උණුසුම් පුවත්

මිනි උඩිං බලයට පැමිණි ගෝඨාභයට සිලෝන් තව්හිද් ජමාත් (CTJ ) නායක ආර් අබ්දුල් රාසික් සුබ පැතීම ගැන රටේ ජනතාව පුදුම විය යුතු නැහැ…….!!

Spread the love

සිලෝන්  තව්හිද් ජමාත් (CTJ )  සංවිධානයේ නායක ආර් අබ්දුල් රාසික් මහලේකම්වරයා අද ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාට සහ වර්තමාන රජයේ අධිකරණ ඇමැති නීතිඥ  අලි සබ්බ්‍රිට මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිය ස්තුතිය පුද කරන බව කියා සිටින්නේ කලක් කොරෝනා වසංගතයෙන් මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම නවත්වා එය භූමදානය කිරීම සඳහා අද කැබිනට් මණ්ඩලයෙන් අවසර ලබා දුන් නිසා ය.

ඔහුගේ ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය ඉතාම සාර්ථකව කොරෝනා මැඩලු බවයි. අබ්දුල් රාසික් යනු සහරාන් ගේ නායකයාය. අබ්දුල් රාසික්ලා නොසිටින්නට අද රටේ ගෝඨාභය කෙනෙකුත් නැත. ඒත් දැන් ප්‍රශ්ණය ඇත්තේ අපේ රටේ පාරම්පරික මුස්ලිම්වරුන්ට සිදුවන අසාධාරණයයි. අබ්දුල් රාසික් නොදන්න දේ ගාල්ලේ දි මියයන කම්කරුවා වලදැමීමට මන්නාරමට රැගෙන යන්නේ රජයේ වියදමින්ද යන්නය. රාසික්ලා කතා කරන්නේ කොලේ වසා ගෝඨා වෙනුවෙනි. මෙය   ඉතාමත් ම හාස්‍යජනක ලිපියකි. 

ගෝඨාභය බලයට ගෙන ඒමට සහරාන් නැමැති මිනීමරු ත්‍රස්තවාදියා ශ්‍රී ලංකාවට බිහිකරපු තවුෆික් ජමාත් සංවිධානයේ කාලකන්නි නායකයෙකු  අත්අඩංගුවට නොගෙන ඔහු ඉතා  සුවසේ සිටියදී, ඔහු ගේ දේශණය ලබාගත්  88 දෙනෙකු මේ වන විට වැලිකඩ සිපිරි ගේ සිටීම ශ්‍රී ලංකාවේ නීතිය ඇත්තේ කොහේදැයි යන්න පිළිබඳව සිනහ ගන්වන තොරතුරු අප වෙත ලැබෙමින් පවතී.

අද (09 )පැවති කැබිනට් මණ්ඩලයට අලි සබ්රි ඇමැතිවරයා ගෙන ලද යෝජනාව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින්ගේ මරණ ආදාහනය නොකරන ලෙසත් ඔහුගේ ආගමික චාරිත්‍රානුකූලව එම මෘත ශරීර මිහිදන් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් පවා සමස්ත ලෝකෙ තුළම මුස්ලිම් වූ වෙනත් ජාතිකයින්ගේ ශරීර මිහිදන් කිරීමේ ප්‍රශ්ණයක් නොමැති යැයි සෞඛ්‍ය හේතූන් මත එවැන්නක් තුළින් නැවත වෛරසය  බිහිවීමේ හැකියාවක් නැති බව විද්‍යානුකුලව පිලිගෙන ඇත.  එසේ තිබිය දී ශ්‍රී ලංකාවේ කුමන හේතුවක් මත, කුමන පදනමක් මත, මුස්ලිම් මරණ ආදාහනය කිරීමට සූදානම් වූවා දැයි යන්න පිළිබඳව තරමක ගැටලුවක් පවති.

එහෙත් ලාංකීය භූගෝලීය පිහිටීම වල දී ඇති විෂමතාවන් හේතුවෙන් එය එසේ වූවා දැයි කීමට අප නොදනී.

කෙසේ වෙතත්  ලංකාවේ වසංගත රෝග විද්‍යාඥ පබා පළිහවඩන කියා සිටින්නේ එවැනි මෘත ශරීර මිහිදන් කිරීමෙන්  කොරෝනා වෛරසය නැවත ඉපදීමේ කිසිදු ශක්තියක් නොමැති බවයි .එසේ නම් එය අපි විද්‍යානුකූලව පිළිගතයුතුය. ඒ අනුව මුස්ලිම් ජාතිකයින්ගේ එම ආගමික සහ චාරිත්‍ර වලට අපි ගරු කළ යුතුය .

ඒත් අද කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇත්තේ කිසියම්  මුස්ලිම් ජාතිකයකුගේ මෘත ශරීරය පිළිබඳ අවසන් කටයුතු මිහිදන් කිරීමට නම් එම මෘත ශරීරය මන්නාරම් ප්‍රදේශයට රැගෙන යායුතු බවයි. ඒත් මෙය  ඉතාමත් ම  හාස්‍යජනක තීරණයකි . කොළඹ ජම්පටා වීදියේ මුස්ලිම් ජාතික කම්කරුවෙකු මියගිය විට ඔහුගේ මෘත ශරීරය මන්නාරමට ගෙන යෑමට තරම් වත්කමක් සහ ශ්‍රී ලංකාවේ පවතින රථ වාහන තදබදය සමග ඔහුට මන්නාරමට රැගෙන යාමට සිදු වන්නේ තවත් දවස්  07  දවසකින් බව අපි  කැට තියා කියන්නේ ගෝඨාභයගේ මරි මෝඩ තකතීරු මෙවැනි තීරණ වලින් අපේ අහිංසක දුප්පත් ජනතාව ගොනාට ඇන්දවීම නතර කිරීමටත්,  තවුෆික් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් ලාට තවත් නම් මුස්ලිම් ජනතාව ගොනාට ඇන්දවීමට අපි ඉඩ නොතබන බවත් ඉතාම වගකීමෙන් මතක් කරමිනි. 

 සහරාන් ගේ න්‍යායාචාර්ය අබ්දුල් රාසික් ගේ ලිපිය පහතින් ඇත.


Spread the love

Leave a Comment

You may also like