ලංකාවේ ජනතාව ආපස්ස හැරී බලද්දී 2015 ජනවාරි 08 වෙනිදා කරපු කැපකිරීම ගඟට කැපු ඉනිවාගේ නොවේදැයි මේ ආණ්ඩුව දිහා මැදිහත් සිතින් බලන බොහො දෙනා ගේ හීල්ලිල්ලය.
මෛත්‍රිපාල ජනාධිපති පුටුවේ වාඩිකිරීමට දවල් රෑ නොබලා ,තම ජිවිතය ගැන පවා නොසිතා නිතිගරුක ජනතාව කටයුතු කලේ තවත් රාජපක්ෂලා බිහිකිරිමට නොවන බව මෛත්‍රිපාල ජනාධිපති නොදනී.
එදා ආණ්ඩුව කලදේම කිරීමටනම් මෛත්‍රිපාල ජනධිපති ලෙසට නොවිය යුතුය. තමා ජනතාවට අසීමිත පොරොන්දු දී ජනතාව ගොනාට අනදවා මෛත්‍රිපාල ජනාධිපති අද ඔහුගේ ඇමතිකාලයේ සගයන් සමග රට නන්නාත්තාර කරමින් සිටි.
පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම අදවන විට ඇමතිවරුය. රාජපක්ෂලාත් කලේ ඒ දේමය මෛත්‍රිපාලට වඩා රාජපක්ෂ වඩාත් සුදුසුවන්නේ මහින්දගේ කොන්ද පණ තියෙන නිසාය. මෛත්‍රිපාල ජනාධිපති රටක් වශයෙන් තබා තම පවුල වෙනුවෙන්වත් අඩුම තරමින් කොන්ද පණඇතිව තීන්දු තීරන ගන්නවාදැයි අපි නොදනිමු.
ඒත් එක් දෙයක් කිවහැකිය අද ලංකාවේ ආණ්ඩුවක් තියෙනවාද කියා දන්නේ ඉදහිට හෝ ජනාධිපති ටී.වී එකෙවත් පේන්න ඉන්න නිසාය.
කවුරුහෝ ඔල්මාදකාරයෙක් හිතනවානම් අනේ අපිට ඔනි අන්න ඒවගේ ගුණත් නැති අගුණත් නැති පතෝල වගේ කෙනෙක් කියා ඇත්තට ඔවුට ඔල්මාදය නැමති ලෙඩේ හොදටම හැදී අහවරය.
නිර්භීත තීරණ ගත්ත නායකයන් සිටිරටක,අවශ්‍ය නියම තීරණ නියම වෙලාවට නොගෙන පසුගිය අවුරුද්දේ ගන්න ඔනි තීරණ දැන් ගන්නවානම් ඇත්තටම සිදුවන්නේ “අශ්වයා පැනගියපසු ඉතාලය වැසීමය ” එහෙම කෙනෙකු රටේ නායක කමට තබා පලාතේ ප්‍රාදේශය ලේකම් කමටවත් කිසිසෙත් සුදුසු නොවේ.
මෙන්න මේ නිසා දැන් සිදුව ඇත්තේ මෛත්‍රිපාල ජනාධිපතිගේ තීරණ ගැනීමේ කල් මැරිල්ල නිසාම රට පල්වෙමින් තිබීමය.
මේනිසාම දිනපතාම අපරාධ රැල්ලක් හා ජනතාවට සේවය කරන ආයතන සියල්ලම ජන්තාවට කොකාපෙන්නමින් ඔන් තලු මරමින් මුහුණු පොතේ සක්මන් කරමින් කාලය කාදමමින් හවසට ගෙවල් වලට යයි . ඇමතියෝ බුරුතු පිටින් කති, බොති, නටති…………අනේ අපොයි කියමින් යහපාලනයට ඡන්දය දුන් අය හුල්ල හුල්ල 2020 වෙනකන් ඇගිලිගනි. අපේ රට තවත් වසර ගනනාවකින් ආපස්සට නම් නොදනීම යති අනේ අපොයි වෙච්ච දෙයක්…………….
අනේ මෙහෙමත් රටක්……. රටට වැඩක් නැති ඔවුන්ට වැඩක් ඇති ඇමතිවරු