කොම්පඤ්ඤවීදිය පිහිටි විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකාය භූමිය චීනයට ඊයේ දිනය වන විට සියලුම මිනුම් කටයුතු අවසන් කරමින් චීන රජයේ තවත් සමාගමක් වෙත 99 අවුරුදු බදු පදනම් අනුව විකුණා අති සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක් චීනය විසින් ඉදි කරනවා ඇත. කොළඹ ප්‍රදේශයේ පිහිටි අවසාන යුධ හමුදා කදවුර වශයෙන් පවත්වාගෙන ගිය ” විදුලි යාන්ත්‍රික ඉන්ජිනේරු බලකාය “ස්ථානයෙන් විසුරුවා හැර එය කොස්ගම සාලෙ ප්‍රදේශයට රැගෙන ගිය බව මේ වනවිට අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
විදුලි යාන්ත්‍රික ඉන්ජිනේරු බලකාය මුළුමනින්ම කොස්ගම සාලේ ප්‍රදේශයට රැගෙන ගිය බව අප ඉතා කණගාටුවෙන් රටේ ජනතාවට මතක් කර සිටින්නේ මේ වෙන විට රාජපක්ෂ රෙජීමය විසින් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය ගොඩනැගිල්ල, සහ එම මුළුමනින්ම එම භූමිය එසේම ලංකා ගුවන් හමුදාවට අයත් එම ගුවන් හමුදා කදවුර මුළුමනින්ම මේ වන විටත් ගිවිසුම්ගත අවසන් කොට චීන සමාගමකට පවරා ඇත.
මේ අනුව චීනයට කොළඹ ආර්ථික මර්මස්ථාන වලින් ඉතා වටිනාම ස්ථාන ලබා දීමට රාජපක්ෂ රෙජීමය ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ලබාගෙන ඇති බව ද ඉතාම වගකීමෙන් සඳහන් කරන්නේමු .
ගෝඨාභය රාජපක්ෂ නැමති පුද්ගලයා බලයට පැමිණියේම රටේ වටිනා සම්පත් පරදේශක්කාරයන්ට විකිණීම නොකරනබවත් යහපාලන ආණ්ඩුව විකුණු සියල්ල යලි රජයට අත්පත් කරගන්නවා යැයි කියාය. ඒත් දැන් ගෝථා ඉතාම හොදින් හමුදා ජුන්ටාව ගොදා යහපාලන රජය නොකල සියල්ලම කරමින් ඇත. මේ නිසාම මේවන විට චීනය සුවිශේෂි බලයක් නතුකර ගැනීම අනාගත පරම්පරාවට දැඩි විනාශයකයට මුහුණ දීමට සිදු වෙනු ඇත.