මේ වන විට වැලිකඩ සහ තවත් බොහෝ බන්ධනාගාර වල සිරකරුවන්ට කෝවිඩ් වසංගතය බෝවී ඇති බව දැන ගැනීමට ඇත .මේ පිළිබඳව බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ අද දින බන්ධනාගාරයේ සිරකරුවන් බොහෝ ස්ථානවලට හා වෙනත් සිර මැදිරි වලට මාරුකර යැව් බවයි .
මෙහිදී බන්ධනාගාර පාලනාධිකාරිය ක්‍රියා කර ඇත්තේ බන්ධනාගාර රෝහලට කොරෝනා රෝගින් දැමීමටය. දුමින්ද සිල්වා, තංගල්ල ප්‍රාදේශිය සභා හිටපු සභාපති වු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරාදැමු සිරකරු , චොකා මල්ලි,හා ඔහු සමඟ සිටින තවත් 03 දෙනෙකු කිසිදු අසනීපයක් නොමතිව රාජ්‍ය අනුග්‍රහයෙන් සුවසේ බන්ධනාගාර රෝහලේ සිටි.
පුද්ගලයින් ඉවත් කිරීමට අද බන්ධනාගාර නිලධාරීන් සූදානම් වන අවස්ථාවේම ඒ පිළිබඳ දුමින්ද සිල්වා වහාම මහින්ද රාජපක්ෂ දැනුවත් කිරීමෙන් විනාඩි කීපයක් තුළ එක්වරම ධාරාණිපාත වර්ෂාවක් සේ මහින්ද රාජපක්ෂගේ නින්දිත වචන වැලිකඩ සිරගෙදරට ඇද හැලෙන්නට පටන් ගත් බව අපගේ තොරතුරු කරුවන් වාර්තා කර සිටි.
මෙහිදී මහින්ද රාජපක්ෂ බන්ධනාගාර ජෙනරාල්වරයාගේ සිට පහළම බන්ධනාගාර නියාමකවරයා දක්වාම මවු දෙමව්පියන් සිහි කරමින් බැණ වැදී ඇත්තේ වැලිකඩ රෝහලට වී සැප ගන්නා තමා ගේ එකෙක්වත් සිරකුටිවලට නොදමන ලෙසයි.
වහාම මහින්ද රාජපක්ෂ ගේ නියෝගයෙන් දුමින්ද සිල්වා, චොකා මල්ලි සහ තංගල්ල ප්‍රාදේශීය සභාපති මිනීමැරුමේ සිරකරු එම රෝහලේ තවදුරටත් රඳවා තැබීමටත් චොකා මල්ලි ගේ අනෙකුත් ආධාරකරුවන් ද රෝහලේ තැබීමටත් මහින්ද රාජපක්ෂ නියෝග කර ඇත.
ගෝඨාභයලා ,මහින්දලා රටට ගෙනා එක් රටක් “මැදමුලන නිතියක් ” යන්න ඉතාම හොදින් මෙයින් පෙනියයි.