වැලිකඩ බන්ධනාගාර සිරකරුවන්ට අමානුෂික ලෙස වෙඩි තබා මරා දැමී මේ සිද්ධියට එමිල් රන්ජන් ළමාහේවා නැමැති හිටපු බන්ධනාගාර අධිකාරිවරයා එම සිද්ධියේදී සැකකරුවන්ට වෙඩි තැබූ බවට ඇසූ දුටු සාක්ෂි සහ පර්යේෂණ සාක්ෂි මගින් හෙළි වූ නියොමාල්රංගජීව නැමැති දෙදෙනා බන්ධනාගාර ගත විය.
ගෝඨාභයගේ තෑග්ග….
එදා බන්ධනාගාර ගත වූයේ ශානි අබේසේකර නමැති රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ දැනුම සහ හැකියාව නිසාය. ඊට අණ දුන් පුද්ගලයා කවරෙක්ද යන්න ශානිට හොයාගන්න හැකි වූයේ සියලු සාක්ෂි එක් කළ විට මිනිමරුවා වූ ගෝඨාභය රාජපක්ෂ අද රටේ ජනාධිපතිය.
එදා 2012 නොවැම්බර් මස 10 වන දින වන විට රටේ ආරක්ෂක ලේකම් වරයා අද රටේ ජනාධිපති වරයාය. තම රටේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරියෙකු අමානුෂික මිනීමැරුමක් සොයා රටේ නම්බුව තැබීම පිළිබඳව ශනිට හිමි වූයේ සැකකරුවන් එලියේ සිටියදී විමර්ශකයා ඇතුලට යෑමේ ගෝඨාභයගේ තෑග්ගය, ශානි අබේසේකර 2020 නොවැම්බර් 28 වන දින වන විට සිටියේ මහර සිරගතවය.
සිරමැදිරිය තුළ තබා තිබුණේ අන් කිසිවක් නිසා නොව හුදෙක් පලි ගැනීමටය. ශානිගේ ලිපි ගොනු වලට වඩා ශානිගේ ඔලුවේ සියලු අපරාධකරුවන්ගේ විස්තර පෙළ ගසාගෙන සිටින බව අපි ඉතා හොඳින් දන්නා කරුණකි. 28 වන දින වන විට ශානි සිටියේ මහර බන්ධනාගාරයේය ඒත් දෛවයේ සරදමකට එදා ශානි අබේසේකර මහරින් ඉවත් කිරීමට සිදු වූයේ ඔහුට කොරෝනා වැළඳී ඇතැයි PCR පරීක්ෂණයකින් හෙළි වුණු නිසා කියාය. කොරෝනා තිබුණා හෝ නොතිබුණා හෝ ඔහුව යැවීමට සිටියේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයටය.
එහෙත් ඊට එරෙහි වූ රටේ යුක්තිගරුක පුරවැසියන් එකහෙලාම දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ මෙහි තම විරෝධය ප්‍රකාශ කිරීමත් සමඟම හිටපු ඇමතිවරුන් වන පාඨලී චම්පික, වෛද්‍ය රාජිත සේනාරත්න, සහ හරින් ප්‍රනාන්දු තිදෙනාම මුල් වී ඇමැති චමල් රාජපක්ෂට සිද්ධිය පිළිබඳ දැනුම් දී ශානි අබේසේකර ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව කටයුතු කරමින් ඔහු නිරෝධායනයට නොයවන ලෙසත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බව දැඩිව ඉල්ලීම් කරමින් කෙසේ හෝ 28 වන දින ශානි IDH යැවීමට එකඟ විය.
ඒත් තවත් මොහොතකින් සියල්ල උඩු යටිකුරු කරමින් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා වහාම ශානි අබේසේකර ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යන ලෙස නියෝග කලේය. ඒ අනුව ගල්ලෑල්ලෙ නිරෝධාන මධ්‍යස්ථානයට රැගෙන යාමට සියල්ල සූදානම් නම් කෙරුණි. කෙසේ වුවත් ගල් ලෑල්ලට ජගත් වීරසිංහ ශානි පිටත්කර හරින විට ජනාධිපති ලේකම් කාර්‍යාලයේ යුද හමුදාපතිවරයා සමග ජනාධිපති හමුවක් පැවැත් වෙමින් තිබුණි.
ඒඅවස්ථාවේ ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම් දැනුම් ඇත්තේ චමල් රාජපක්ෂගේ ඉල්ලීමට වහාම ශානි අබේසේකර ගල්ලෑල්ල සිට නැවත IDH යැවීමට කටයුතු කරන බවයි .
ඊට ගෝඨාභය …..” ඕක මැරිච්ච මගේ අම්මට අපහාස කරපු එකෙක් යවන්න ඕනේ ගල්ලෑල්ලට නෙවෙයි මම සත පහක් හොරකම් කරලා නැතුව මගේ අම්මට අපහාස කරා……….”
යනුවෙන් ගෝඨාභය කියන විට නිලධාරීන් ගෝඨාභයගේ පදේට නටන නිලධාරීන් එතන සිටි නිසාය කෙසේ හෝ ශානි රෝහල්ගත කිරීමට චමල් රාජපක්ෂ රාජපක්ෂ එකඟ විය .
පසුදා උදෑසන සුපුරුදු පරිදි මහර බන්ධනාගාරයේ Roola අඬගසා පාටි වැඩවලට සියල්ලම යොමු කරමින් තිබුණි. රෝලට අනුව සිටි සියළු සිරකරුවන් ගණන 3200 ක් බන්ධනාගාරයට දැමිය හැකි සිරකරුවන් ගණන 2800කි. පෙට්ටියක ගිනිකූරු තබා ඇති ආකාරයට සිටිය හැකි සේ සිටින සිරකරුවන් ඇති මහර බන්ධනාගාරයේ කිසිදු ක්‍රමවත් සහ සෞඛ්‍ය සම්පන්න කිසිවක් ඇත්ත ම නැත. ඒ වන විටත් මහර බන්ධනාගාරය තුළ සිටි සිරකරුවන්ගෙන් 322 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් posstive වී ඇත.
අධිකාරි ජගත් වීරසිංහ, කමල් ගුණරත්න දෙන්නම දන්නා සිද්ධියක…..
මේ හේතුව නිසාම සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් දිනපතාම ඉල්ලා සිටියේ තමන්ට කොරෝනා වැළඳී නොමැති නිසා කොරෝනා රෝගීන් සහ තමන් වෙන් වෙන් ව තබන ලෙසයි. විට බන්ධනාගාර අධිකාරිවරයා ගේ කිසිදු කැමැත්තක් නොලැබුණි දිගින් දිගටම මෙම ඉල්ලීම දින ගණනාවක් තිස්සේ කියා ඇතත් කිසිවකට ඇහුම්කන් නොදුන් ජගත් වීරසිංහ අධිකාරිවරයා කොරෝනා ඇති අය හා නැති සියල්ලම එකට මුණ ගැසෙන්නට ඉඩ හැර නිසොල්මනේ සිටියා
ඉන් කිපුණු සිරකරුවන් අධිකාරිවරයාට දෝෂාරෝපණය කරමින් කෑ ගැසීය නොවැම්බර් මස 29 වන දින දහවල් වන විට තත්ත්වය දරුණු වී සිරකරුවන් සියලු දෙනා ම එළියට බැස නිලධාරීන්ට වහාම ඉවත් වන ලෙසත් කොරෝනා රෝගීන් වෙන් නොකරන්නේ නම් තමන් උද්ඝෝෂණය කරන බව පැවසීමත් සමඟ ම බන්ධනාගාර අධිකාරිවරයා සියලුම නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ වහාම ගේට්ටුවෙන් පිටතට යන ලෙසයි.
ඒ අනුව ගේට්ටුවෙන් පිටතට ගියත් නිලධාරීන් අධිකාරිවරයාට දිගින් දිගටම කියා ඇත්තේ සිරකරුවන් පාලනය කරගත හැකි බවකි, එහෙත් ඊට කිසිදු ඇහුම්කන් දීමක් නොවුණු ජගත් වීරසිංහ වහාම ආරක්ෂක ලේකම් දැනුවත්කළේය. තම ප්‍රධානියා දැනුවත් කිරීමට පෙර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නව දැනුවත් කලේය . වීරසිංහ සහ කමල් ගුණරත්න දෙන්නම දන්නා කුමන හෝ සිද්ධියක ඇති රහසිගත භාවය රැක ගැනීමට බව නිලධාරීන්ගේ මතයයි.
ඒත් සමගම වීරසිංහ දැනුම් දී ඇත්තේ කිසිවක් පාලනය කිරීමට නොහැකි නිසා තමන් යුද හමුදා කොමන්ඩෝ බලකාය සහ විශේෂ කාර්ය බලකාය ඉල්ලා සිටි බවයි ඒ වන විටත් සිරකරුවන් කිසිදු අභියෝගයක් නොවීය. ඔවුන් අත තිබුණේ ගල් මුල් සහ වෙනත් ලී කැබලි ය ඒ වහාම යුධ හමුදා කොමන්ඩෝ බලකාය සහ විශේෂ කාර්ය බලකාය මහර බන්ධනාගාරයට පැමිණියෝය.
” මෙන්න මිනී මරනෝ …”යැයි හඬ දෙමින් විලාප දෙමින්……..
ඒත් සමගම සිරකරුවන් ස්වල්ප වේලාවක් නිසොල්මන්ව සිටියත් සමඟම එක්වරම වෙඩි වරුසාවක් මහර බන්ධනාගාරයේ තාප්පෙ උඩින් පසාරු කරගෙන එන්නට පටන් ගත් සමගම නැවත සැරයක් සිරකරුවෝ …….” මෙන්න මිනී මරනෝ …”යැයි හඬ දෙමින් විලාප දෙමින් කෑ කෝ ගැසීමත් සමඟම තව තවත් තත්වය දරුණු විය.
ඒ සෑම අවස්ථාවකදීම වෙඩි පිට වෙඩි තබමින් කොමාන්ඩෝ බලකාය මුළු බන්ධනාගාර කඳවුරම වටලා ආරක්ෂාවට දිගින් දිගටම සිටියෝ ය. මෙසේ සිටි නිලධාරින්ට ආරක්ෂක ලේකම්ගෙන් ලද නියෝග සමගම රාත්‍රි කාලයේ බන්ධනාගාරයට එක්වරම කඩා ඇතුළු වූ බව අප වෙත මේ වන විටත් තොරතුරු සහිතව වාර්තා වී ඇත.
අවම තරමින් 20 -25 ගිනි ගොඩට දමා පුළුස්සා…….
ඒ අනුව බන්ධනාගාරය තුළට ගොස් දිගින් දිගටම වෙඩි තබා ඇති බව මේ වනවිට අප වෙත ඉතා රහසිගත අපගේ තොරතුරුකරුවන් දැනුම් දී ඇත. ඒ අනුව මියගිය ගණන අවම තරමින් 20 -25 අතර ගණනක් මිය ගොස් තිබී ඇති අතර ඒ සමගම ස්ථානයේ සිරකරුවන් වැටුණු තැන්වලින් ගෙනවිත් පැවති ගිනි ගොඩට දමා පුළුස්සා ඇත. මේ වන විට අප වෙත ඉතා රහසිගත තොරතුරු ලැබී ඇත.
සුදු පැහැති කොට කලිසමකින්…..
මෙම සිද්ධියත් සමඟම 30 වන දින උදෑසන මියගිය සිරකරුවන් එක් පසෙකට ගොඩගසා තැන් තැන් වල සිරකරුවන් වැටී සිටි ආකාරයට සියල්ල සකස් කර ඇත්තේ එම ස්ථානයේ පරික්ෂාවට ගිය නිලධාරීන් බව අප වෙත තොරතුරු ඇත. මෙම සිරකරුවන්ගේ එක් සිරකරුවෙක් ප්‍රධාන අවි ගබඩාවට යාමට ඇති අසල දොරටුවක් අයිනේ සුදු පැහැති කොට කලිසමකින් සැරසුණු පුද්ගලයෙකු වැටි සිටි. එම පුද්ගලයා උඩුබැලි අතට සිටින සිහින් සිරුරකින් යුක්ත අයෙකි , කටේ ලේ තැවරී ඇත.
විශාල ලේ තැවරී ඇති අතරම කටේ ලේ තැවරී ඇත.වෙඩි වැදුන පුද්ගලයකු මෙසේ අත හිසට උස්සන්නේ නැත. මෙම පුද්ගලයාගේ කකුල් දෙක කළු පැහැති තවත් ලෑල්ලක් උඩ තබාගෙන සිටියත් මෙම පුද්ගලයාගේ වම් සහ දකුණු කකුල් දෙක ගලා ගිය ලේ පහරවල් සියල්ලම සෝදා ඇති බව ඉතා හොඳින් නිරීක්ෂණය වේ.
මෙම සැකකරු මෙම ස්ථානයට කිසිවෙකු විසින් ගෙනවිත් දමා ඇති බවත් ඔහුට පහරදෙන අවස්ථාවේ ඔහු ඒ බේරීමට උත්සාහ ඇති බවත් එම පහර දීමෙන් ඔහු එක්වරම මිය ගිය බව පෙනී යන කරුණකි.
මෙම ස්ථානයට ගෙනවිත් දමා…...
මෙම මරණකරුගේ කකුල් දිගේ ලේ ගලා යාමට නම් ඔහු සිද්ධිය වන විට සිට ගෙන සිට ඇති අතර පසුව කිසිවකු මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති ආකාරය ඉතාම පැහැදිලිව නිරීක්ෂණය වේ. ඒත් එය වසන් කිරීම සඳහා මෙම පුද්ගලයා බිම දිගා කොට එම කකුල්වල ලේ පාරවල් පිස දමා ඇති බව ඉතා හොඳින් ඡායාරූප වලින් පෙනී යයි. මේ පිළිබඳව වසර ගණනාවක් විවිධ රටවල්වල පශ්චාත් මරණ පරීක්ෂණ සහ forencic medicine පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් අප ඉතාමත්ම තීක්ෂණ සහ බුද්ධිමත් නිරීක්ෂණයක් අපේක්ෂා කළ අතර ඔහු ස්වාධීනව එය ලබා දුන් අතර එය ද අපි පහත සඳහන් කරන්නේමු.
මෙම සැකකරු ස්ථිර වශයෙන්ම මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බව මෙම ලියුම්කරුගේ අත්දැකීම් අනුව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකි සිද්ධියකි එක් සමඟම මෙම සැකකරුට වම්පසින් බිත්තිය අයිනේ තවත් පුද්ගලයකු වැටී සිටි ඔහුගේ ද කකුල පෙන්න පෙනී පෙනෙන ආකාරයේ ඡායාරූප ඇත .
වැසිකිලියක් ආසන්නයේ නිල් පැහැති කලිසමක්……..
ඒ සමගම තවත් පුද්ගලයෙකු වැසිකිලියක් ආසන්නයේ නිල් පැහැති කලිසමක් සහ ළා නිල් පැහැති අත් කොට බැනියමකින් සැරසී මුහුණ දකුණු පසට සිටින සේ දැකිය හැකි නමුත් මෙම පුද්ගලයා ද එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බව ඉතා පැහැදිලිය එම ස්ථානයේදී වෙඩි වැදුනා නම් හෝ එම පුද්ගලයා සිටින ස්ථානයේ විශාල ගලායෑමක් තිබිය යුතුය එහෙත් කිසිදු රුධිරය ගලා යෑමක් මේ ස්ථානයේ දක්නට නැති අතර එම ස්ථානයට අප වෙනුවෙන් ගිය අපගේ විශේෂ තොරතුරු කරුද එය පසක් කරමින් ඔහු විසින් පෙන්වා දී ඇත්තේ ෙම ස්ථානයේ කිසිදු ලේ පැල්ලමක් නැති බවයි.
මෙහි විශේෂත්වය නම් මෙම ප්‍රහාරයත් සමගම එම ස්ථානයේ පුද්ගලයින් 06 දෙනකුගේ මෘත ශරීරය ගොඩ ගසා ඇති අතර එම පුද්ගලයින් සමග පොලිස් නිලධාරියෙක් සහ විශේෂිත පුද්ගලයෙක් එම ස්ථානයේ සිටි.
මිනීමැරුම් සාධාරණීයකරණය කිරීම නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා……
මුළුමනින්ම කමල් ගුණරත්න ගේ මැදිහත් වීමෙන් මෙම සිද්ධිය වූ ස්ථානයට ගොස් සිටින නිල් පැහැති ටී ෂර්ට් එකේ සැරසුණු ඔහු සුප්‍රකට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සිටී කමල් සිල්වාය. එම ස්ථානයට ගොස් සිටින කමල් සිල්වා කුමන හේතුවක් මත ඒ අවස්ථාවේ එම ස්ථානයට ගියා දැයි කීමට අපි නොදනී ඒ දන්නෙ කමල් ගුණරත්න සහ ගෝඨාභය රාජපක්ෂයි.
කමල් සිල්වා නමැති පොලිස් නිලධාරියා බොහෝසෙයින්පොලිස් නිලධාරීන් අතින් සිදුවන මිනීමැරුම් සාධාරණීයකරණය කිරීම සඳහා ඔහු ස්ථාන පරීක්ෂා වලට ගොස් එම මිනීමැරුම් ප්‍රචණ්ඩත්වය යෙන් සිදු වූ මරණ බවට සකස් කර මහේස්ත්‍රාත් අධිකරණ වලට වාර්තා කිරීමට කටයුතු කරන පුද්ගලයෙකු බවට සුප්‍රසිද්ධ කතාවකි
මොහු පිළිබඳව අවස්ථා ගණනාවකදී අපි රටේ ජනතාවට හෙළිකර ඇති පුද්ගලයෙකි කමල් සිල්වා මෙම ස්ථානයේ දී මියගොස් සිටින කිසියම් සැකකරුවෙක් පෙන්නා යමක් කියන ආකාරයේ ඡායාරූප ද අප සතුව ඇත.
නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ස්ථානයට ගොස් සියල්ලම තියානුකූල ප්‍රහාරයකින් මියගිය බවට පෙන්වීමට අවශ්‍ය සාක්ෂි සකස් කිරීමට සහ ස්ථානයේ එම වෙඩි තැබීම අපරාධයක් නොවන බව හැඟවීමට ොස් ඇති බව අපට ඉතා හොඳින් පැහැදිලිය.
එක් දෙයක් කිව හැකිය පැහැදිලිවම කමල් සිල්වා ගේ උපදෙස් පරිදි මෙම මියගිය සිරකරුවන් විවිධ ස්ථාන වලට ගෙනවිත් දමා ඇති බව ඉතා පැහැදිලිව පෙනීයන කරුණකි.
නිරායුධ සිරකරුවන්ට ඉතා අමානුෂිකව වෙඩිතබා ඒ වනවිට ගිනි ගෙන දැවෙමින් තිබු ගිනිගොඩටම දමා පුච්චා……..
තවත් මෙහි විශේෂ කරුණක් වන්නේ ෙම සිරකරුවන් කිසිවෙක් අවි ගබඩාව කඩා නැත. කිසිදු අවියක් පාවිච්චි කර නැත, එසේ නම් නිරායුධ සිරකරුවන්ට ඉතා අමානුෂිකව වෙඩිතබා ඒ වනවිට ගිනි ගෙන දැවෙමින් තිබු ගිනිගොඩටම දමා පුච්චා ඇති බව ඉතා පැහැදිලිය ,එය වසන් කිරීමට රජය සිරකරුවන් 50 කට අධික ප්‍රමානයක් පැනගොස් ඇති බව කියමින් සිටි. සිරි ගේ තුළම අවම තරමේ 10 ත් 25 ත් අතර ගනනක් මරා මරා පුළුස්සා ඇති බව අපට මේ වන විට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
ජගත් වීරසිංහ ගාල්ල බන්ධනාගාර සිටියදී…….
මෙම සිද්ධියේ සියලුම සිදුවීම් දන්න සහ මෙම ප්‍රහාරය වෙනත් කෙනෙකු වෙතට යැවීමට ඉතාමත් හොඳින් සියල්ල සකස් කරන ලද පුද්ගලයා වන්නේ ජගත් වීරසිංහ ජගත් වීරසිංහ ගාල්ල බන්ධනාගාර සිටියදීතමා ගේම ප්‍රධාන ජේලර්වරයාව පාතාලේ සාමාජිකයන් ලවා වෙඩිතැබු පුද්ගලයාය.
රාජපක්ෂාධිකරණයෙන් යුක්තිය……
ඒ අවස්ථාවේ අප බොහෝ තොරතුරු සහිතව ලියා ඇති නමුත් ඉන්පසුව සිදු කර ලබන පරීක්ෂණ ඉහළ නිලධාරීන්ට දෙනු ලබන සියලු අඩුම, කුඩුම මත ඔහු එයින් නිදහස් විය. මේ පිටුපස සිටි ප්‍රධාන පෙළේ පුද්ගලයා වන්නේ ආරක්ෂක ලේකම්වරයාය . මෙම සිද්ධිය තුළින් මේ වනවිට පුද්ගලයින් 11 දෙනකු මියගොස් ඇති අතර තවත් මරණාසන්න තුවාල ලබා ඇති පුද්ගලයින් 16 දෙනෙකු කොළඹ ජාතික රෝහල , රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සැකකරුවන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි එහෙත් මෙහි සිද්ධියේ සුලමුල සෙවීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් නැත.
මෙම සහසික මිනීමැරුම් පිළිබඳව වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බව අපගේ මතය එවැනි පරීක්ෂණයක් කරනවා හැර ගෝඨාභය රාජපක්ෂ තුළින් යුක්තිය ඉල්ලීම රාජපක්ෂාධිකරණයෙන් යුක්තිය ඉල්ලීම ගනිකාව ගේ පතිවත පරික්ෂාවට දෙවනි නොවනු ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස