උණුසුම් පුවත්

අතුරුදහන් පුද්ගලයින් සෙවීමට ” පිස්සු පූසෙක් ” පත්කළ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි….!!

Spread the love

ටක දියුණුවට හෝ රටේ විනාශයට මූලිකවම හේතු වන පාලකයින් පූජකයින් මෙන්ම අධිකරණ  විනිශ්චයකාරවරු ද විශාල දායකත්වයක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඕනවටත් වඩා උදාහරණ ඇත.

 මෙහි ආසන්නතම සිද්ධීන් ගණනාවක් ඇති වුවත් 1990 වසරේදී ඉතාමත්ම නින්දිතම තුච්ච විකාර වරයෙකු වශයෙන් රාජකාරි කළ උපාලි අබේරත්න නැමැති පිස්සු පුසා නමින් පටබැඳී මොහු හිටපු තවත් සෙල්ලක්කාර අග්‍ර – විකාර වරයෙකු (අගවිනිසුරු) සරත් එන් ද සිල්වා  ගේ දික්කසාද නඩුවේ දී  එම නඩු ගොනුව සිතාමතාම අස්ථාන ගත කිරීමේ  චෝදනාව ඔප්පු වු දුෂිතයෙකි.

පසුව මේ පිළිබඳව  හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා ගේ නීතියානුකූල බිරිඳ වූ පැමිණිලිකාරිය ඇගේ දික්කසාද නඩුවේ ගොනුව මෙම උපාලි අබේරත්න නැමැති විශ් කාරවරයා ස්ථානගත කොට විත්තිකරුට සහනයක් ලබාදීම වෙනුවෙන් කටයුතු කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව එවකට කීර්තිමත්  විනිසුරන්වූ මාර්ක් ප්‍රනාන්දු සහ තිස්ස බණ්ඩාරනායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සමන්විත කමිටුවක් විසින් විනය පරීක්ෂණයක් පවත්වා උපාලි අබේරත්න වහාම සේවයෙන් විශ්‍රාම ගැන්වීමට ක්‍රියා කළ නමුත් පසුව මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීම මත 2001 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ද පත් කිරීමෙන් පසු විශ්‍රාම ගන්නවා ඇත.

මේ වන විට ගෝඨාභයගේ දේශපාලන පළිගැනීමේ කොමිෂන් සභාවේ සමයන්- කොමිසන් සභාපති වරයා වශයෙන් කටයුතු කරන උපාලි අබේරත්න නොහොත් පිස්සු පූසා දෙසැම්බර් පලවෙනි දින සිට අතුරුදහන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කොමිෂන් සභාවට පත්කර ඇති බව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත මේ වන විට රටේ  නීතිය, රටේ අධිකරණය පවා විහිළුවට ලක් කරමින් කොමිෂන් සභාවක හැසිරෙන ආකාරය ඉතාම විහිළු සහගත භාවයක් උසුලයි.

 උපාලි අබේරත්න  අධිකරණයේ විභාග වන බොහෝ නඩු තම කොමිසන් සභාවට කැඳවා සමහර පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් පැමිණිලි ලබාගෙන ඒවා විමර්ශනය කිරීමේ මානසික ආතතියකින් පෙළෙන්නෙක් වූ බව තතු දත්තෝ පවසයි. එසේම පුද්ගලයින් අතුරුදහන් කිරීමේ ප්‍රකට නඩුවක් වූ පාසැල් දරුවන් එකොළොස්  දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලක් වශයෙන්ද ලබාගෙන ඒ පිළිබඳව මොහු විසින් විමර්ශනය කොට ඇති තත්ත්වයක් මත නැවතත් එවැනි දූෂිත පුද්ගලයකු   පුද්ගලයින් අතුරුදහන් වීමේ කොමිෂන් සභාවේ සභාපති වරයා වශයෙන් පත් කිරීම ගෝඨාභයගේ හමුදා ජුන්ටාවේ තවත් එක් පියවරකි.

ගෝඨාභය රාජපක්ෂ නැමැති නීතිය බල්ලාට දමා කටයුතු කරන පාලකයෙකු ගෙන් ඊට වඩා යමක් අපේක්ෂා කල නොහැකිය.  ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානි  කළ පුද්ගලයෙකු නැවත වතාවක් කොමිෂන් සභාවට පත් කිරීම ඉතාමත්ම කණගාටුදායක තත්වයකි. 

ශ්‍රී ලංකාවේ අධිකරණයකින් යුක්තිය හෝ කොමිෂන් සභාවෙන් යුක්තිය හෝ කිසිසේත් අපේක්ෂා කළ නො හැකි හෙයින් දැන් ශ්‍රී ලංකාවට ඉතුරුව ඇත්තේ 2015ට පෙර මහින්ද රාජපක්ෂ යුගයේදී සේ ජාත්‍යන්තර අධිකරණය සහ ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා හඬ නැගීම පමණි

මෙවනි පිස්සු පුසන් දමා රටේ අධිකරණය ගනිකා මඩමක් කර ඇත. ඒ ආකාරයටම ජනතාමුදල් කාදමන මෙවනි දුෂිත පාහරයන් දමා නටන ජෝගියට එකම විසදුම ජාත්‍යන්තරය දැනුවත් කිරීමයි.


Spread the love

Leave a Comment

You may also like