දිනකට කොරෝනා ආසාධිතයන් පන්සියයක් වාර්තා වෙද්දී මරණ පහක්වත් දිනකට වාර්තා වෙද්දී මුළු ආසාදිතයන් ගණන 20000 ඉක්මවද්දී හම්බන්තොට ගහන්න යන ක්‍රිකට් ප්‍රිමියර් ලීගයේ නිරෝධායනය නීති ලිහිල් කොට තිබීම ගැන අපි කලින් කීවෙමු.
අද එහි තවත් නාටකයක් රඟ දැක්වී තිබේ.
මේ වන විට විදේශ ක්‍රීඩකයන් දෙදෙනෙකු හා එක් විදෙස් රූපවාහිනී කාර්මිකයකුට හම්බන්තොට දී කොරෝනා වැළඳී ඇතත් තරගාවලිය වෙනුවෙන් පත් කොට ඇති නවලෝක රෝහලේ කාර්‍ය මණ්ඩලය හා ක්‍රීඩා අමාත්‍යoස දොස්තරලා මොවුන් ගැන සෞඛ්‍ය බලධාරීන් නිල වශයෙන් දැනුවත් නොකර ඔවුන් ලැගුම් ගෙන සිටි ශැන්ග්‍රිලා හෝටලයෙන් ඉවතට ගෙන කහදමෝදර පිහිටි වෙනත් හෝටලයකට යවා හොර රහසේ වෙදකම් කරන්නට යාම නිසා එය ආරoචි වී කහදමෝදර ගම් වැසියන් කලබලයට පත්ව අද එම හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කර ඇත.
මෙයද මාධ්‍යයෙන් වසන් කිරීමට ක්‍රිකට් බලධාරීන් හා නාමල් බේබි කටයුතු කර තිබේ.
මේ වන විට හම්බන්තොට ක්‍රිකට් පොකුරක් නිර්මාණය වෙමින් පැවතුනත් නැව ගිලුනත් බෑන්ඩ් චූන් ක්‍රිකට් බලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යoසය ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෙණ ගැහුවත් ක්‍රිකට් ලීගය 26 දා ආරම්භ කරන්නට තීරණය කොට ඇත.