උණුසුම් පුවත්

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ශාරීරික සුවතා කරන අතරවාරයේදී හදිසියේ මියයයි……කොරොනා දැයි සැකයි…?

Spread the love

කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා අද දින තම ශාරීරික සුවතා කටයුතු වෙනුවෙන් ගාලුමෝදර ඇවිදිමින් සිටින අවස්ථාවේ දී ඇති වූ හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.ඔහු මේ වන විට 46 වැනි වන වියේ පසු විය. බදුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි

මෙම මෘත ශරීරය මෙවැනි විට කොළඹ මහ රෝහලට ගෙන ගොස් ඇති අතර ඔහුගේ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්  19 දහනම දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට  PCR  පරීක්ෂණ සිදුකර ඇති නමුත් එයින් නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා Positive  වී තිබී ඇත.

නිලධාරීන් රෝහල් ගත කිරීමෙන් සහ නිරෝධාන කටයුතුවලට යොමු කිරීමෙන් පසු අනෙකුත් නිලධාරීන් නිසි රාජකාරි වල යොදවා ඇත. මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාටද කොරෝනා ආසාධනය වී ඇති බවට සැකකරයි. ඒ හේතුවෙන්  හෘදයා බාධය ඇති වී තිබෙන  බව වෛද්‍යවරයෙක් අප සමඟ පැවසීය.

අද දින මියගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගේ මෘත ශරීරය ද මේ වන විට PCR පරීක්ෂණය කර ඇති අතර මෙතෙක් එවැනි වාර්තාවක් ලැබී නැති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි


Spread the love

Leave a Comment

You may also like