උණුසුම් පුවත්

“ඔව් අපිට පේනවා”….. ඔබගේ අංග ලක්ෂන ස්වරූපයෙන් සහ ස්වරයෙන් මහා මර්ධනයකට සූදානම් බව. මතක තබාගන්න, මේ 71, 88/89 නොවන බව. ජනතාව මර්ධනයට    සූදානම් බවත්ය ….!!

Spread the love

ආයුබෝවන්,
මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්ද දායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත්කරගත්තා. මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුනේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්ථවාදයට සහාය දෙන විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් හා මතවාදයන් හමුවේ, සිංහල ජාතිය, අපේ ආගම, ජාතික සම්පත් හා පාරම්පරික උරුමයන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බියක් ඔවුන් තුල තිබුන නිසයි.
ඒ අනුව යමින් ද ඔබ අලි සබ්‍රි අධිකරණ ඇමති කලේ එතකොට කොහොමද ඔබ පොරොන්දුවූ එක නීතියක ගේන්නේ.
ජනතාව මගෙන් කල ප්‍රධානතම ඉල්ලීම ‘ රට බේරාදෙන්න ‘ යන්නයි. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුල ගෙන තිබෙනවා. තවදුරටත් ජනතාව මේ ගැන බිය සැක තබාගත යුතු නැහැ.
රටේ බේරාගැනීමට තිබුණේ ඔබ සලේ සමග ඇති කල ත්‍රස්තවාදයෙන් මිස වෙනත් දේකින් නොවේ එය ඔබ ඇති කලේ පාලනය ලබාගැනීමට.
මගේ ධුර කාලය තුල ජාති ආගම් භේදයකින් තොරව, සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන, පාලන තන්ත්‍රයක් රට තුල ඇති කරන අතර, මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කොට තිබෙනවා.
ඒක තීරණය ජනතාවට බාරදෙනවා
සෑම මසක ත්‍රෛයි නිකායික ප්‍රධාන පෙලේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිලිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිලිවෙලකුත් මම අනුගමනය කරනවා.
20 වන  සංශෝධනය සම්බන්ධයෙන් ඔබගේ කෙරුවෙ දැක්කා.
මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්ථවාදී ක්‍රියා නිසා මේ රටේ ජීවිත ගණනාවක් විනාශ වී තිබුනා, පාතාලය බලගතු වී රටපුරා ඝාතන රැල්ලක් ආරම්භ වී තිබුනා, ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගණුදෙනු කරුවන්ගේ තිප්පොලක් බවට පත් වී තිබුනා, බුද්ධි අංශ හා ආරක්ෂක අංශ දුර්වල වීම නිසා රට අනාරක්ෂිත වන තත්වයක් ඇති වෙමින් තිබුනා. පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ඓතිහාසික පුදබිම් පවා අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට තිබුනා.
පුලුවන් නම් ජොනියා බිරියානි කන්න මහින්ද එන්න කියන කතාව අහන්න බලන්න
මදුෂ් ගේ මරනය ගැන සතුටුයි නේද ගොඩක් දේවල් වැහුනා නේද…….?
මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත්කොට ඔවුන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකරන්නට බලය ලබා දුන්නා. කඩාවැටී තිබූ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ඒවා යලි පනගන්වන්නට කටයුතු කලා.
CID එකට වෙලා තියෙන දේ පේනවා ලැජ්ජයි හිරිකිතයි නේද….?
ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යලි හිස එසවීමට ඇති ඉඩකඩ අපි පාලනය කොට තිබෙනවා. මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත් හා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අතීතයේ කලාක් මෙන් සිර ගෙවල් ඇතුලත සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නට, පාතාලය මෙහෙයවන්නට මින් මතු ඉඩක් නැහැ.
ඒක කරන්න දුමින්ද නිදහස් කරන්නේ කවදාද………?
තව දුරටත් මේ රටේ ජනතාව පාතාල කල්ලි වලට, කප්පම් කරුවන්ට, ජාවාරම් කරුවන්ට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ. ඉදිරියේදී අපි මේ වැඩපිලිවෙල තවත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා.
ජනතාවට යන ගමන පැහැදිලියි.
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරිමටත්, අපේ බෞද්ධ හා ජාතික උරුමයන් රැකගැනීමටත් මම මේ වන විට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.
කුරුණෑගල බුවනෙකබාහු මතක් කරන්නේ
මේ වන තුරු අප සියලු දේ කලේ මේ රටේ බහුතර ජනතාව විසින් ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අනුමත කරන ලද, ජනතාව විසින්ම ජනතාව උදෙසා සකස් කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාවට අනුවයි.
කරපු එක දෙයක් කියන්න
රණ විරුවන් පාවාදෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිලිගන්නට සූදානම්, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්, කිසිදු රටකට ගැති නොවන, බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශවකරුවෙක් නොවන, අභිමානවත්, ස්වෛරී රටක් ලෙස අපි යලිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා. කලාපීය බලවතුන්ගෙන් මෙන්ම ගෝලීය බලවතුන්ගෙන් අද අපට නිසි ගෞරවය ලැබෙන්නෙ ඒ නිසයි.
නොබැඳි පිලිවෙතින් ඉවත් වෙලා යන ගමන පේනවා UN එකට තගදාන්නේ තියෙන දැනුම පේනවා.
ඉතාමත්ම කෙටි කාලයක් තුල මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ආකල්පමය වෙනස් කම් රැසක් කරන්නට අපිට පුලුවන් වී තිබෙනවා. අපි එය පටන් ගත්තේ ජනාධිපතිවරණයෙන්මයි. එදා අපි ප්ලාස්ටික් පොලිතීන් හා පෝස්ටර් වලින් තොර, අපහාස උපහාස හා මඩ ගැසීම වලින් තොර, ප්‍රතිපත්ති මත පදනම් වූ, ආදර්ශමත් ඡන්ද ව්‍යාපාරයක් රටට හඳුන්වාදුන්නා. ඉන් පසු පැවැත්වුන පාර්ලිමේන්තු මැතිවරණයත් මෑත ඉතිහාසයේ ආදර්ශමත්ම මැතිවරණ ව්‍යාපාරයක් ලෙස නම් කරන්නට පුලුවන්. බහුතරයක් අපේක්ෂකයන් පෝස්ටර්, බැනර්, කට්අවුට් ප්‍රදර්ශනයෙන් වැලකී සිටියා, මැතිවරණ නීති කඩකිරීම් ඉතා අවම මට්ටමක පැවතුනා. හිංසන ක්‍රියා, ප්‍රචණ්ඩත්වය හෝ මැතිවරණ දූෂණ ගැන අසන්නටවත් තිබුනේ නැහැ.
විශේෂයෙන්ම මැතිවරණ කොමිසම ඊට ලොකු දායකත්වයක් දුන්නා. හැබැයි 20 ආපසු ගෝත්‍රික සමාජයකට යනවා
මේ වෙනසත් සමග ජනතාවත් තරාතිරම නොතකා හිටපු දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු වරම් අහිමි කරන්නට කටයුතු කොට තිබෙනවා. කලකට පෙර 225 ම එපා කියන මතවාදයේ සිටි ජනතාවගේ ගෞරවය යලි දිනා ගැනීමේ අවස්ථාව ඒ නිසා නව පාර්ලිමේන්තුවට පත් වී සිටින මහජන නියෝජිතයන්ට ලැබී තිබෙනවා.
ජනතාවගේ සාක්ෂරතාවය මෙන්ම ඔබගේ ලැයිස්තු පිරී සිටි පාදඩයන් අපි දැක්කා
බලයට පත් වීමෙන් පසුවත් මා කටයුතු කලේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි යන ප්‍රතිපත්තියේ සිටයි. ඒ අනුව අනවශ්‍ය වියදම්, නාස්තිය, හා පුහු ආටෝපය මුළුමනින්ම පිටු දකින්නට මම කටයුතු කොට තිබෙනවා.
MERCEDESE BENZ MAYBACH එක ඇති මොකද  RENGER ROVER එකේ යනවා දැක්කා.
ගතවූ කාලය තුල අපි කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලීසියට බලපෑම් කලේ නැහැ. පත්වීම්, උසස්වීම් සියල්ල සිදුවුනේ දේශපාලන බලපෑම් වලින් තොරව සුදුසුකම් මතයි.
ලලිත් වීරතුංග ,අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්? ටිකක් ලැජ්ජයි හිරිකිතයි නේද ?
දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය සඳහා නීතිය අවභාවිතා කිරීමේ ක්‍රමවේදය අපි මුලුමනින්ම ප්‍රතික්ෂේප කලා. නීතියේ ආධිපත්‍යය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වූවා.
සමාජ මාද්‍ය දඩයම සහ මාද්‍යවේදීන් දඩයම නින්දිතයි නේද……..?
රජයේ උසස් තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීමට අපි වෘත්තිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කලා. මෙවැනි ප්‍රතිපත්තියක් මීට පෙර කිසිම රජයකින් ක්‍රියාත්මක කොට තිබුනේ නැහැ. තවදුරටත් දේශපාලන බල පුලුවන්කාරකම් මත නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත්වන්නට තිබුන ඉඩකඩ ඉන් ඇහිරුනා.
රටේ ජේශ්ඨ පරිපාලන නිලධාරින් සිටියදී හමුදා නිලධාරින් 26 පත්කලේ ඇයි? ඔවුන්ට  AR ,FR ගැන දැනුවත් ද……?
මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට මේ රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසර 5 ක පාලන කාලය තුල විශාල කඩා වැටීමකට ලක් වී 2.1% වැනි ඉතා දුර්වල මට්ටමක තිබුනා.
2014 වන විට 4.3% ක් දක්වා අඩු වී තිබුන රැකියා වියුක්තිය 2019 වන විට 4.8% දක්වා යලි ඉහල ගොස් තිබුනා.
ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්‍රයෙන් කඩාවැටීම නිසා මුල්‍ය ඒකකය අස්ථාවර වී ආර්ථිකය විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී තිබුනා.
ඇත්ත
සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් තිබුනා. විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් වාර්ෂිකව එන ආදායම අඩු වෙමින් තිබුනා.
ඔබට බලයට ඒමට සලේ ගේ අනුදැනුම මත් වූ පාස්කු බෝම්බය මීට බලපෑවා
රටේ ණය බර අතිශයින් ඉහල ගොස් තිබුණා. ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුනා. ඉහල පොලී අනුපාතයන් නිසා දේශීය ව්‍යාපාරිකයන් විශාල අසීරුතාවන්ට මුහුණ දී සිටියා. මේ තත්වය පාලනය කරන්නට අපි කඩිනම් පියවර රාශියක් ගත්තා.
ඔබ පාර්ලිමේන්තුව අනුමැතිය නැතිව ට්‍රිලියන් 2 ගත්තා.
බදු බර අඩු කොට ජනතාවට සහන දුන්නා. විශේෂයෙන්ම වැටුප්මත උපයන විට ගෙවිය යුතු ඍජු බදු අඩු කලා මෙන්ම පොලී මත පැවති රඳවාගැනීමේ බදු ඉවත්කලා. දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන රැසක් ලබාදීමට කටයුතු කලා. බදු ක්‍රම සරල කලා. දේශීය නිශ්පාදන වලට අහිතකර තරඟකාරී ආනයනයන් සීමා කලා.
බදු සහන දුන්නේ ඔබට මැතිවරණ ව්‍යාපාරය සදහා පහසුකම් සැලසීම කල මහා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවට
පොලී අනුපාතයන් විශාල වශයෙන් අඩු කිරීම හරහා ණය මුදල් අවශ්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන ලබා දුන්නා. වසර කිහිපයක් පුරා අඛන්ඩව කඩා වැටෙමින් තිබුන විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට කටයුතු කලා
සීඝ්‍රයෙන් ඉහල යමින් තිබුන විදේශ ණය ගැනීම් පාලනය කලා. ඒ වගේම අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ නොදී ගෙවන්නට නියමිතව තිබු සියලුම විදේශ ණය වාරික අපි ගෙවා දැමුවා.
ණය ගෙවන්න ණය ගත්තා
පසුගිය රජය විසින් දේශීය සැපයුම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල් විශාල ප්‍රමානයක් ගෙවන්නට අපි කටයුතු කලා. පොහොර සඳහා රුපියල් බිලියන 24 කුත්, ඖෂධ සඳහා බිලියන 32 කුත්, ඉදිකිරීම් කටයුතු සඳහා බිලියන 119 කුත්, වැඩිහිටි සහනාධාර බිලියන 20 කුත්, විවිධ අමාත්‍යාංශ සඳහා සේවා සැපයීම් කල අයට බිලියන 47 කුත් ගෙවා දැමුවා.
නොමිලේ පොහොර ලැබු ගොවියා කොපමණ සතුටින් ද……….?
මේ ආකාරයට සමාජයට මුදල් නිදහස් කිරීම, අඩපණවී තිබුන රටේ ආර්ථික ක්‍රියාවලිය යලි සක්‍රීය කිරීමට උපකාර වුනා.
අපේ රටේ ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් සම්බන්ධව සිටින කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය යලි නගා සිටුවන්නට කෙටි කලක් තුල අපි විශාල වැඩ කොටසක් කලා.
එක දෙයක් කියන්න ……..?
වී මිලදී ගැනීම සඳහා සහතික මිල රුපියල් 32 සිට රුපියල් 50 දක්වා වැඩිකලා.පොහොර සහනාධාරය නොමිලේ දුන්නා.දේශීය කෘෂි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ගම්මිරිස් වැනි භෝග ප්‍රති අපනයන තහනම් කල අතර සමහර කෘෂි නිෂ්පාදන ආනයන කිරීම සම්පූර්ණයෙන් නතරකලා. වී, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, අල, ළුණු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයන බදු කලමණාකරනය කලා. එතනෝල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කලා.
රට පුරා පුරන් කුඹුරු යලි අස්වද්දන, තරුණ පරපුර වගාවට ආකර්ෂණය වන, ජනතාව ගෙවතු වගාවලට යොමුවන ආකාරයේ නව ප්‍රබෝධයක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුල ඇතිකරන්නට අපට පුලුවන් වුනා.
හාල් වලට විතරක් ගැසට් 5……….?
කුමන දුෂ්කරතා මැද්දේ වුනත් අපේ අපනයනයන් කඩා වැටෙන්නට අපි ඉඩ දුන්නේ නැහැ. මේ වන විට අපේ සමස්ථ අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහල මට්ටමක තිබෙනවා.
ඉලක්කම් බලමු.
අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුල ග්‍රාමීය ජනතාවගේ දිළිදු බවට විසඳුම් සෙවීම ප්‍රමුඛතාවක් වෙනවා. ඒ අනුව කඩිනමින් අවධානය යොමුවිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් අපි හඳුනාගත්තා.
අපේ රටේ අතිශයින්ම දුප්පත් පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනක් දියත් කලා. මේ සෑම රැකියා අවස්ථාවක් හරහාම අතිශයින් දිලිඳු පවුලක අනාගතය ශක්තිමත් කිරීම සඳහා අඩිතාලමක් වැටෙනවා. ඒ අනුව මේ වන විට සුදුසුතම පුද්ගලයන් සොයා රැකියා 35,000 ක් ලබා දී අවසන්. ඉතුරු අයටත් ඉතා කෙටිකලක් තුල රැකියා ලබාදෙනවා.
ඒ අය කොහෙද වැඩ කරන්නේ ?
රටේ ධනය වැයකොට අධ්‍යාපනය ලබාදුන් උපාධිධාරීන් විශාල පිරිසක් කාලාන්තරයක් පුරා රැකියා නැතුව සිටිනවා නම් එය අධ්‍යාපන ක්‍රමයේ වරදක්. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ වරද ඉදිරියේදී නිවැරදි කරනෙ අතරම, මෙතෙක් රැකියා නැතිව සිටි උපාධිධාරීන් 60 දහසකට රැකියා ලබා දෙන්නටත්, රටට ඵලදායි සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් අපි කටයුතු කලා.
කොහෙද ………?
ග්‍රාමීය ජනතාව තුල දිළිදුකම පිටු දැකීමේ තවත් පියවරක් ලෙස සින්නක්කර ඉඩම් අහිමි පවුල් 20,000 කට අක්කරය බැගින් ඉඩම් ලබා දීමට ක්‍රියාකරමින් තිබෙනවා.
කැලෑ කැපීම ආරම්භයකි
සෑම පවුලකටම පානීය ජලය ලබා දීමේ අපේ සැලැස්ම යටතේ දිවයින පුරා 429,000 කට ජල සැපයුම් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන්වී තිබෙනවා.
මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ මේ වන විටත් කිලෝමීටර් 10,000 ව්‍යාපෘති 3 ක් ආරම්භ වී තිබෙනවා.
??……?
පාලම් 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ පාලම් 5000 ක පමණ වැඩ අවසන් අදියරට පැමිණ තිබෙනවා.
මේවා වැලි ගල් සිමෙන්ති වලින් හදපුවා වෙන්න බෑ. මොකද කෝවිඩ් නිසා අත්තිවාරමක් කපා  පයිලින් ගසා පාලම් 5000? ඇලඩින්ගේ සුරංගනා කතා.
නාගරික අඩු ආදායම්ලාභීන් හා මධ්‍යම පංතිකයන් වෙනුවෙන් මේ වසර තුල පමණක් නිවාස 20,000 කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ වී තිබෙනවා.
එක ගමකට එක නිවසක් වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය නිවාස 14,000 ක් ඉදි කෙරෙමින් පවතිනවා
වතු නිවාස 4000 ක් ඉදි කිරීමේ වැඩ ආරම්භ කොට තිබෙනවා
මේ නිවාස කොහෙද හදන්නේ………. ?
රට පුරා පාසැල් 1000 ක් ජාතික මට්ටමට වැඩිදියුණු කරනු ලබනවා.
ඇලඩින්ගේ සුරංගනා කතා
විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් 10,000 කින් ඉහල නංවා තිබෙනවා. නිදහසින් පසු එක් වසරක් තුල සරසවි වරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහල ගිය අන් වසරක් නැහැ. ඉදිරියටත් මේ ආකාරයටම වසරක් පාසා විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කරන්නට සැලසුම් කොට තිබෙනවා.
අපි මේ සියල්ල කලේ සාමාන්‍ය තත්වයන් යටතේ නොවේ. අභියෝග රැසක් මැද්දේයි. ජනාධිපති ධුරයේ වැඩ බාරගත් දා සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මට වැඩ කරන්නට වුනේ සුළුතර ආණ්ඩුවක් සමගයි. පාර්ලිමේන්තුව තුල බහුතරය තිබුනේ විපක්ෂය සතුව නිසා කිසිදු පනතක් හෝ අයවැයක් සම්මත කර ගැනීමට හැකියාව තිබුනේ නැහැ.
විපක්ෂය කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීම එකග උනා
කොවිඩ් වසංගතය ලෝකය පුරා පැතිරෙන්නට පටන් ගත්තේ ජනාධිපතිවරණය අවසන් වී මාසයක් ගත වන්නට පෙරයි. 2020 ජනවාරි මාසයේ චීනයේ වූහාන් නගරය වසා දැමූ විට ඉතා කඩිනමින් තීරණයක් ගෙන එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගෙන ක්‍රමවත්ව නිරෝධායනය කොට නිවෙස් වලට යැව්වේ ලෝකයේ අනික් රටවලටත් ආදර්ශයක් දෙමිනුයි.
ලෝකයේ අනිත් රටවල් තම ජනතාව බේරාගැනීම සදහා සිය උපරිමයෙන් කැපවීම කලා ඔබ එක මග හැරියා. ඒක ඔබගේ හිතවත් අයට ආදායම් මාර්ගයක් කලා. ගුවන් ටිකට් සිට නිරෝධායනය දක්වා
ලංකාව තුල පළමු කොවිඩ් රෝගියා ලෙස වාර්ථා වන විටත් අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කොවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බලකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුනා. ඒ නිසා අපට ඉතා ඉක්මනින් කොරෝනා පලමු රැල්ල පාලනය කරන්නට පුලුවන් වුනා. කොරෝනා පාලනය කිරිමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් මෙහිදී අපි අමතක නොකල යුතුයි.
එකගයි
මේ කාලය තුල ජන ජීවිතයට වූ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියා කලා. අත්‍යවශ්‍ය ආහාර ජනතාවට ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කලා. ආදායම අහිමි වූ පවුල් ලක්ෂ 59 ක් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව දෙවරක්ම ලබා දුන්නා. අසීරු කාලය තුල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩුකිරීම සඳහා බදු සහන ලබා දුන්නා.
ඡන්දය නිසා ඒක කලා.
කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීම, ආශ්‍රිතයන් නිරෝධායන‍යට ලක් කිරීම, PCR පරීක්ෂණ හා සුබසාධන කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් මිලියන 70,000 කට වඩා වියදම් කොට තිබෙනවා.
රජයේ වගකීම
මා බලයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනේ ඉන් මාස 9 කට පසු මේ වසරේ අගෝස්තු මාසයේයි. මේ කාලය තුල මා ක්‍රියාකල ආකාරය ඉතා ඉහලින්ම ජනතාව අනුමත කල නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදි 2/3 ක බලයක් ලබා දුන්නේ.
2/3 නෑ අන්තවාදීන් මිලදීගෙන 20 සම්මත කලා ලැජ්ජයි
මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි.
ඡන්දයට කලින් සමාජ මාද්‍ය හොදයි ?️????☠️ දැන් නරකයි විවේචනයට බයයි
අද ලෝකය පුරා කොවිඩ් දෙවන රැල්ලක් පැතිර යනවා. මෙයට බල පා තිබෙන්නේ වඩා වේගයෙන් බෝවෙන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් බව හඳුනාගෙන තිබෙනවා. එය ලෝකයේ සෑම රටකටම අළුත් අභියෝගයක් වුනත් මෙවර අපට කලින් වතාවේ ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකියි. පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම, ආසාධිතයන් මෙන්ම ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගැනීම, නිවැරදි නිරෝධායන ක්‍රම භාවිතය, අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන් කොට අන් ප්‍රදේශ වල සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වැනි කරුණු වලදී මේ අත්දැකීම් විශේෂයෙන්ම උපකාර වෙනවා.
කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියාකරන්නේ සැලැස්මක් ඇතුවයි. රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව රෝගය වැලඳුන බවට හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුකල අයගෙන් මරණ සංඛ්‍යාව 0.05 % කට වඩා අඩු අගයක පවත්වාගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා.
ඒ නිසා අපි සියලුදෙනාම සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින් වගකීමෙන් ක්‍රියාකලහොත් පලමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුන දුන්නාක් මෙන් ඉදිරි කාලයේදී මේ අළුත් තත්වයත් අපට පාලනය කර ගන්නට පුලුවන්.
පාලනය අසාර්ථකයි
රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි ක්ෂේත්‍ර රැසක් හඳුනාගෙන ඒවාට වග කියන රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමටත්, ඔවුන් වෙත අදාල විෂයයන් සහ කාර්යයන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තම අමාත්‍යාංශයන්ට ඍජුව ලබාදීමට කටයුතු කර තිබෙන නිසාත් මුල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත් සියලූම රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටුකල හැකියි.
පවුලේ සියලුම දෙනාට අමාත්‍යාංශය සහ ආයතන කීයක් අයිතියදී තිබෙනවා ද?
අමාත්‍යාංශ වෙන්කිරීමේ දී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත මෙන්ම පාරම්පරික කර්මාන්ත හා ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කලා.
“සතුටින් ජීවත් වන පවුලක්” යන සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වන අරමුණු ඉටුකරගැනීමේදී විවිධ සමාජ මට්ටම් වල ජීවත් වන ජන කොටස්වල නිවාස අවශ්‍යතාවන් ගැන විශේෂ අවධානයක් යොමු කළා. මේ සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශ 3 ක් පිහිටුවා තිබෙනවා.
ජනතාවගේ ජීවන මට්ටම ඉහල නැංවීම අරමුණු කොට නාගරික මෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයටත් විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.
විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරට තුලම නිෂ්පාදනය අපි ආරම්භ කොට තිබෙනවා. ඖෂධ ආනයනය තුළ සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කලේ ඒ සඳහායි.
තත්වයෙන් බාල බෙහෙත් වලින් පලක් නැත.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට ඵලදායී පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනයට අදාල සියලුම රාජ්‍ය ආයතන අද අපි එක් අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් තිබෙනවා.
නූතන ලෝකයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් හා කාර්ය සාධක බලකායන් දෙකක් අපි පිහිටුවා තිබෙනවා.
දේශීය වෛද්‍ය විද්‍යාව නගා සිටුවීමේ පියවරක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට කටයුතු කර අවසන්.
උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක 10 ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්වවිද්‍යාල පද්ධතියක් “CITY UNIVERSITIES” ගොඩනැගීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.
දැනට හෙදියන්ට ලබා දෙන ඩිප්ලෝමා සහතිකය වෙනුවට උපාධියක් දක්වා ඉගන ගන්නට අවස්ථාව සැලසෙන පරිදි සියලුම හෙද පුහුණු පාසැල් එක් විශ්වවිද්‍යාලයක් යටතට ගන්නට සැලසුම් සූදානම් කොට අවසන්. මේ හරහා විදේශ රැකියා වෙළඳපොල සඳහා අපේ හෙදියන්ටත් දොරටු විවෘත වෙනවා ඇති.
අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමටත් ක්‍රීඩා ආර්ථිකයකට මග පෑදීමටත් ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමටත් රටේ ප්‍රදේශ කිහිපයකම එහි පීඨ පිහිටුවීමටත් කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාව, පරිගණක තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයන් ලෙස ඉගැන්වීමටත් ඒ සඳහා අන්තර්ජාතිකව පිලිගන්නා සහතිකයක් ලබාදීමටත් අපි කටයුතු කරනවා.
මා පොරොන්දු වූ ආකාරයට උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට අවස්ථාව ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවාට අමතරව විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් අවශ්‍ය කටයුතු ආරම්භ කොට තිබෙනවා. ලබන වසරේ විවෘත විශ්වවිද්‍යාල වලට තාක්ෂණික උපාධි සඳහා අළුතින් සිසුන් 10,000 බඳවා ගන්නටත් ඔවුන්ට පලමු වසරේ සිටම රැකියා කරන ගමන් අධ්‍යාපනය ලබාදීමටත් අපි සැලසුම් කොට තිබෙනවා.
විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය හරහා සියලුම උපාධි සමාජයට හා ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි විෂයන් බවට තහවුරු කරන ලෙස අපි විශ්වවිද්‍යාල පද්ධතියට උපදෙස් ලබා දී තිබෙනවා. මෙහිදී තාක්ෂණික අධ්‍යාපනයට හා නවෝත්පාදන දිරි ගැන්වීමට විශේෂ අවධානයක් යොමුවෙනවා.
මේවා ඔක්කොම ඉටුකරන්න එතකොට පිලිගන්නම්.
ජනතාවට සැබැවින්ම සේවය කිරීමට නම් නිරන්තරයෙන්ම ජනතාවට සවන් දීම අවශ්‍ය වෙනවා. මේ නිසා ඉඩ ලැබුන හැම අවස්ථාවකම මම ජනතාව අතරට යනවා. පසුගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ ගණනාවක අතිශයින් දුෂ්කර ගම්මානවල පවා සංචාරය කරමින් මම ජනතාවගේ ගැටලු වලට සවන් දුන්නා.
ඒවා බයියන්ගේ ආතල් එකක්
මේ අනුව සෑම දිස්ත්‍රික්කයකටම පොදු වූ ගැටලු මෙන්ම ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ගැටලු ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු, තීරණ ගැනීමට මට අවස්ථාව ලැබුනා. මම උපදෙස් දී තිබෙන්නේ ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ටත් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් , ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසයි.
කව්ද කරන්නේ
රටක ප්‍රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නීති පොතට මුවාවී තම වගකීම් ඉටුකිරීම පැහැරහරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකරදෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන වලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවාද යන්න සොයාබැලීමටයි. ඉදිරියටත් මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ඉහල නිලධාරීන්ද නිරන්තරයෙන්ම තම තමන්ගේ ආයතනවල කටයුතු සිදුවන ආකාරය අධික්ෂණය කල යුතුයි.
රාජ්‍ය පාලනය තුල නාස්තිය හා දූෂණය පිටුදකින බවට අපි ජනතාවට පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන තුල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත යුතු අතර මේවාට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.
බලමු.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වී තිබූ ව්‍යාකූල තත්වය 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉවත් කර ගැනීමට අපිට හැකිවුනත් විවාදාත්මක අංශ කිහිපයක් තවමත් ඉතුරුව තිබෙනවා. මේ නිසා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත් ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමටත් අපි මේ වන විටත් කමිටුවක් පත්කොට තිබෙනවා.
ජනතාව, මට හා අපේ රජයට විශාල බලයක් ලබා දුන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කොට රට සෞභාග්‍ය කරා ගෙනයාමටයි. ඒ බලාපොරොත්තු ඉටුකිරීමට මමත් මගේ රජයත් කැප වී සිටිනවා.
කියන්න පුලුවන් කරලා පෙන්වන්න
මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙන, ණය වලට වඩා ආයෝජන දිරි ගන්වන, කතාවට වඩා ක්‍රියාවට ගරු කරන, පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගයන රාජ්‍ය පාලනයක් ඇතිකිරීමයි. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ සඳහා වගකීමෙන් කටයුතු කල යුතුයි.
ලංකාව පමණක් නොව මුලු මහත් ලෝකයම ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. අභියෝග රාශියක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝග ජයගෙන, නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුල කටයුතු කරමින්, සැලසුම්ගත ආකාරයට රට ඉදිරියට ගෙනයාමේදී රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා.
ඔබගේ සහචරයන්ද පවුලේ සියලුම දෙනා එකතු කරගෙන යන ගමනට ජනතාව සහයෝගය දෙන්න සූදානම් නැත.
අපේ රටට මහා උවදුරක්ව පැවති එල් ටී ටී ඊ ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුලුවන් වුනේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැපවුනා. කණ්ඩායම් හැඟීමෙන්, විනය ගරුකව අභියෝගයන්ට මුහුණ දුන්නා. අවසන් කල නොහැකියැයි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජයගන්නට පුලුවන් වුනා නම් අනාගතයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජයගන්නට පුලුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අප සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අප තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය ඉහල නැංවීමට, සේවාවන් කාර්යක්ෂම කිරීමට, දූෂණය පිටුදැකීමට, නාස්තිය අඩු කිරීමට සක්‍රීයව දායක වීම මේ අවස්ථාවේදී දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේද යුතුකම වෙනවා.
ෆොන්සේකා නැත්නම් බලාගන්න තිබුනා.
මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.
ඇයි යුද්ධය කාලේ පැනලා ගියේ.
හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු වූ පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරදීමටයි. ඒ අරමුණ ඉටුකරගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ.
ඔව් අපිට පේනවා ඔබගේ අංග ලක්ෂන ස්වරූපයෙන් සහ ස්වරයෙන් මහා මර්ධනයකට සූදානම් බව. මතක තබාගන්න, මේ 71, 88/89 නොවන බව. ජනතාව මර්ධනයට    සූදානම් බවත්ය .
මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා.ඵලදායී පුරවැසියෙකු ලෙස, සාමූහික හැඟීමෙන්, විනය ගරුකව කටයුතු කරමින්, ඔබේත් මගේත් මව් බිම සෞභාග්‍යය කරා ගෙනයාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.
බලමු.
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි…….!!

Spread the love

Leave a Comment

You may also like