රාජපක්ෂ රජයේ කොරෝනා සඳහා නිරෝධායනය වීමේ කිසිම පිළිගත් සෞඛ්‍ය නීතියක් නැති බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා. චීන ආණ්ඩු නියෝජිතයන් හා ඇමරිකාවේ පොම්පියෝ වැනි අයට මේ නිරෝධායන නීති බලපෑවේ නැත්තේ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ කියායි.
දැන් හම්බන්තොට පවත්වන්න යන ලoකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියටත් රටේ පොදු නිරෝධායනය බල නොපාන තත්වයක් උදා වෙලා.
නාමල් බේබි විසින් හමුදාපති හා පවිත්‍රා දේවි අන්දා එහි බුබුලක් ගැන කියා මේ නීතිය වෙනස් කර ගැනීම නිසා ක්‍රිකට් තරගාවලියට විදෙස් රටවලින් එන අයට දින 3 කට නිරෝධායනය සීමා කර තිබෙනවා.
මේ වන විට මෙහි පැමිණි විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකුටම කොරෝනා වැළඳී ඇතත් ඒ බව නිල වශයෙන් දැනුම් දීම වසන් කොට ඇත්තේ කෙසේ හෝ මේ තරගාවලිය පවත්වන්න
ඕන නිසයි.
තරගාවලිය අත්හිටුවන්න වුණොත් ෂම්මි සිල්වා, රවින් වික්‍රමරත්න යන ක්‍රිකට් නිලධාරින්ටත් නාමල් බේබිගේ මාමණ්ඩියට ලැබෙන කෝටි ගණනක බිස්නස් එකටත් තට්ටු වීම මෙයට හේතුවයි.
බොරු ක්‍රීඩා ආර්ථිකයක් කියමින් කලු සල්ලි සුදු කරන්න මෙහි එන ඉන්දීය බුකී කරුවන්ට පාර කපන නාමල් බේබි මේ කරන්නේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වී ඇති අවස්ථාවක අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව බිල්ලට දීමක්.
මේ අතර මැද පෙරදිග සිට එන ශ්‍රී ලoකා විදෙස් ශ්‍රමිකයන් අනිවාර්‍යෙන් දින දාහතරක් හෝටලයක නිරෝධායනය විය යුතු බව කියමින් ඒ සඳහා හමුදාවේ සහයෝගයෙන් දිලිත්ලාට හා සේනාධිපතිලාට එක් අයකු ලක්ෂ එකහමාරක් වැනි මුදලක් ගෙවන්නට සිදු වී ඇත. ප්‍රිමියර් ලීගයට එන්නන්ට දින තුනක් ඇති නම් තමන්ටද නිරෝධායනයට දින තුනක් ලබා දී නිකරුණේ ගෙවන ලක්ෂයක් පමණ තමන්ට ඉතිරි කර ගත හැකි බව මෙසේ මැද පෙරදිගින් රැකියා පවා අහිමිව එන ශ්‍රමිකයන් පවසනවා.