රටේ දේශපාලකයන් නක්ශාත්‍රකරුවන් පසුපස යන තත්වය දිනෙන් දිනම ඉහල යන අතර කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර අන්ධ භක්තිකයන් වී ඇත . ඊට ඉතාම ආසන්නතම සාධකය කොරෝනා සුවකිරීමට ගඟට මුට්ටි දැමීමය. ශ්‍රී ලංකාව නැවත හැරී ආපස්සට යන්නේ රාජ්‍ය නායකයාගේ ඇති ගති පුරුදු නිසාමය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට පෙර ඔහුගේ කේන්ද්‍රයට අනුව මාරක අපලයක් තිබී ඇත.
අනුරාධපුර ගුවන් හමුදා කදවුර පාරේ සිටින මෑණියෝ නමැති කාන්තාවගේ කීමට තමා ජනාධිපති වශයෙන් නම් කිරීමට ප්‍රථම ගැබ්ගත් ඇතින්නියන් හත් (07 ) දෙනකු මරා දැමිය යුතු යැයි ඇය විසින් පවසා ඇති බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත.
මෙහිදී යහපාලන රජය පැවති කාලය තුළදී ත්‍රිකුණාමල මාර්ගය සහ පොළොන්නරු ප්‍රදේශයේ ගැබ්ගත් ඇතින්නියන් හත් (07 ) දෙනකු මරා දමා තිබීම හද කම්පා කරවන සිද්ධියකි.
එම බාරය ඔප්පු කර ඇත්තේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති මාරක අපල දුරු කර ගැනීමටය. රාජපක්ෂ පවුල තරම් ගුරුකම් සහ අනේක විධි බලිතොවිල් වෙනුවෙන් බැඳෙන පවුලක් ලංකාවේ නැති තරම්ය .මේ සංසිද්ධිය නිසා රටේ වඳ වෙමින් යන අහිංසක ඇතින්නියන් හත් දෙනෙකු (07 ) තවත් කාලකන්නි මිනිසෙකු වෙනුවෙන් බිලි වීමට සිදුවතිබීම හද කම්පා කරවන සිද්ධියකි. ඒ මියගිය ඇතින්නියන් හත් දෙනාම දරුගැබ් ලබා සිටි ඇතින්නියන් වීම විශේෂත්වයක් බව අපගේ තොරතුරුකරුවන් පවසා සිටි.
මේ නිසා ලෝක ධර්මතාවයක් ඇත්නම් එය කළ පුද්ගලයින්ට නැවත ආපස්සට පැමිණේවායි ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මය. විදේශිකයන් ඊට කම්පා වුවත්, ශ්‍රි ලාංකිකයන්ට විරුවා ගේ හෙළුව දැකීමේ උන්මාදයෙන් පෙළුනේය.
