උණුසුම් පුවත්

ජනාධිපතිට නිවසින් බැහැර යාමට නැකත් නැහැ රාමඤ්ඤ නිකායේ මහා නායක ප්‍රේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ ආදාහනය 20 වෙනිදාට නොපවත්වා කල් දාන ලෙස ජනාධිපති දැනුම් දෙයි….!!

Spread the love

ජනාධිපතිට නිවසින් බැහැර යාමට නැකත් නැහැ කියා රාමඤ්ඤ නිකායේ මහා නායක ප්‍රේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ   ආදාහනය  20  වෙනිදාට නොපවත්වා කල් දාන ලෙස ජනාධිපති දැනුම් දී ඇත. 

  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ එම ආදාහන උත්සවය  20 දිනට නොපවත්වන ලෙස වහාම එය වෙනත් දිනයකට කල් දමන ලෙසයි .ඊට දැඩි අප්‍රසාදය සහ අකමැත්ත ප්‍රකාශ කර ඇති අනෙකුත් නාහිමිවරුන් සහ සමස්ත බෞද්ධ ප්‍රදේශවාසී ජනතාව එකහෙලාම කියා ඇත්තේ  20 විසි වන දින ආදාහන පූජෝත්සවය පැවැත්විය යුතු බවයි .

එහෙත් රටේ ජනාධිපති වරයාට පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇත්තේ ඔහුට එදිනට නිවසින් බැහැර යාමට ඔහුගේ නක්ශාස්ත්‍ර කරුවා විසින් නියමිත වේලාවන් සකස් කර නොමැති නිසා බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.

 ‍  රාජපක්ෂලා රට පාලනය කළ සෑම අවස්ථාවකදීම රාජපක්ෂලාගේ අවශ්‍යතාවයන් අනුව ඔවුන්ගේ අතවැසියන් යැයි සිතා සිටින සංඝරත්නය හා අනෙකුත් පූජක වහන්සේලා ඇතුළු සියලුම පුරවැසියන් ඔවුන්ගේ නැකැත් පත්‍රයට අනුව තම තමන්ගේ වැඩ කටයුතු කල් දා  ගැනීම කලයුතු බව ඔවුන් ගේ විශ්වාසයයි. ඒ රාජපක්ෂලා සිතන්නේ ශ්‍රි ලාංකිකයෝ වහළුන් කියාය.

 රාජපක්ෂලා ගේ මතය ඒ ආකාරයෙන්ම රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහා නායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ද  20 විසි වන දින කල් දමා එය වෙනත් දිනයකට යොදා ගැනීමට මේ වන විට නියම කර ඇත


Spread the love

Leave a Comment

You may also like