උණුසුම් පුවත්

මහර බන්ධනාගාරයේ කොරෝනා සෑදුන රැදවියන් ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීම ජීවිත ගනනාවක් බිලි ගනි. එදත් ගෝඨාභය සිරකරුවන් මරාදැමුවා අදත් සිරකරුවන් මරාදමනවා…….මියගිය ගනන මෙතෙක් වාර්තාවී නැහැ. (විඩියෝ සහිතය).

Spread the love

මහර බන්ධනාගාරයේ රඳවා සිටින 2300කට පමණ ආසන්න සිරකරුවන් සංඛ්‍යාවක ගෙන්  PCR පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පුද්ගලයින්  322  දෙදෙනෙකුට corona positive වී ඇති නිසා එම positive රැඳවියන් වෙනත් බන්ධනාගාරයකට හෝ වෙනම ස්ථානයක රඳවා තබන ලෙස ඉතා සාධාරණ ඉල්ලීමක් මහර බන්ධනාගාර සිරකරුවන් විසින් සිදු කර ඇත .

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බන්ධනාගාර පරිපාලනය තවදුරටත් කොරෝනා සෑදුණු පුද්ගලයින් සියල්ලම එකටම රදවා තැබීම නිසාම දිනෙන් දිනම සිරකරුවන් ඊට ගොදුරු වී ඇත.  කොරෝනා වසංගත ව්‍යාප්ත වූ සිරකරුවන් සමඟම එකට තබා තිබීම නිසා අද දින නැවත එම ඉල්ලීම ඉදිරිපත් කිරීමත් සමගම නිලධාරින් හා සිරකරුවන් අතර බහින්බස් වීමක් ඇති තිබේ. අවසානයේ බන්ධනාගාර රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ තිබූ ගල් මුල්වලින් නිලධාරීන්ට පහර දීමත් සමගම  නිලධාරින්ද පෙරලා පහර දීම නිසා අවසානයේ වෙඩි තබා ඇත.

 බන්ධනාගාර සිරකරුවන් විසින් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා  අවි රැගෙන නිලධාරීන් දෙසට වෙඩි තැබීමත් සමඟම යුද හමුදා කමාන්ඩෝ බලකාය විශේෂ කාර්ය බලකාය කැඳවා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් හතර දෙනෙක්  ජේලර්වරයෙක් මෙවන විට තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් කොළඹ සහ අවට රෝහල්වලට ඇතුළත් කර ඇති නමුත් බන්ධනාගාර සිරකරුවන් කොපමණ දෙනෙක් මිය ගොස් ඇත්දැයි යන්න මේ වන තෙක් හෙළිවී නැත.

 බන්ධනාගාරයේ අවට තාප්පය අසල බිම මැරී වැටී ඇති හෝ  තුවාල වී වැටී ඇති පුද්ගලයින්ගේ සිරුරු දක්නට ඇති බව අපගේ විශේෂ වාර්තාකරුවෙක් අප වෙත දැනුම් දෙන ලදී මෙම ගැටුමට ප්‍රධානතම හේතු වී ඇත්තේ  බන්ධනාගාර පරිපාලනය හෝ  අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  කිසිදු විසදුමක්  දී නැත. කුමණ රජයක් බලයට පත් වුවත් බන්ධනාගාර වැනි ඉතාම සංකීර්ණ විශයක් භාර දෙනුයේ කිසිදු දැක්මක් හෝ පුනරුත්තාපනයක් පිලිබදව මෙලෝ හසරක් නොදන්නා උන්ටය.  මෙය ශ්‍රි ලංකාවේ දින පතාම ඔඩු දුවන්ක ගැටළුවකි.

  තමාට හිතවත් දේශපාලන මිනීමරුවන් පමණක් වූ දුමින්ද සිල්වා චොකා මල්ලී සහ තංගල්ල සභා සභාපති සහ ස්ත්‍රී දූෂණ නඩුවක තවත් සැකකරුවෙකු වෙනමම ජේලර්වරයෙකු ගේ නිවසක රදවා කොරෝනා වලින් ආරක්ෂා කරගන්නා නමුත් සාමාන්‍ය සිරකරුවන්ට අවම ප්‍රමිතියකට හෝ අවම පහසුකමක් හෝ නොමැතිව තිබීම පිළිබඳව සිරකරුවන්  ප්‍රශ්න කිරීමේ අවසාන සිදුව ඇත්තේ ජීවිතවලින් වන්දි ගෙවීමටය.

ගෝඨාභය රජය මීට පෙර අවස්ථාවකදීද වැලිකඩ සිරගෙදරට පැන  අමානුෂික ලෙස පුද්ගලයින්ට  වෙඩි තැබීම නිසා මේ වනවිට පොලිස් පරීක්ෂක රංගජීව සහ බන්ධනාගාර අධිකාරී ළමාහේවා යන පුද්ගලයින් දෙදෙනා ද චෝදනා ලබා ඇති අතර මෙම මහර බන්ධනාගාර තුළ ද අද රාත්‍රී වන විට මෙම තත්වය තවත් දරුණු විය හැකි බව අප වෙත වාර්තා කරන ලද අපගේ විශේෂ තොරතුරු කරුවෙක් කියා සිටින ලදි මේ වනතෙක් සිරකරුවන් හා විශේෂ කාර්ය බලකාය අතර වෙඩි තබා ගැනීම සිදුවන අතර සිරකරුවන් භෝජනාගරයට ගිනි තබා ඇති අතරම වහාම රජය සිරකරුවන් තම මතයට නම්මවා ගෙන මෙම ගැටුම අවසන් කරගත යුතුය. එසේ නොවුන හොත් විශාල ජීවිත් ගනනාවක් විනාශව ශ්‍රි ලංකා කිර්තිනාමයට පවා ජාත්‍යන්තරවද දැඩි අප්‍රසාදයක් හිමිවනු ඇත.

 

මේ වන විට අප ගේ ලංකා දවස පුවත් පතට සයිබර් ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඇමරිකානු පුරවැසියකු වන ගෝඨාභයගේ පුතා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්තිවිදිමින් ඇමරිකාවේ ජිවත් වෙන නමුත් මිනිමරු ගෝඨාභය ශ්‍රි ලාංකීය ජනතාව ගේ මුලික මිනිස් අයිතීන් අමු අමුවේම  උල්ලංගනය කරමින් ඇත.

ඒත් අපිව නිහඩ කල නොහැකි බව නැවතත් ගෝඨාභය ගේ අසුජී කන්නන්ට සිහි ගන්වන්නෙමු.

මෙයට රජය කිසියම් ප්‍රහාරයක් එල්ල කලහොත් කරුණාකර අපගේ ලංකා දවස Facebook වෙතට යන්න


Spread the love

Leave a Comment

You may also like