමේ පහසුකම් සලසා තිබුණි.ඒ බිස්නස් එකෙන්ද ලාබ ලැබුවේ තම වසා තිබූ හෝටල් නිකම් ලබා දෙන බවට බොරු කියූ දිලිත්ලාමය.
ඉන්පසු මේ වෙළඳාම ඇවන් ගාඩ් එකටද බෙදුණු අතර පැණි වරකාවට හෙන ගැහුවාක් මෙන් දිලිත් හා නිස්සoක සේනාධිපති අතර විරසකයෙන් ඇවන්ගාඩි කැපී ගියේය.
දැන් එය කරන්නේ හමුදාවය.
ඒ සඳහා ශවින්ද්‍ර ගේ බිරිද සුජීව නෙල්සන් හා සම්බන්ධ හෝටලද ඇතුළුව හෝටල් 80 ක් පමණ යොදා ගනී.
දිනකට රුපියල් 7500/= සිට 12,500/= දක්වා එක් අයකුගෙන් දින 14 ක් නොව ආ දිනය ගණන් නොගෙන දින 15 කට අය කර ගනු ලැබේ.
මේ සඳහා අයකුට ලැබෙන්නේ වතුර බෝතල් හා තේ සමග වේල් තුනට කාමරයට සපයනු ලබන කෑම පාර්සල් තුනක් පමණි. මේ වේල තුනට රු. 1000/= ක් වත් වියදම් නොයයි.
විදුලිය ඉතිරි කර ගැනීමට ඇතැම් හෝටල් රාත්‍රියේ වායු සමීකරණ යන්ත්‍ර නවත්වා දමන බවටද පැමිණිලි ඇත.
මේ වන විට දින 14 නිරෝධායනය හා තවත් දින 14 ස්වයo නිරෝධායනය අනවශ්‍ය බවත් ආසාධිත (positive ) පුද්ගලයකුගෙන් වුවත් වයිරසය දින 7 කට පසු ව්‍යාප්ත නොවන බවත් සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනා ගෙන තිබේ.
එසේ වුවත් දින 15 හෝටල් නිරෝධායන බිස්නස් එක ජයටම ක්‍රියාත්මකය.
මැද පෙරදිග සේවය කොට පැමිණෙන ගෘහ සේව්කාවකට එහිදී මාස තුනක් දුක්විඳ ලබන වැටුප මෙම දින 15 නිරෝධායනය වෙනුවෙන් හෝටල වලට ගෙවන්න සිදු වේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස