වෙනත්

ක්ලේමෝ බෝම්බයේ තිරපිටපත

Spread the love

බුරවි කුනාටුව දවස අපට දැනුම් දුන්නේ කාන්තාවක් ක්ලේමෝ බෝම්බයක් සමග
අත් අඩංගුවට ගන්නා ලද බවයි. දැන් ආණ්ඩුව අලුත්ම නාට්‍යක් පටන් ගෙන
ඇත. LTTE එක සුද්දයි කියලා ආපු ආණ්ඩුව දැන් තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක
කිරීමට නැවතත් LTTE එකට පනදීමට සූදානම් වන්නේය.
මතකද නාමල් කුමාරගේ ජනාධිපති ඝාතන නාඩගම. ක්ලේමෝ බෝම්බයත් ඒ
වගේම එකක්. මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම විනාශ කරපු ත්‍රස්තවාදයට පන
දෙන්නේ අලුත් නාට්‍යයක් ආරම්භයටයි.
ක්ලේමෝ බෝම්බය සොයාගැනීම එම නාටකයේ අරම්භ යයි. දැනට ආණ්ඩුවට
හිසරදයක් වී ඇති දේශපාලනඥයන් ඉවත් කල යුතුය. පඨලී, රන්ජන්, හර්ෂ වැනි
තිතට කතා කරන උන් නිසා ආණ්ඩුවේ සහ ගෝඨාගේ සලුපිලි එකිනෙක ගැලවේ.
04.12.2020 (අද) දින පාර්ලිමේන්තු සජීව විකාශනය නවතා ඇත. ආන්ඩුව කුජීත
වීම සහ මහර බන්ධනාගාරයේ සත්‍ය වසන් කලයුතුය. පාර්ලිමේන්තුවේ විවාද
සජීවීව සමාජගත වුවහොත් ආණ්ඩුවට ඇඩ්‍රස් නැත පාර්ලිමෙන්තුවේ අහන ප්‍රශ්න
වලට ආණ්ඩුවට උත්තර නැත.
අප ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නේ ඉතාමත් ඉක්මණින් දේශපාලන
බිල්ලක් ගෙන සමස්ත සමාජය නිර්වින්දනය කර දැමීමට ආණ්ඩුව සූදානම් වන
බව පෙනේ. ක්ලේමෝ බෝම්බය දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන අතර එයට
සියදිවි නසා ගත යුතු නැත. මැරෙන ජනතාව ගැන ආණ්ඩුවට ප්‍රශ්නයක් නැත
තැන, ගැන ද ප්‍රශ්නයක් නැත. පාස්කු ඉරිදා පල්ලි, හෝටල් ලෙයින් තෙත් කල
ගෝඨා සලේ ප්‍රමුඛ පාදඩයන්ට ඒවා වගේ වගක් නැත.
ජනතාව සහ දේශපාලනඥයන් ඉතාමත් අවධානයෙන් සිටිය යුතුය. මෙහිදී බිල්ල
ඕනෑම කෙනෙක් විය හැක ප්‍රථමයෙන් ආණ්ඩු බිල්ලක් ගෙන පසුව විපක්ෂයේ
බිලි දෙක තුනක් එය පෙන්වා ගනු ඇත. ආණ්ඩුවේ ප්‍රථම බිල්ල දැනට පාලනය
කිරීමට අපහසු විමල් වියහැක. මොකද ගෝඨා මහින්ද මෙන් කලගුණ දන්නා
එකෙක් නොවේ.ආණ්ඩුවේ උන් මරාගත්තත් අපිට කම් නැත මන්ද උන් ගෝඨා මිනිමරුවෙක් බව දැන දැනම බලයට ගෙනා නිසාය. ඒත් චම්පිකලා, ෆොන්සේකලා,රන්ජන්ලා,හර්ෂලා හෝ ශවින්ද්‍ර උවත් වෙන්න බැරි නැත ඒ නිසාම දැන් දැඩි ආරක්ෂිතව සිටිය යුතුය.
ඒ නිසා ආණ්ඩු විපක්ෂ සියල්ලන්ටම සහ මහජනතාවට අප දැනුම් දෙන්නේ
රාජපක්ෂ පවුලෙන් තම ජීවිත බේරාගන්නා ලෙසයි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like