පෙරේදා සහ ඊයේ ඇතිවූ සිද්ධීන් වලින් මේ වන විට මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් එකොලොස් (11 ) දෙනකු මිය ගොස් ඇත. එම සියලු දෙනාටම වෙඩි වැදී ඇති බවත් බැලූ බැල්මට ඔවුන්ට කිසියම් ආයුධවලින් පහර දීමකට ලක්ව ඇති බවත් අප වෙත ඉතා විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇත.
එසේම අප සතුව ඇති ඡායාරූප වීඩියෝ දර්ශන සියල්ලම කියා පාන්නේ මෙම සැකකරුවන්ට පිටතින් පැමිණි වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ලංකාවේ අපරාධ නීතිය වූ 1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතට අනුව කිසියම් පුද්ගලයෙක් මරණයට පත්වුවහොත් ඔහු පිළිබඳව මරණයට හේතුව සහ සිදු වූ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සහ නිගමනයක් සිදුකිරීම කළ යුතුය. එහෙත් මේ වන විට කොරෝනා ආසාදිත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වෙන නිසා මෙයින් ප්‍රයෝජන ගැනීමට මාන බලන ගෝඨාභය රාජපක්ෂ හමුදා ජුන්ටාව සමඟ අද සවස පැවති ජනාධිපති ,ආරක්ෂක ලේඛම් හා ,පොලිස්පති ඇතුළු ඉහල පෙලේ ආරක්ෂක නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් සහ ජනාධිපතිවරයා එකහෙලාම කියා ඇත්තේ මොවුන්ට කොරෝනා සෑදි සිටි නිසා සියලු මෘත ශරීර වහාම ආදාහනය කළ යුතු බවයි.
එහෙත් මෙය මුළුමනින්ම මෙම සිද්ධිය යට ගැසීමේ සහ මෙම සිද්ධියේ මිය ගිය පුද්ගලයින් කවරෙක් ද….? යන්න සහ මියගිය කුමන හේතුවක් මත ද….? යන්න පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව මෙම මෘත ශරීරය ආදාහනය කිරීමට ගෝඨාභය හමුදා ජුන්ටාවට දැන් උවමනා වී ඇත.මෙය මරණයට පත්වු තම දරුවාට,ස්වාමිපුරුෂයාට,හෝ තම පියාට ,ඥාතියාට සිදු වුයේ කුමක්දැයි දැන ගැනීමට ඇති මානව අයිතියත් පුච්චා දැමීමකි.
මිට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වන සියලුම චෝදනාවලින් රජය අත පිස අත පිහදා ගැනීම මූලික පරමාර්ථය.
ඒත් මේ වෙන විටත් අප පුද්ගලිකවම ජනතාවාදී පුවත්පතක් වශයෙන් එක්සත් ජාතීන ගේ සංවිධානය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ,සහ අනිකුත් , ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, හා සියලුම ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධානයටද වහාම මැදිහත්ව මෙම මියගිය සිරකරුවන්ගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් පරීක්ෂණ පැවැත්වීමටත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව කුමක්ද…..? යන්න හඳුනා ගැනීමට ක්‍රියා කරවීමට මැදිහත් වන ලෙස මේ වන විටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වෙත අප පුද්ගලිකවම දැනුම්දීමක් කර ඇත.ලංකා දවස පුවත්පත වශයෙන් අප පුද්ගලිකවම පැමිණිල්ලක්ද කර ඇත .
මේ නිසා මෙය කොරෝනා වසංගතයට මුවාවී ඕනෑම පුද්ගලයකු මරා පුළුස්සා දැමීමේ ගෝඨාභය මන්දමානසික තත්ත්වය වහාම ජනතාව තේරුම් ගෙන පක්ෂ ,ජාති , ආගම් භේදයකින් තොරව මීට එරෙහි විය යුතුයයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස
I will recommend your beautiful post site to my friends Denyse Alaric Rafaelle
Hi dear,
Thank you very much
tnx
Its like you read my mind! You appear to know a lot about this, like you wrote the book in it or something. I think that you can do with a few pics to drive the message home a bit, but instead of that, this is great blog. A great read. I will certainly be back. Auguste Sigfried Hedwig
Hi Dear,
Thank you very much pls contact my mobile
00447427420089 anytime
thx