35 වන පොලිස්පති ලෙසට චන්දන වික්‍රමරත්නමහතාව ජනාධිපති විසින් නිර්දේශකර ඇත
ශ්‍රි ලංකා පොලිසිය සමස්ථ ජනතාව ගේම ආදරයට ගෞරවයට ලක්ව තිබු අසිරිමත් යුගයක් තිබුණි. ඒ 80 දශකයට පෙරය. ඒත් ඉන් පසුව බිහිවු පොලිස්පතිවරුන් ගේ තිබු නොහැකියාව හා පුද්ගලික අභිමතාර්තයන් වෙනුවෙන් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම දේශපාලකයා ගේ පාවඩයක් කලාය.
ඊට අඩු වැඩි වශයෙන් එදා සිට පොලිස්පති පුජිත ජයසුන්දර දක්වාම සියළු නිලධාරින් හවුල් විය. අවසානයේ පොලිස්පතිලා වීමට මිනිමරන දේශ බන්දුලා තෙක්ම පොලිසිය තුලට බල්ලන් රිංගුවාය. ඒත් ඒ අතරින් ඔබ පුද්ගලිකවම මහත්මයෙකි. ඒ ඔබ පිලිබදව පුද්ගලිකව දන්න නිසාය.
ඒත් ඔබට කිසි දවසක පොලිසිය නැවත දේශපාලන ජරාවලෙන් ගොඩගත නොහැක්කේ දැන් කට ළගටම එරිලාය. අවම තරමින් පහල නිලධාරින් ගේ සුභසාධනයවත් බැලීමට ඔබට හැකිවේවායි ප්‍රාර්ථනාකරන අතරම පාලකයෝ එති යති ….ඒත් පොලිසිය සැමදාම පැවතිය යුතුය , තවත් දේශපාලන ජරාවලේ ගිල්ලවීමක් ඔබ ගේ කාලයේ සිදු නොවේවායි ලංකා දවස පුවත්පතක් ලෙසට අපි ප්‍රාර්ථනා කරමු