උණුසුම් පුවත්

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 09 වුවත් දැඩි සත්කාරය ඒකකයේ තවත්  එකොළොස් (  11 )දෙනෙකු ප්‍රතිකාර ලබයි මියගිය ගණන මීට වඩා වැඩිය විය හැකි බව වෛද්‍යවරුන් පවසයි  -මිනිමරු ගෝඨාභය ප්‍රශ්ණ වලට පිලිතුරු සොයන්නේ තුවක්කුවෙන්…..

Spread the love

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති වරයා වශයෙන් තමා රුවන්වැලිසෑය අභියස දිවුරුම් දී සම්බුද්ධ ශාසනයටත් බුද්ධ චීවරයට නිගා දෙමින් හැසිරෙන කාලකන්නි මිනිසකු බව මේ වෙනවිට ශ්‍රී ලංකාවාසී ජනතාවට සක්සුදක් සේ පැහැදිලි වී ඇත.
රුවන්වැලිසෑය අබියස තම ජනාධිපති ධුරයට දිවුරුම් දෙන අවස්ථාවේදී ඔහු  මුලින්ම කියා පෑවේ අමු පට්ටපල් බොරු කන්දරාවකි……. “සිංහල මිනිසුන්ගේ ඡන්දවලින් ”  යනුවෙන් පුන පුනා කී ගෝඨාභය නැමැති මිනීමරු පාලකයා මේ වන විට ශ්‍රී ලංකාව සමූල ඝාතනයට පත් කරමින් තිබෙන බව කිව යුතුය.
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයට පැමිණ හමුදාව හා සමහර පොලිස් නිලධාරින්නිරායුධ සිරකරුවන්ට දිගින් දිගටම වෙඩි තබා බන්ධනාගාරය තුලදීම 27 දෙනෙකු මරා දැමුවාය. ඒ මිනිමරු ගෝඨා ගේ පාලනයයි. බන්ධනාගාරඅධිකාරි  ළමාහේවා පොලිස් පරීක්ෂක රංගජීව වැනි නින්දිත මිනීමරුවන් යොදවාගෙන උපක්‍රමශීලීව ඔහුට අවශ්‍ය පුද්ගලයින් ඝාතනය  සිදු කළාය.
ඒ ආකාරයටම මහර බන්ධනාගාර ප්‍රහාරය ද ක්ෂණිකව හටගත්තක් නොවන බව අප ඉතා වගකීමෙන් ජනතාවට මතක් කරනුයේ මීට කලින් අපි මේ පිළිබඳව කියා සිටියේ බන්ධනාගාරවල තෝරාගත් රැදවියන්ව මරාදැමීමට සැලසුම් කරන බවට ,සිරකරුවන් අතරම කෝලාහලයක් නිර්මාණය කරමින් තමාට අවශ්‍ය වන රැදවියන්ව වෙඩි තබා මරා දැමීමට සූදානම් වන බවයි දැනට මහර බන්ධනාගාර ප්‍රහාරයෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු දෙනෙකුට , බෙල්ලට, සහ පපුවට වැදුනු වෙඩි පහරවල් වලින් මරණාසන්න තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර ගෙවමින් ඇත.
කාලකන්නි නින්දිත මිනීමරු ගෝඨාභය රාජපක්ෂ සිතිය යුත්තේ මේ නැතිවන සෑම පුද්ගලයෙක් පිටුපසම බිරිඳක් ,දරුවන් ,එසේ නැත්නම් මවක් ,පියෙක් ,සිටින බවයි. ඒ නිසා ශ්‍රී ලංකාවාසී ජනතාව 69 ලක්ෂයකින් ඡන්දය දී මෙවැනි කාලකන්නි හිට්ලර් වැනි පාලකයෙකු පත් කිරීමේ ප්‍රතිවිපාක අද ජනතාව භුක්ති විදිනවා දැකීම ඉතාම කණගාටුවකි.
“ලංකා දවසට “දිගින් , දිගටම සයිබර් ප්‍රහාර……..
මෙම පුවත්පත පවත්වාගෙන යාම මිනිමරු ගෝඨාභය ආණ්ඩුව ඉඩ නොදෙන අතර මේ සදහා ආරක්ෂිත අගුළු දැමීම( security net  )සයිබර් ප්‍රහාරයන් වලකා ලීමට ඇමරිකානු සමාගමකට භාරදීමට විශාල මුදලක් වැය වේ ඒ සදහා කාරුණිකව ඔබ ගේ දායක්ත්වය අපේක්ෂා කරමු. පහත  Pay pal වෙතින් ඔබේ දායකත්වය ලබාදෙන ලෙසට ඉල්ල සිටිමු;
https://www.paypal.com/donate?token=nDWISmX4OFlgT7vDopZeC-dulrLHUOUvwPeB9yFWfSl4LX-ajT4z6uMLaAo-DJmSyZl-OB2tQ-FQU3io
ප්‍රධාන කතෘ ලංකා දවස.

Spread the love

Leave a Comment

You may also like