30 වසරක් තිස්සේ පැවති යුද්ධයේ නිමාවට පැමිණියේ එවකට හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිසා බව අද අමුතුවෙන් කිසිවෙකුටත් පහදා දිය යුතු නොවේ. ඒ යුදධයත් නිමාකලේ තමා බව කියා මෙතෙක් කලක් පම්පෝරි ගැසු ගෝඨාභය ජනාධිපති ඇත්තටම කර ඇත්තේ කුමක්දැයි දැන් පක්ෂ විපක්ෂ සියල්ලටම ඉතාම හොදින් පැහැදිලිය.
සරත් ෆොන්සේකා එදා නොහිටින්නට මේ වනවිට ප්‍රභාකරන් රටත් අල්ලලාය. ඒත් යුද්ධය ගැන එදා කයිවාරු ගැසු ගෝඨා දැන් තටමන්නේ කොරෝනා සෞඛ්‍ය ප්‍රශ්ණයක් ඒ නිසා මට බෑ කියලාය. ඒ කතාව සම්පුර්ණ ඇත්තය, ඒ නිසාම තමා අපි එදා පලමු වටයේ දීම පෙන්නා දුන්නේ මෙය වෛද්‍යවරු විසින් ලෙඩාට බෙහෙත් කලයුතු රෝගයක් මිස නන්දිකඩාල් ඇල්ලීමට යන මඟුලක් නෙවේ කියාය.
ඒත් කෝකටත් තෛලයට ශවින්ද්‍රව දමා ගෙන ,රෝගි වෙන රටේ ජනතාව භීතියට පත් කරමින් අහිංසක ජනතාවට මරණ බියක් ඇතිකරමින් සිදුකල ක්‍රියාවේ වන්දිය දැන් ගෙවන්න සිදුව ඇත්තේ හමුදාවටය. දිලිත් ජයවීරලා ,නිස්සංක සේනාධිපතිලා ගෝඨාභය ගේ ආශිර්වාදයෙන් ජයටම රටේ රෝගින් වෙන ජනතාව හුරන් කමින් සතුටින් කල් ගෙවද්දී තවත් විරුවා වෙනුවෙන් පොලවේ පස් කන්න දැගලු බොහෝ දෙනෙකුට දැන් එදා වේලක් කන්න නැතුව සිටී.
එසේම රටේ ජනතාව දැන් මහපාරේ මැරි ඇද වැටෙන්නේ ආණ්ඩුවේ වරදින් බව අපි එකවරම ඇඟිල්ල දික්කරන්නේ ගෝඨාභය ජනාධිපතිටය. ඒ ජනාධිපති වරණයෙන් පසුව පලමු රැල්ල අවසානයේ අපි ඉතාම දැඩිව රජයට අනතුරු අඟවා සිටියේ වහාම මෙය වෛද්‍යවරුන්ට භාර කරන ලෙසය. ඒ වෛදවරයා මිස රෝගින් ගැන යුද්ධ හමුදාපති නොදන්න නිසාය. ඒත් ශවින්ද්‍ර සිල්වා හමුදාපතිවරයා සුද්ධය පිලිබදව අති විශිෂ්ථයෙකි.
කෙසේ වුවත් මේ වනවිට රටේ සෑම තැනකින්ම හිටි හැටියේම මිනිසුන් මහපාරේ මැරී ඇදවැටෙනවා සේම, නිවෙස් තුලද හිටි හැටියේම මියයමින් ඇත. ඒ සියල්ලම කොරෝනා රෝගින් බව අපි ඉතාම වගකීමෙන් යුදහමුදාපතිවරයාට අභියෝගකර කියා සිටිමු.
මේ පිලිබදව අපි වසංගත රෝග විද්‍යඥයන් ගෙන් විමසීමේදී කොරෝනා රෝගය තුලින් හදවත අක්‍රිය වීම හෝ නිව්මෝනියාව ඇතිවීම සිදුව ඒ නිසා මරණය සිදුවන බවත් ඊට ඉතාම ඉක්මනින් ගොදුරුවන්නන් තුල වෙනත් රෝගයක් තිබීම ආසාධිත තත්වයට උදව්වක් වීම පමණක් බවත් ඒත් හමුදාපති ගේ කීම විහිළුවක් සේ වෛද්‍යවරුන් දකි.
අපි යුධ හමුදාපති ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට විහිළු නොසපයන ලෙසයි.දැන් රටේ ජනතාවට සිදුව තිබෙන්නේ ඉතාලියේ ,ඇමරිකාවේ , සේ බුරුතු පිටින් මියයාමටයි. තවත් උඩඟු නොවී වහාම වෛද්‍යවරුන්ට භාර දී තමන් නොදන්නා යුද්ධයක් නොකරන ලෙසට රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපති ගෙන් අපි ඉල්ලා සිටිමු.