උණුසුම් පුවත්

පළමු වරට වරායෙන් පිටත නැව් 30  කට වඩා නැංගුරම්ලා ” ටග් යාත්‍රා යැවීමට සේවකයන් නෑ…. කොරෝනාවෙන් රටම අඩපනයි…….!!

Spread the love

පළමු වරට වරාය නැව් 30  වඩා  වරායෙන් පිටත නැංගුරම් ලා ඇති අතර බඩු බෑම සඳහා කිසිදු කාර්ය මණ්ඩලයක් ඒ සඳහා යෙදවීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ.  මේ වන විට වරාය  තුළ කොරෝනා  වසංගතය ඉතා සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් වරායේ පිටත නැංගුරම් ලා  ඇති නැව් ගණන 30 දක්වා වැඩිවී ඇති අතර විදේශීය සියලුම නෞකාවන් මේ වන විට නැංගුරම් ලා ඇති හෙයින් ඒ සඳහා (damage claim  )ඒ සඳහා  අමතරව ගෙවීමට පවා වරාය අධිකාරියට සිදුවන බවත් මේ වන තෙක් කිසිඳු යාත්‍රාවක් ඒ සඳහා   යොමුකර නොමැති බව අප විමසීමේදී දැනගැනීමට හැකිවිය

ඊයේ රාත්‍රියේ  PCR පිළිබඳව පරීක්ෂණ  ප්‍රතිඵල වලින් අද දිනය වන විට අද උදෑසන දහය වන විට තවත් කෝවිඩ් වසංගතය අසාදිත පුද්ගලයින් 184 ක් වාර්තා වී තිබෙන අතර මේ වන විට වරාය පරිසරයේ  අපගේ වාර්තාවට අනුව  CICT  පර්යන්තය JCT මුළුමනින්ම වසා දැමීමෙන් තත්ත්වයක් දැනට උද්ගතව ඇත.

මේ වන විට කිසිදු  ප්‍රතිකාර ක්‍රමයක් හෝ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවද සේවකන් මැසිවිලි නගන බවක් අප වෙත වාර්තා වේ.


Spread the love

Leave a Comment

You may also like