දරුවන් සමාජයට පිළිලයක් නොවන ආකාරයට සදා ගත යුතු යැයි වැදි බණ දෙසා බාන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක පළමුවෙන්ම කළ යුත්තේ තමාගේ බේබදු සහ අයාලේ යන දියණියත් තමාගේ බේබදු පුතා හදා වඩා සමාජයට පෙන්වීමයි.
බොරැල්ල පොලිස් ස්ථානාධිපති පසුගිය වසරේ දී යට කර මරා දමා උණුසුම යන්නටත් පෙර ම තම බේබදු දියණිය රාත්‍රී සමාජ ශාලාවල හැසිරෙමින් බීමත්ව රිය පදවා ඊයේ අලුයම් කාලයේ දී නන්දා මෝටර්ස් ආයතනයට කඩා වැදී එම ඇය පැදවු පැදවූ ලක්ෂ 750 කට ආසන්න වටිනාකමෙන් යුත් ජිප් රථය මුළුමනින්ම විනාශ කරමින් නන්දා මෝටර්ස් ආයතනයේ ප්‍රදර්ශනාගාරය තැබූ තවත් වාහන කීපයකට දැඩි අලාභයක් සිදු කර ඇති බව අප වෙත දැන ගැනීමට ඇත .
මෙහිදී නන්දා මෝටර්ස් අලාභය පමණක් කෝටි 22 බව ඔවුන් පවසා සිටි. මෙම සිද්ධීන් වලින් හෙළි වන්නේ රටේ නීතිය බල්ලට ගොස් ඇති බවයි. ප්‍රදීප් රත්නායක නැමති නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහාම ධුරයෙන් එළවා දමා නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුය. ගෝඨාභය රාජපක්ෂගේ සැමට නීතිය එක සමාන නම් වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකල යුතුය.
ගෝඨාභය රාජපක්ෂගේ අල්ලපු වත්තේ පදිංචිව සිටින ප්‍රදීප් රත්නායක ගෙන්වා ගෙන ඇත්තේත් ගෝඨාභයගේ පුද්ගලික දැන හැඳුනුම්කම් මතය. ඒ නිසාම රටේ නිතිය පයිසෙකටවත් මායිම් නොකර සිටීමට දරුවන්ද දැන් පුරුදුව ඇත. මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණය සිදු කරන ආකාරයටම මෙවැනි ලක්ෂ 750 ක් වටිනා තවත් land rover ජීප් රථයක් TDI ඩිපෙන්ඩර් රථයක් වැනි අධි සුඛෝපභෝගී වාහන තබා ගැනීමට තරම් පොලිස් නිලධාරියකුට හැකියාව ඇත්නම් ඔහු අනිවාර්යෙන්ම කුඩු ජාවාරම් කාරයෙක් සමග ඩීල් පුද්ගලයෙක් විය යුතුය .
මෙම සිද්ධියට අමතරව වහාම අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ පිළිබඳව විමර්ශනය කළ යුතුය අද මෙම සිද්ධිය ලංකාවේ වෙනත් කුමන හෝ අහිංසක පුද්ගලයෙකු අතින් සිදු වූවානම් ඔහු මේ වන විට දඬුකඳේ ගසා හමාරය ඒත් අපට දැනගැනීමට ඇති තොරතුරු අනුව මේ වන විට දියණිය කිසිදු අසනීපයක් නොමැතිව රෝහලට රැගෙන ගොස් ඇති බවත් නවලෝක රෝහලේ පරීක්ෂණයකදී යොමු කර ඇති බවත් දැන ගැනීමට ඇත.
බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් අප වෙත අදහස් දක්වමින් ඇය බීමත්ව සිට ඇති බවට මෙය වෙන විට තොරතුරු ලැබී ඇති බවත් ඇය පරීක්ෂණයට පත් කරයි ද…? නැද්ද….? යන්න පිළිබඳව උසස් නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදුවන බව කියා සිටියේ රටේ නීතිය මේ නම් මේ ආකාරයට ලංකාවේ නීතිය වල් වැදී ඇති අතරම නිල ඇඳුම ඇඳ අනිත් අයට තම දරුවන් ආදර්ශමත් ආකාරයට හැදියාවක් නොපෙන්වා සමාජයට වැදි බණ දෙසා බාන ප්‍රදීප් රත්නායකලා වැනි උසස් පොලිස් නිලධාරීන් සේවයෙන් පහකල යුතුය.![]()
![]()
![]()