මේ වන විට අත්අඩංගුවේ පසුවන හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක කීර්තිමත් පොලිස් නිලධාරියෙකු වු ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර බන්ධනාගාරගතව සිටි. ඔහු බන්ධනාගාරගතව සිටියදී කිසිදු පිළිගත හැකි කරුණක් නොමැතිව ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇතැයි යන්න පැවසීම ඉතාම හාස්‍යජනකය. එසේ සිදුව ඇත්නම් ඊට මුළුමනින්ම වගකිව යුත්තේ බන්ධනාගාර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සහ එම නිලධාරීන්ය. හේතුව අප දන්නා තරමින් ශානි අබේසේකර රඳවා සිටියේ ඔහුටම වෙන්වූ වෙනමම කුටියකය. එවැනි ස්ථානයක රඳවා ඇති සැකකරුවෙකුට කිසිසේත් පිටත කිසිදු බාහිර සමීප සම්බන්ධතාවයක් ඇති නොවි තිබියදී corona පියාඹා ගොස් ඔහු වැලද ගත්තාදැයි දන්නේ බන්ධනාගාරයේ සිටි අයයි.
එහෙත් ස්ථිර වශයෙන්ම දැන් අපිට එකක් කිවහැකිය ශානි අබේසේකර ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් හඹාගිය සුවිශේෂිත වූ චරිතයකි ඔහු පොලිස් නිලධාරීන් ,හමුදා නිලධාරීන්, දේශපාලනඥයින් සිවිල් පුරවැසියන් යන මේ සියලු ම අපරාධකරුවන් හඹා ගිය අති දක්ෂ අපරාධ විමර්ෂකයෙකි. ඔහු ගෙන් ඉගනගත් විමර්ශනයෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සහ ලෝකෙ පුරා සිටින බවට විවාදයක් නැත.
යහපාලන රජය තුළ දී සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉතාමත්ම දියුණු විමර්ශනයක් සිදුකරමින් ඔහු වරෙක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී .ඉල්ලා සිටියේ ජනමාධ්‍ය නොමැතිව ඉතා රහසිගත ප්‍රකාශයක් කිරීමට තමන්ට තිබෙන බවයි. මෙයින් පෙනී යන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔහුගේ තීක්ෂණ විමර්ශනයට මහ මොළකරුවන් හසුවී තිබේ දැයි යන්න මෙහිදී පැන නගින ප්‍රශ්නයකි . මේ නිසාම ශානි ගේ ජීවිතයේට මරණ තර්ජනය එල්ල වීමට ඇති ප්‍රධානතම කරුණකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වීමෙන් පසු සිදුකරන ලද පළමුවන කාර්ය ශානිට පහරදීමය, කිසිදු පදනමකින් තොරව සිරගත කරමින් ඔහුගෙන් පලිගැනීමය. මෙතෙක් ඇප නොදී රඳවා තබා ගෙන සිදු කරනු ලබන්නේ කොරෝනා වෛරසය coronavirus ශරීර ගත කොට ඔහු ස්වාභාවික මරණයකට පත් කිරීමය. මෙහිදී අප දිගින් දිගටම පෙන්වා දුන්නේ ඔහු මරාදැමීමේ අවශ්‍යතාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට සහ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවක්වූ වන දැනට රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සලේට බව අපි නැවත ,නැවතත් රටට කියන්නෙමු.
එසේම ගෝඨාභය ඉතා හොදින් දන්නා තවත් එක් දෙයක ඇත, ශානිට කිසියම් ජීවිත අනතුරක් සිදු වුවහොත් එය තුලින් අති විශාල අපරාධකරුවන් ප්‍රමාණයක් ගෝඨාභයට මුදාහැරිය හැකි බවයි . ඒත් එහි ද ගැටළුවක් නැත. ඒ බොහෝ දෙනෙක් රාජපක්ෂලා සමග ඉතාම හිත මිත්‍රශීලී සම්බන්ධතාවයක් සිදු කරනු ලබන පුද්ගලයින්ය. ඒ අතර වාස් ගුණවර්ධනලා වැනි පොලිස් නිලධාරින් ද චොකා , මල්ලිලා දුමින්ද සිල්වා, සහ තවත් නමගිය ප්‍රධාන පෙළේ අපරාධ කරුවන් රාශියක් මේ අතර සිටීම තුළින් ගෝඨාභයලාට ඉදිරියේ දී එරෙහි වන ඕනෑම දේශපාලකයෙකු හෝ සමාජයේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් ඝාතනය කිරීමේ නීතියානුකුල හැකියාවක් ලබා ගැනීම මෙහි අරමුණ බව අපට දැන් සිතේ. එසේ නොවුනහොත් කිසියම් කාලයකදී සිදුව ඇති ප්‍රධාන පෙලේ අපරාධ පිලිබදව රාජපක්ෂලාට එරෙහි සාක්ෂි ඉතිරිවනවා ඇතැයි සිතනවා ඇත.
අද වන විට ශානි කොරෝනා නිසා පීඩා විඳිමින් සිටින විට ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බවද අපට දැන ගැනීමට ඇත. රාජපක්ෂලාගේ අවශ්‍යතාවය ශානිගේ ජීවිතය කෙසේ හෝ නැති කිරීමයි. අපි නැවත නැවතත් කියා සිටින්නේ ඔහු ගෙන් පළි ගැනීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම රාජපක්ෂලා 2015ට පෙර සිදු කළා සේ 2020 ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමනයත් සමඟම නැවත ආරම්භකොට ඇති බවයි.
මෙය දැන් අප විසදාගත යුත්තේ ශ්‍රී ලංකාව තුළ දී නොව සමස්ත ලෝක ප්‍රජාවම එකට එක්කොට රාජපක්ෂලාගේ මෙම නින්දිත කටයුතු පිළිබඳව සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම සහ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින සියලූ බුද්ධිමතුන් සහ සියලු පුද්ගලයින් ඒකරාශී විය යුතු මොහොතක් නැවතත් එළඹ ඇත .
එය අද නොවේ “හෙට “වෙනුවෙන් ඔබ කරනු ලබන මහඟු පුණ්‍ය කැපකිරීමකි…….!!