උණුසුම් පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, දේශපාලන ගැට සහ නීතිය ගණිකා වෘත්තියේ යෙදවීම……!!

Spread the love

ශ්‍රි ලංකාවේ සිටින ඉතාම දක්ෂ කීර්තිමත් නිතිඥවරයෙක් ලියයි…..

මා කුඩා කල පියා සමග කොළඹ ආ දිනෙක ඔහුගේ නීතීඥ මිතුරෙක් හමුවීමට ගියේය. එවිට එම අධිකරණ ගොඩනැගිලවල  විශාල කුලුණු දුටු මම පුදුම විය. කාලයාගේ ඇවැමෙන් පොලිස් සේවයට බැදුනු මම දිනක් අධිකරණය කටයුත්තකට ජේෂ්ඨ  නිලධාරියෙක් සමග පැමිණි විට ඔහු සමග ගොඩනැගිලි වල ප්‍රතාපවත් බව ගැන කතා කලේය.

ඔහු මට කිව් දෙයින් මා පුදුම විය. ” අජිත් මිනිස්සු නීතියට වත් නඩුකාරවරයාට වත් බය නෑ මොකද ඌට ඔය දෙකම තේරෙන්නේ නෑ හැබැයි මේ බිල්ඩින් ටික දැක්කාම ඌට  මරණ භය ඇති වෙනවා.” ඒක නම් ඇත්ත ලෝකයේ කොහෙත් අධිකරණ ගොඩනැගිලි මහා විශාලය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 19 ව්‍යවස්ථාව අනුව ජාතික භාෂා සිංහල සහ දෙමළ වන අතර 18 අනුව රාජ්‍ය භාෂාව සිංහලයි.
ඒ වාගේම සෑම පනතකම අවසානයේදී සදහන් වන්නේ සිංහල දෙමළ භාෂා අනනුකූල තාවයකදී සිංහල භාෂා පාඨය බලපැවැත්වුණු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සියලුම ඉහල අධිකරණ තම තීන්දුව ලබාදෙන්නේ ඉංග්‍රීසියෙනි. නීති කෙටුම්පත් කරන්නේ ද ඉංග්‍රීසියෙනි.ඉන්පසුව ඒවා සිංහල සහ දෙමළට පරිවර්තනය වේ. මෙවැනි අවස්ථා වලදී වැරදුණු තැන් ඇත.
අධිකරණය රටේ ජනතාවට යුක්තිය ඉටුකරන්න බලාපොරොත්තු වන්නේ නම් කල යුතු වන්නේ 19 හෝ 20 වෙනි සංශෝධනය වැනි ඒවායේ අධිකරණ තීදුවේ සිංහල පරිවර්තනයක් ඒවා සම්මත වීමට පෙර ජනගත කිරීමය. රටේ කටයුතු ගැන උනන්දුවන හැම පුද්ගලයන්ටම ඉංග්‍රීසි තේරුම්ගන්න අමාරුයි විශේෂයෙන්ම අධිකරණ තීන්දු සහ පනත්.  සියලුම විනිසුරුවන්ගේ පඩි සහ වියදම් දරන්නේ රටේ ජනතාවයි. කොළඹ ඉංග්‍රීසි උගත් උන් පමණක් නොව රටේ සියලුම දෙනා මේ වියදම් වල කොටස්කරුවන්ය.
3 වන ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටයි. ජනතාවට නොදී හොරෙන් රනිල්ට, මහින්දට හෝ ගෝඨාට තීන්දුව දෙන්න ව්‍යවස්ථාවේ කුමක් සදහන් වුවද  අධිකරණයට සදාචාරාත්මක අයිතියක් නැත. අධිකරණය මෙහෙය වන්නේ උගත් බුද්ධිමත් විනිශ්චයකාරවරුන්ය. ඔවුන් මේවා තේරුම්ගත යුතුය.
එම නිසා අපි ඉහළ අධිකරණ වල සිටිනහෘද සාක්ෂියක්  ඇති විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් ජනතාවට යුක්තිය සහ ජනතාවගේ අයිතිය රැකගැනීමට කටයුතු කරන්න.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කරන්න. ජනතාවට තේරුම්ගන්න පුලුවන් භාෂාවෙන් සංවේදී නඩු තීදුවත් සමාජගත කරන්න.
20 තීන්දුව ලියලා සතියක් කථානායක ඒක තියාගෙන වාඩිවෙලා සිටියේය. එහි කැමරා කොපියක් සමාජ ගත විය. අඩුම ගානේ අධිකරණයේ රහස්‍යභාවය වත් ආරක්ෂා කර ගැනීමට අධිකරණය  අසමත්වීම ගැන ලැජ්ජා වියයුතුය.
ඒ අනුව අපේ අදහස වන්නේ රටේ ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගැනීමට අධිකරණය මීට වඩා සක්‍රියව කටයුතු කල යුතු බවයි.

Spread the love

Leave a Comment

You may also like