උණුසුම් පුවත්

රාජපක්ෂ ආණ්ඩුවේ මිනීමැරීමට නීත්‍යානුකූලව සහයෝගය දෙන සියලු රාජ්‍ය සේවකයින්ට සහ අධිකරණ විනිසුරුවන්ට විරුද්ධව වහාම ජාත්‍යන්තර අධිකරණයක නඩු පැවරිය යුතුයි….(ඡායාරුප හා විඩියෝ සහිතයි)

Spread the love

ගෝඨාභය රාජපක්ෂ වනාහි මිලේච්ච මිනීමරුවෙකි,  ඔහු ගේ ඉතිහාසය තුලම ඇත්තේ මිනිමැරුම්ය. ඒක් පසකින් රාජපක්ෂ ජානවලම ඇති දෙයකි.හමුදා සොල්දාදුවෙකු වශයෙන් සිටියදී බිම වැටුණු සාමාන්‍ය සෙබලෙකුගේ හිසට පහරදී මිය ගිය අවස්ථාවේදී බිම ඇද ගෙන යෑමෙන් පසුව ඔහු සේවයෙන් ඉවත්වීමට  මානසික ආතතියක් ඇතැයි කියා ඉවත්වීමත් සමගම නැවතත් ඔහු තම අයියා ජනාධිපති වීමෙන් පසු ඇමරිකාවේ සිට රාජ්‍ය නිලධාරීයකු  වශයෙන් සේවයට පැමිණෙන්නේ ආරක්ෂක ලේකම් වරයා වශයෙනි.

එතැන් පටන්  2012 නොවැම්බර් මස  වැලිකඩ සිරගෙදර ද  අද මහර සිදුව ඇති සිද්ධියට හා සමානවම සිරකරුවන් කුපිත කරවා වෙඩි තබා පසුව නැවතත් තමාට හිතවත් බන්ධනාගාර අධිකාරි මෙරිල් රංජන්  ළමාහේවා සහ පොලිස් පරීක්ෂක රංගජීව යවා තෝරා ගත් සිරකරුවන් වෙඩිතබා මරා දමා  බිහිසුණු ක්‍රියාවක් සිදු කලේය. ගෝඨාභය රාජපක්ෂට ඒ සඳහා එවකට  ආරක්ෂක නිලධාරීන්ගේ සහ විනිශ්චයකාරවරුන් ගේ යම් මට්ටමකින් එම සියලු මිනීමැරුම් වලට උත්තේජනයක් ලබා දුනි.

එයින්  පන්නරය ලැබූ ගෝඨාභය රාජපක්ෂ 2020 නොවැම්බර් මස 29 වන දින මහර බන්ධනාගාරයේ ද අහිංසක සිරකරුවන් කුපිත කරමින් ඇති කරන ලද ප්‍රහාරය මුළුමනින්ම අහඹු ලෙස සිදු වූවක් නොවන බව අප කියා සිටින්නේ මීට පෙර ද අප වෙත ලැබූ ලැබුණු තොරතුරු අනුව අප කල්තියාම මෙවැනි තත්ත්වයක් බන්ධනාගාර තුළ ඇති කරනු ලබන බව  කියා ඇති නමුත් ඒ සඳහා රාජ්‍ය පාර්ෂවයකින් කිසිදු මැදිහත්වීමක් නොවී.

 ඒ ආකාරයෙන්ම සිදු වීමට ඉඩ හැරීම සිතාගත නොහැකිය. ජනමාධ්‍යවේදීන් ගෙන් වූ කුමන හෝ අංශයකින් තමාට තොරතුරක් ලැබුණා නම් එම තොරතුර පිළිබඳ දැඩි අවධානය යොමු කිරීම රාජ්‍ය මෙහෙයවන්නාගේ වගකීමක් ලෙස අපි සිතන්නෙමු. ජනතා පරමාධිපත්‍ය තමා ලබාගෙන එම පරමාධිපත්‍ය දුන් ජනතාවටම තුවක්කු එල්ල කරමින්  මරා දමමින් ශ්‍රී ලංකාව සමස්ත ලේ විලක් කරමින් යන මේ පාපතර ගමන වහාම නතර කළ යුතුය.

මේ සඳහා මෙවැනි නින්දිත පාපතරයකු ට උදව් උපකාර කරන ශ්‍රී ලංකා පොලිසිය  සහ  ත්‍රිවිධ හමුදාව සහ විනිශ්චකාරවරුන්ගේ ද මෙහි සම්බන්ධතාවයක් ඇති වන බව අපරටේ ජනතාවට මතක් කරනුයේ  වගකීමෙනි.රාජපක්ෂලාගේ සියලුම  රෙදි සේදීමට අද ක්‍රියාකරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සිට පහළම අධිකරණය දක්වා ය. අපරාධ පරීක්ෂණයේදී මහේස්ත්‍රාත්වරයකු එම අපරාධ ස්ථාන පරීක්ෂණයට යා මේ අවස්ථාවේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයා දක්වාම  සියල්ලම මෙවැනි අපරාධ සඳහා සෘජුව හෝ වක්‍රව දායක වීම මේ වන විට දැකිය හැකිය .

 මෙම ගැටලුව දැන් විසදිය  යුත්තේ ජාත්‍යන්තර මැදිහත්වීමක් තුළය, ලංකා අධිකරණය මේ වන විට “රාජපක්ෂධිකරණයක් ” වී හමාරය අගවිනිසුරු ජයන්ත ජයසූරිය ගේ පටන් පහළම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා දක්වාම අද සියල්ල සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවය සහ ආසාවන් වෙනුවෙනි.

ඒ බව අපි සමස්ත ජනතාව වෙනුවෙන්ම  දැනුම් දෙන්නේ  රාජපක්ෂධිකරණයේ මෙහෙයවන්නෙ ගෝඨාභය රාජපක්ෂගේ දුරකථනයෙනි. එවැනි අධිකරණයකින් ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලිසියෙන් කිසිවක් සමස්ත ජනතාවට ලබාගත නොහැකිය. පොලිසියෙන් ලැබෙන නීතිය හා සාමය ආරක්ෂාව සහ නීතියේ සමානාත්මතාවය සහ යුක්ති මූලධර්ම කිසිවක් අධිකරනයෙන් සිදු නොවන බව සක්සුදක් සේ පසුගිය දින කීපය තුළ සමස්ත ජනතාවට ම දැකිය හැකි විය.

යෝෂිත රාජපක්ෂ ව මුදල් වංචාවක් පිළිබඳව අත්අඩංගුවට ගත් මොහොතේ ශිරන්ති රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂ දෙනෙතට නැගුනු කඳුළු අද මහ පොළොවට පතිත  වෙලා තිබුණා නම් ඔවුන් එහි වේදනාව දන්නවා  ඒත් ඒ කදුළු කිඹුල් කදුළු බව අපි හොදාකාරවම දනිමු. හදවතින්ම මව් සෙනහස ශිරන්තිට ඇති වුවානම් තජුදීන්ව මරාදැමීමට අම්ම කෙනෙක් ඉඩ දෙන්නේ නැත. ඒත් අද තම කුසින් බිහි කරපු තම දරුවා තමාගේ ස්වාමිපුරුෂයා අහිංසක කුඩා දරුවන්ගේ දෙමව්පියන් අහිමි කරමින් ඉතා මිලේච්ඡ ආකාරයෙන් සිරකරුවන්ට වෙඩි තබමින් මේ වන විට සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කරමින් තවත් සිරකරුවන් 11  දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමටත් තමයි 71  එක් දෙනකු බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර ලැබීමත් ඉතාම සෝචනීයයි.

මෙවැනි තත්ත්වයක් වෙනුවෙන් සමස්ත රට වැසියන් සමස්ත ජාතියම කම්පා විය යුතුය  බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මැරු තංගලල සභාපති,හා රත්නපුර මිනිමරු චොකා මල්ලි, භාරත ඝාතනයේ දුමින්ද සිල්වා වැනි මිනිමරුවන්ට සියළු සැපදී බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ගේ නිවසේ සැපට  සුරක්ෂිතව සහ ආරක්ෂිතව රඳවා ගන්නේ කොරෝනා වලින් බේරා ගැනීමටය එහෙත් මහර රැදෙවියන් ඉල්ලන්නේ ඉතාම සාධාරණ  එකම දේ කොරෝනා සිරකරුවන් වෙන් කර තබන ලෙස පමණි.

ඒත් ඔවුන්ට පිලිතුරු ලැබුණේ ලැබුණේ  තුවක්කුවෙවෙනි, ඒ සදාකාලිකව ඔවුන් වෙන්කර තැබීමටය.  දරුවන්ට අහිමි වන පියවරුන්,  දෙමව්පියන්ට අහිමිවන තම දරුවන් , බිරින්දෑවරුන්ට අහිමිවෙන තම ස්වාමිපුරුෂයන් පිළිබඳව  වගකීම පැවරෙන්නේ සමස්ත සමාජයට මිස කාලකන්නි මිනීමරුවෙකු ගෝඨාභය රාජපක්ෂ ගේ පවුලට නොවේ.

සමස්ත ජාතියම මේ පිළිබඳව  රජයට  තම අප්‍රසාදය ප්‍රකාශ කළ යුතු නොවේද ? මේ වේදනාව රාජපක්ෂලා ගේ පරම්පරාවටත් නිතතින්ම උරුම වනු  ඇත.මෙවනි නිරායුධ මිනිසුන් එල්ලකර කරන  ලද ප්‍රහාර  මනුෂ්‍ය සංහතියට විරුද්ධව කල ඒවා බවට ජාත්‍යන්තර ප්‍රජාව යම්දවසක තීරණය කරනු නොවනුමානය.

 

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like