උණුසුම් පුවත්

සහරාන්ගේ “බිරිඳ ෆාතිමා සාදියා” ගේ හෙළිදරව්වෙන් පාස්කු විමර්ශන “කොමිසම කොරවෙයි ” …. ෆාතිමා සාදියාට කොරෝනාවක් හදලා ඇය වැලිකන්දට………ඇයට නිව්මෝනියාව හෝ හෘදයාභාදයක් සාදවයිද …? එසේත් නැත්නම් සිය දිවි නසා ගනීවිද….?

Spread the love

පසුගියදා රැස්වූ පාස්කු ප්‍රහාරය පිලිබදව විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසන් සභාව  හමුවේ සාක්ෂි දීමට කැඳවා තිබුණේ  ප්‍රධාන අපරාධකරු  සහරාන්  හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා සාදියා ඇය දෙවන වරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කරමින් ඉතා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේම, එක්වරම කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් එය වළක්වා කොමිසම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්………..

සහරාන්ගේ බිරිඳ ෆාතිමා සාදියා ගේ හෙලිදරව්ව පිළිබඳව අප දිගින් දිගටම සොයා බැලීමට කටයුතු කළෙමු. පාස්කු ප්‍රහාරය පිළිබඳව රඳවා ගැනීමේ නියෝග මත රඳවා සිටින ෆාතිමා සාදියා රඳවා සිටියේ තංගල්ල විශේෂිත වෙන් කරන ලද කාමරේකය .

 එහි සිට  සාක්ෂි දීමට ඇය පැමිණ ඇති බව  අප වෙත ඉතා විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබුණි. ඇය  සාක්ෂි දීමට පැමිණෙන විට  PCR  පරීක්ෂණයක් සහ උෂ්ණත්වය මැන බැලීම සියල්ලම සිදු කොට රැගෙන පැමිණි බවට බන්ධනාගාරය සාක්ෂි දරයි.  ඇයගේ ෂ්ණත්වය බලා එම කොමිසම හමුවට කැඳවා තිබී ඇත. එහෙත් දෙවැනි දිනයේ ට ඇය ප්‍රකාශය ලබා දීමට නැවත කොමිසම හමුවට පැමිණියේ ද පෙර  දින පැමිණි ස්ථානයේ සිටය. එම ස්ථානයේ විශේෂිත පුද්ගලයින් රඳවා තැබීමට වෙන්කරන ලද වෙනත් කිසිවකුගේ සම්බන්ධතාවයක් නොමැති කාමරයක් බව සක්සුදක්සේ පැහැදිලිය.

මෙහිදී  එම කාමරය තුලට යාමට හෝ ඇයගේ ඇය සමඟ කිසිදු සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට කිසිවකුටත් ඉඩ කඩක් නොමැති අතරම ඇයට කිසිදු වෙනත් පිටස්තර වාතාශ්‍රයක්  ලැබීමේ හැකියාවක් නොමැත. දෙවනි දිනට පැමිණ ඇය සාක්ෂි ලබාදීමේ දී එක්වරම ඇය කියා ඇත්තේ  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳව තමන් දන්නා සියල්ල හෙළි කිරීමට සූදානම් වෙමින් මෙය කිසියම් ප්‍රබල පුද්ගලයින් කීප දෙනෙකුගේ සම්බන්ධතාවයක් පිළිබඳව හෙළි වීමට යාමත් සමගම පාස්කු විමර්ශන කොමිසම අන්දමන්දව ඇත.

ඒ අවස්ථාවේදී කොමිසමේ සභාපතිවරයා එක්වරම කොමිසම නතර කොට නැවත දන්වන තුරු කොමිසම කල් තබා කල් දමා ඇත.

 මේ සිද්ධියෙන් ඇතිව තිබෙන්නේ සාක්ෂියේ ඉතාමත්ම වැදගත් 356  දෙනෙකු මියගිය එම මිලේච්ඡ ප්‍රහාරය කාගේ කුමන වුවමනාවක් මත සිදුවූවාද යන්න රටට හෙළි කර ගැනීම හිතාමතාම වළකාලීමයි. දැන් අපට ඇති ප්‍රශ්නය එය නොවේ  ඉන්න ඔබ්බට ගිය අප මේ පිළිබඳව දිගින් දිගටම තවත් විමර්ශනයක යෙදීමට කටයුතු කළෙමු.

එහිදී බැහැර කළ නොහැකි එක් සත්‍යක් නම් රාජපක්ෂලාට එරෙහි යමෙකු කුමන හෝ අන්දමක සාක්ෂිකරුවෙක් වන්නේ නම් ඔහුගේ සාක්ෂි කෙළවර වන්නේ ඔහුගේ මරණයත් සමගය. මේ සඳහා අතීතයේ නොකලයුතුය.

ශ්‍රිපති සුරිය ආරච්ච් නිහඩ කිරීම……

 එක් අවස්ථාවක දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට 2005 වසරේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීමේ තරඟයේ දී   එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ලබාදීම සඳහා එමිල් කාන්තන් අතට රුපියල් කෝටි ගණනක මුදලක් ප්‍රභාකරන් වෙත යැවීමට මහින්ද රාජපක්ෂගේ රජයේ දී  බැසිල් රාජපක්ෂ  රැගෙන ගොස් ලබා දුන් බවට එවකට එම කඳවුරේ ම සිටී ශ්‍රීපති සූරියආරච්චි විසින් හෙළි කිරීමත් සමගම ශ්‍රීපති සූරියාරච්චි ගේ ජිප් රථයේ දකුණුපස  tyre rod ගලවා දමා ඔහුව රිය අනතුරකින් පරලොව ඇරිය ගෝඨාභයලා . ඔහු අවසන් ගමන් ගියේ   සියලු හෙළිදරව් කිරීම්  වලට තිත තබාය.

 තවත් අවස්ථා ගණනාවක දීම පුවත්පත්කලාවේදීන් එක්නැලිගොඩ  සහ  වික්‍රමතුංග නිහඩ කලේ එවැනි ම සුවිශේෂ වූ කරුණු පදනම් කරගෙනය. එක්නැලිගොඩ,  හෙලිදරව්ව එක් පසෙකින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් වුවත් ලසන්ත වික්‍රමතුංගගේ හෙළිදරව්ව රටේ අහිංසක ජනතාවගේ මුදලින් මිග් ගනුදෙනුව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා ගත්තා යැයි කියන ලද ඇමරිකානු ඩොලර් බිලියන ගණනක මුදල පිලිබදව සාක්ෂි සහිතව හෙළිදරව්ව සමඟම සියල්ල නිමා වූයේ ලසන්තගේ මරණයත් සමඟය.

 එසේම ඉතාමත්ම ආසන්න දිනයක දී එනම් පසුගිය  20/10/2020 වන දින වෙඩි තබා ඝාතනය කරන ලද මාකදුරේ මදුෂ්  ගේ මරණය ද ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ගේ කුඩු ජාවාරම පිළිබඳව ගෝඩ් ෆාදස්ලා වු දුමින්දලා , ගේ නිමල් ලන්සලා ගේ පැටිකිරිය එලියට ඒමට තිබු ඉඩ ගෝඨාභය රාජපක්ෂ ගේ අනින් දේශ බන්දු නිහඩ කලේය.

මෙහිදී අප දැඩි අවධානය යොමු කර ඇත්තේ  ෆාතිමා සාදියා ට ද එවැනි තත්ත්වයක් වීමට ඉඩ ඇති බවයි හිටිහැටියේම කොරෝනාවක් යැයි කිම නිසාය.   එවැනි රෝගයක් පිළිබඳව මෙවැනි කොමිසමක් තුළ දී හෙළි වූයේ කෙසේ ද …….?පාතිමා සාදියා ගේ සාක්ෂියේදි හෙලිවීමට ගිය කරුණු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් සාලේට කලිසමේම මුත්‍රා පිටවෙනවා ඇත. 

එසේම ඇය  බෝ වන ආකාරයෙන් රඳවා තැබුවා නම් බන්ධනාගාර ජෙනරාල්වරයාගේ සිට ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාම වහාම සේවය අත්හිට විය යුතුය.මියගිය  356  ආසන්න අහිංසක පවුල් වලට යුක්තිය හෙළි කිරීමට සූදානම් වෙන කාන්තාවක් බව රටේ ජනතාවට අමතකව ඇත.ඒත් මෙහි පිටුපස සිටින්නේ ප්‍රබල දේශපාලකයින් බව අපි වගකීමෙන් සටහන් කර තබමු.

මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනෙන  සිද්ධීන් නම් දේශපාලකයින්ගේ යටි කූට්ටු අරමුණු වෙනුවෙන් අවස්ථා ගණනාවක   ශ්‍රි ලංකාවේ මේ ආකාරයටම  රට තුළ විවිධ ප්‍රහාරයන් මවා පා ඇති බව  අපගේ අධ්‍යයනයේ දී හෙළිවිය.

මළ මිනි උඩි පාලකයන් බිහිවීම…….

මීට හොඳම උදාහරණය එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ එක්වරම  LTTE  ප්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයක් සමග අතුරුදහන් විය .

 ශ්‍රී ලංකාව මවිතයට පත් කරමින් රත්වත්තේ සමග හෙලිකොප්ටරය  එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව බිම වැටී ඇත්දැයි මහජනයා තුල කතාබහක් ඇති විය. එහෙත් දැන් හෙළි වන්නේ ඒ සියල්ල රඟදැක්වූ නාටක බවයි එවකට ගුවන් හමුදාපති වශයෙන් හිටි වීරක්කොඩි විසින් ඉතාමත් සූක්ෂමව ආරක්ෂිත වව්නියාව ප්‍රදේශය භූමියකට හෙලිකොප්ටරය යානය ගොඩ බස්සවා හමුදාපතිවරයාගේ අනුදැනුම ඇතුව  නිලධාරීන් කණ්ඩායමක් සමග මඩ නාගෙන  කඳවුරක් අසලින් ආරක්ෂක අමාත්‍යවරයා එළිපහලියට පැමිණ  ජනතා ප්‍රසාදයට ලක් වූයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් එකිනෙක වැටී ගිය හමුදා කඳවුරුවල චිත්ත ධෛර්යය ගොඩනගා ගැනීමටත් ඒ වනවිට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකට එල්ල වූ ජනතා අප්‍රසාදය ඉවත්කර ගැනීමට සූදානම් කරන ලද එක්තරා හමුදා රංගනයකි .

ගෝඨා ගේ පිත්තල රංගනය……….

ඒ ආකාරයටම ලංකාවේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ප්‍රහාරයෙන් ජීවිතය අනූ නවයෙන් බේරුනා යැයි මහා පාරම්බෑ එවකට ආරක්ෂක ලේකම් වරයා වූ ගෝඨාභය රාජපක්ෂ පිත්තල හන්දිය බෝම්බයක් තැබුවේත් ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ බලකාය බව කරුණු අධ්‍යයනය කරමින් තොරතුරු හෙළිදරව් කර ගැනීමට සමත්වී ඇත.

 හමුදාවෙන්ම බෝම්බ  තබා ගෝඨාභයගේ වාහනේ එක් පැත්තකට පමණක් high චාජරය පුරුවා හැරීමට ක්‍රියා කළේ රට තුළ ජනතාවගේ ප්‍රසාදය සහ වීරත්වය  ගොඩනගා ගැනීමටත් ජනාධිපති වූ අයියා මල්ලිව බදාගෙන රටේ ජනතාවගේ ඇස් වලට සහෝදරත්වය කඳුළු එක් කිරීමට බව නොරහසකි . 

මේ ආකාරයටම තවත් රංගනයක් වූ පාස්කු ප්‍රහාරයෙ රංගනය ජනාධිපති පුටුව තෙක් ගමන් කළ බව අද අපි රටට නොබියව හෙළි කරන්නෙමු

එදා ඒ සියල්ල සිදුවූයේ මෛත්‍රිපාල ජනාධිපති වරයා රටේ ජනාධිපති වශයෙන් රනිල් වික්‍රමසිංහ නැමැති දෙතොල් රතු  අගමැතිවරයෙක් රට කරවීමේ විපාකය ගෙවීමට සිදුවූයේ සුවහසක් අහිංසක රට වැසියන්ටය. පාස්කු ප්‍රහාරය සිදු වූ අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා වූ මෛත්‍රිපාල සිරිසේන  රටේ  නොසිටි බවත්,ඒත් සිදු විමට පෙර සිටම සියල්ලම දැන සිට ඇති බවට අපි වගකීමෙන් හෙලි කරන්නෙමු.

 තවත් රංගනයක් එදා මෛත්‍රිපාල වෙනුවෙන් ගෙනහැර දක්වා තිබෙන බව අපට හෙළිවිය එනම් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහු ගමන් ගන්නා මාර්ගයේ ද බෝම්බයක් තබා බෝම්බයක් පුපුරවා හැර ඔහුට ද ඇති වූ ජනතා අප්‍රසාදය වෙනතකට යොමු කරමින් ජනාධිපතිවරයා ද මරා දැමීමට තව්පික් ජමාත් සංවිධානය සූදානම් වූ බවට ප්‍රචාරයක් කොට ඔහුට ජනතා ප්‍රසාදය ලබා ගැනීමයි.

 මේ සංවිධාන කර තිබී ඇත්තේ එවකට ගුවන් හමුදාපති වූ  විසින් බව මේ වන විට තොරතුරු ලැබී ඇත .පසුව මෛත්‍රිපාල සිරිසේනගේ   සිංගප්පූරු සවාරියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි වහාම මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු  එකින් එක පෙළ ගැසී ඇත මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවේ මෛත්‍රිපාලගේ හමුදා සහ ආරක්ෂක කටයුතු ප්‍රධාන උපදේශකයා වශයෙන් ක්‍රියා කොට ඇත්තේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවත් එවකට ගෝඨාභය රාජපක්ෂගේ තෛෂීන් යුද හමුදාවේ බොහෝ පිරිසක් මෛත්‍රිපාලගේ ආශිර්වාදයෙන් රටේ ප්‍රධානතම මර්මස්ථාන වලට දමා ගෝඨාභයට අවශ්‍ය වටපිටාව සකස් කොට ඇත,.  ප්‍රහාරය සිදු වන විට පැවති යහපාලන ආණ්ඩු සමයේ දී වර්තමාන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් සලේ පුහුණුවක් සඳහා ගොස් සිට ඇත්තේ මැලේසියාවට.

එහිදී ඔහු පුහුණුව ලබන අතරවාරයේදී විශේෂ  සඳහා ඔහු තවත් පුහුණුවකට  පිටව ගොස් ඇත්තේ ඉන්දියාවටය ඉන්දියාව කල්කටා bangalore ප්‍රදේශවල සිට ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇත මෙහිදී ඔහු කුමන පාඨමාලාවක් කුමන  ලැබුවා දැයි යන්න මේ වනතෙක් හෙළිවී නැත .එහෙත් රජයට ද ඔහු ලැබූ පුහුණුවක් හෝ ඔහු ලැබූ පාඨමාලාව පිළිබඳව කිසිදු වාර්තාවක් ලබා දී නොමැත .

පාස්කු ප්‍රහාරයට  ඉහළම පුද්ගලයන් ගේ සම්බන්ධතාවය හෙලිකිරීම……..

විශේෂයෙන්ම මෙම පාස්කු ප්‍රහාරයට බොහෝ සෙයින් රාජ්‍ය බුද්ධි අංශ සමීප සම්බන්ධතාවයක් තිබූ බවට මේ වන විට ඉතාම රහසිගත තොරතුරු ලැබෙමින් පවතී. මෙම තොරතුරු ප්‍රථම වතාවට හෙළි වූයේ අප මුලින් හෙළිකළ සහරාන් හෂීම්ගේ බිරිඳ වූ ෆාතිමා සාදියා විසිනි පාතිමා සාදියා  අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට ප්‍රකාශයක් කරමින් පසුගියදා ඇය කියා සිටියේ මේ පිළිබඳව  ඉහළ පුද්ගලයින්ගේ සම්බන්ධතාවයක් තිබෙන බව හෙලිවීමත් සමගම කොමිසමේ සභාපති ඇතුළු සියල්ලටම උන්හිටි තැන් අමතක විය.

ඒත් සමගම සභාපතිවරයා වූ වහාම කොමිසම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත. සභාපති විනිශ්චකාර වරයෙක් වන අභියාචනාධිකරණයේ ඉතාමත්ම බුද්ධිමත් සහ නමක් ඇති  බව අපේ සොයා බැලීමේදී හෙළි විය. ඒ නිසා හුදෙක් අපේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාවාදී පුවත්පතක් වශයෙන් අප ඉල්ලා සිටින්නේ  මේ වන තුරු රාජපක්ෂලා  සිදුකර ඇත්තේ අයුක්තියට පණ දීමටත්, යුක්තිය මරා දැමීමටත් ,ඉතාම සාර්ථක ලෙස කටයුතු කර ඇත්නම් ඒ ගෝඨාභය රාජපක්ෂ බවට විවාදයක් නැත.

ෆාතිමා සාදියා කොරෝනාවට බිලි දීම…….

ලංකා දේශපාලනයේ ඉතාමත්ම  අප්‍රසන්න තම කාල  පරිච්ඡේදයක් ගෙවා ඇති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපති වරයා ශ්‍රී ලංකාවේ මේ සිදුකර ඇති අතිමහත් විනාශය පිළිබඳව සත්‍ය තොරතුරු ගවේෂණාත්මකව අපි දිගින් දිගටම සොයා බලන බව ජනතාවට අපි  මතක්කරන්නෙමු .

එසේම මෙම සහරාන් හෂීම්ගේ බිරිඳ වූ ෆාතිමා සාදියා  රඳවා ඇත්තේ තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේය. එක්වරම ඇයව රැගෙන යන්නේ ලංකා යුද හමුදාවෙන් පාලනය වන වැලිකන්ද ප්‍රදේශයේ තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයකට ය.

එම මධ්‍යස්ථානයට රැගෙන යන ඇය එහි විශේෂ කාමරයකට යොමුකර තිබෙන බවත් ඇය  වන විට කිසිදු රෝගී ලක්ෂණයක් පෙන්නුම් නොකර සිටින අතරම ඇයව පරීක්ෂා කිරීමට කිසිම වෛද්‍ය වරයෙකු ද යොදවා නොමැති බව ද අපි ඉතා වගකීමෙන් සටහන් කරන්නේ මු .

ඇය හදිසියේම නිව්මෝනියාව හෝ හෘදයාබාධයකින් මිය යාම……..

ජනතාවට  කියා සිටින්නේ රාජපක්ෂලා යුක්තිය මරා දැමීමටත් උපන් හපන්නු නිසා සමස්ත ජාතියේම අවධානය මෙම  සත්‍ය හෙළිකර ගැනීමට  යොමු කිරීම සෑම මනුෂ්‍යයකුගේම යුතුකමකි.  අපට ඇති ප්‍රශ්නය  ඇයට මේවනවිට කොරෝනා රෝගය වැළඳී  ඇති බව කීම අමුලික බොරුවකි.  එසේ නම් ඇය හදිසියේම නිව්මෝනියාව හෝ හෘදයාබාධයකින් මිය යාමට ඉඩ ඇතැයි යන සැකයක් අප තුළ ජනිත වන්නේ  රාජපක්ෂලාගේ සලේලා  සතුව polonium නැමැති රසායන ද්‍රව්‍ය පවා ඇතැයි යන්න පිළිබඳව තොරතුරු ලැබෙන නිසාය.

මෙම ප්‍රහාරය පිළිබඳව බොහෝ අවස්ථාවලදී රටේ ජනතාවට සලේ පිළිබඳව චකිතයක් සැකයක් දිගින් දිගටම උපදිමින් ඇති හෙයින් අපි මේ පිළිබඳ ගවේෂණාත්මක විමර්ශනයකට ඉදිරියේදී පෙළගස්වන අතර මෙම ලිපියේ තව කොටසක් සලේ ගේ පැටිකිරිය සහ සලේ ගේ ආගමනය   ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නෙමු .

මේ නිසා ශ්‍රී ලාංකීය මානව හිමිකම් සංවිධාන සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද  මේ පිළිබඳව දැනුවත් කිරීමට  අපි පුවත් පතකින් ඔබ්බට ගිය  සමාජ මෙහෙවරක් වශයෙන් කටයුතු කර ඇති බව ද,  රටේ ජනතාව වෙනුවෙන් සටන් කිරීමට කැමැත්තෙමු.

විශේෂ විමර්ෂකයෙක් ලියයි 025


Spread the love

Leave a Comment

You may also like