යටත් විජිත පාලන සමයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරයාව සිටි සර් ජෝන් ඇන්ඩර්සන් ගෙන් පසු ආණ්ඩුකාර ධූරයට පත් (1917 – 1920) සර් විලියම් හෙන්රි මැනිං ආණ්ඩුකාරයාගේ පාලන කාලසීමාවේදී රජයේ ආහාර ගබඩා සංකීර්ණයක් ලෙසින් (සීනි ගබඩාව) මැනිං ආහාර ගබඩාව ලෙසින් ප්‍රසිද්ධියට පත්විය.
එදා මෙදා අතර තුර කාලයේ සිට මෙම ගබඩා සංකීර්ණය මේ වනවිට වසර 100කට වඩා පැරණි බස්නාහිර පලාතේ ඇති විශාලම එළවලු හා පළතුරු විකුනුම් මධ්‍යස්ථානයයි.
වර්ථමානය වන විට එහි කඩකාමර 1200ක් පමණ ස්ථාපිතව ඇති අතර
කොළඹ නගර මධ්‍යයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයකොළඹ පොලිස් ස්ථානය ඉතාමත් ආසන්නයෙන්ම මැනිං මාර්කට් එක පිහිටා ඇත.
ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශයන් වෙතින් ගොවි මහතුන් විසින් වගා කරනු ලබන එළවලු පලතුරු ඇතුලත් සෑම දෙයක්ම මෙම ස්ථානයෙන් තොග මිලට සහ සිල්ලර මිලට අනෙකුත් ප්‍රදේශයන්ගේ මිලට අඩුවෙන් ගැනී මේ හැකියාවක් ඇත කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඉතාමත් ආසන්නයේ පිහිටා ඇත.
කෙසේ වෙතත් මේ මොහොත වනවිට නගරයේ ඓතිහාසික වටිනාකමක් ඇති ( වසර සියය ඉක්මවූ ගොඩනැගිලි පුපුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ලෙස සැලකේ ) ඍජු හා වක්‍ර ලෙස අතිවිශාල පිරිසක් තම ජීවිකාව සරි කරගන්නා මෙම වටිනා මහජන දේපල මේ වනවිට විදේශ සමාගම් තුනකට විකිණීමට පිඹුරුපත් සැකසෙමින් පවතින බව ලංකාදවස පුවත් පතේ අපට තොරතුරු වාර්තා වෙමින් පවතී…
එහි පළමු පියවර ලෙස අද දින (11) ගුවන් හමුදාව විසින් එම භූමියේ මිනුම් කටයුතු සිදුකොට ඇත…
එලැබෙන සතිය තුළ කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට කොරෝනා ඇදිරිනීතිය පනවා රහසේම මෙම ආර්ථික මර්මංස්ථානයේ අවසන් කටයුතු සිදුකරන මහා ඉඩම් වෙන්දේසිය සිදු කිරීමට නියමිතව ඇත….
එමෙන්ම පසුගිය දිනවල ඇතිවු අස්වනු විකුණාගැනීමට නොහැකි ගොවි ගැටළුවද කෘතිමව සිදුකරනු ලැබූ මේ මහ ඉඩම් වෙන්දේසියේ තවත් නාටකයක් බව කරුණු අණාවරනය වෙමින් පවතී…
ලංකාදවසේ වගකීමක් සහිත මාධ්‍යකරණය තුළ රට විකුණන මෙවන් තක්කඩි ක්‍රියාවන් සවිස්තරාත්මක හෙළිකිරීමට මෙන්ම මේ මහා ඉඩම් සින්නකර වෙන්දේසිය හකුලාගන්නා තෙක් අප අපේ වගකීම ඉටුකිරීමට පාඨක ඔබ වෙනුවෙන් පෙනී සිටින අතර මැනිං වෙළද සංකීර්ණය පැලියගොඩ දැනට ඉදිකරමින් ඇති ගොඩ නැගිල්ලට රැගෙන යාමටද තක්කඩි පාලකයන් සියල්ල සූදානම් කරමින් සිටී...