හිටපු බුද්ධි අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරයේ හංඟන්න යන පුද්ගලයා කව්ද…….?

Spread the love

පාස්කු ප්‍රහාරය වනවිට රටේ බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් ලෙසට සිටියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය. පාස්කු දිනය සිහිකරමින් තම ආගමික වතාවත් කිරීමට ගිය අහිංසක මිනිසුන් 350කට ආසන්න පිරිසක් ඊට බිලි විය. ඒත් ඒවනි ප්‍රහාරයක් සිදුවන බව මුලින්ම දැනගත් ශ්‍රි ලංකාවේ එකම එකා , රටේ ජනතාවගෙන් වැටුප් ලබමින්  සහාරාන්ගේ ගම් පලාතම භාරව සුවසේ සිටි.  නිලන්ත ජයවර්ධන නොකියන ඒකම දේ තමාට මේ තොරතුර දුන්නේ කව්ද ..? යන්න එය සැඟවීමට ඔහුට රාජකාරිමය ආවරණයක් නැත. රටේ අපරාධයක් සිදුවු විට සෑම පුරවැසියකුම 1979 අංක 15 දරණ අපරාධ නිතියට අනුව තොරතුරු පැවසීමට බැදී සිටි.

ඒත් පාස්කු කොමිසම ගොනාට අන්දවමින් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවටවත් මෙය නොකියන්නේ කාගේ හයියටදැයි කිමට අපි නම් දනිමු. ඒත් රටේ ජනතාවට දැන ගැනීමේ අයිතියක් ඇත.  ඒ සලේ ගේ කීමට දැයි රටට නිලන්ත ජයවර්ධන කිව යුතුය. මෙම ප්‍රහාරය පිලිබදව මුල්ම තොරතුර  ලැබී ඔහු ඒ පිලිබදව නිසි ක්‍රමවත් පියවර නොගත් නිලන්ත ජයවර්ධන වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කලයුතුය. ඒත් කිසිදවසක එය නොවන බව අපි සහතික කොට රටේ ජනතාවට කියන්නේ ඒ තොරතුර පිටුපස සලේ සිටින  නිසාය.

අද පවත්වා ගෙන යන පාස්කු කොමිසම  විහිළුවකි.  ඉන් සිදුකරන්නේ ආණ්ඩුවට එන ගල්මුල්වලවලට පලිහක්  සේ ක්‍රියා කිරීම පමණි. කෙසේ වුවත් නිලන්ත ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවට හෝ පාස්කු විමර්ෂණ කොමිසමට නොකියන ඇත්ත දැනගන්නා තුරු කිසිදවසක පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හසු නොවනු ඇත. ඒ නිසාම අපි නැවත නැවතත් රජයට දැනුම් දෙන්නේ ඔබේ අවංක වුවමනාව ප්‍රහාරකයාට ඉහළ අණ දුන් හා ඒ සදහා අවශ්‍ය පහසුකම් සියල්ල සැපයු පුද්ගලයා ඇල්ලීම නම් වහාම නිලන්ත ජයවර්ධන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත් අඩංගුවට ගැනීම කලයුතුය. එසේම කාදිනල් හිමිපානන් වහන්සේටත් අපි දැනුම් දී සිටින්නේ ඔබවහන්සේ ගේ අවධානය ඊට යොමුකර රටේ දේශපාලන බලධාරින් ගෙ මැදිහත් වීම නතර කරන ලෙසය .

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment