අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා නිලධාරීන් 187 දෙනාගෙන් 19 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත. අද ලබා ඇති වාර්තා වලින් positive බව සනාථ වී ඇත.
ඒ අනුව සියලුම නාවික සෙබලුන් ඉවත්කොට වෙනත් සෙබළ කණ්ඩායමක් ගෙන්වීමට කටයුතු කර ඇත. මේ වන විට ශ්‍රී ලංකාව පුරාම ත්‍රිවිධ හමුදාව තුල සහ පොලිසිය තුළද කොරෝනා ආසාදිතයින් බවට බොහෝ පිරිස් පත්ව ඇත. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට වෙනත් නාවික හමුදා භට කණ්ඩායමක් යොදවා ඇති බව නාවික හමුදා මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම මීට පෙර කොරෝනා පළමු රැල්ලේදී ද නාවික හමුදාව අසාමාන්‍ය ලෙස පීඩනයට පත් වූ ආකාරයටම නැවත වතාවක් නාවික හමුදාවට කොරෝනා වැළඳී ඇති බව අප වෙත වාර්තාවී ඇත.